෴ ඇනුනා යකෝ.. උඹේ...*$#&!$%$ ෴




ඌයි....*#@&*%#$*

ඇයි මොකද වුනේ මචං.....

ඇනුනා ඇහේ බං....රිදෙනවා යකෝ....

අප්පා රතු වෙලා කඳුළුත් එනවා නේද.....

ඔව් යකෝ රිදෙනවා ඉන්න බෑ....

මොකක්ද ඇණුනේ....?

ඇනුනෙද...? ඇනුනේ උඹේ කෙස් ගහක්....

මොකක්? මගේ කෙස් ගහක්?

ඔව් යකෝ.....තෝ මොනාද ඔළුවේ උලපු ලාටූ?



.

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :






"මහත්වරුන්"






1.යන්ත්‍රය අසල වාහනය නවත්වන්න.
2. වාහනයේ විදුරුව පහත් කරන්න.
3. ඔබේ කාඩ්පත් ඇතුල් කර, රහස් අංකය ලබාදෙන්න.
4. අවශ්‍ය මුදල් ප්‍රමාණය සඳහන් කර මුදල් ලබාගන්න.
5. ඔබේ කාඩ්පත හා රිසීට් පත ලබාගන්න.
6. වාහනයේ වීදුරුව ඔසවන්න.
7. ස්තූතියි...ඔබට පිටත්විය හැක..



"නෝනාවරුන්...."



1. යන්ත්‍රය වෙත වාහනය පදවන්න
2. සුක්කානම අසල දොරේ වීදුරුව යන්ත්‍රයට ලඟාවන සේ වාහනය ඉදිරියට හෝ පසුපසට ගන්න.
3. "හෑන්ඩ් බ්‍රේක්" ඇද, වීදුරුව පහත දමන්න.
4. ඔබේ අත් බෑගය ගෙන එහි ඇති සියල්ල ඉදිරිපස අනෙත් අසුනට දමා කාඩ් පත සොයගන්න.
5. දුරකතන ඇමතුමට,මදක් රැදී සිටින ලෙස දන්වා පසෙකින් තබන්න.
6. කාඩ් පත යන්ත්‍රය වෙත යොමු කිරීමට උත්සාහ කරන්න.
7. වාහනය යන්ත්‍රයට වඩා දුර බැවින්, ඔබේ පහසුව සඳහා වාහනයේ දොර විවෘත කරන්න.
8. ඔබේ කාඩ් පත ඇතුල් කරන්න.
9. නැවත වරක් කාඩ් පතේ නිවැරදි පැත්ත ඇතුල් කරන්න.
10. ඔබේ අත් බෑගය ගෙන, දින පොතේ අවසාන පිටුවේ ඇති රහස් අංකය සොයාගන්න.
11. ඔබේ රහස් අංකය ඇතුල් කරන්න.
12. "CANCEL" බොත්තම ඔබා නැවත රහස් අංකය ඇතුලත් කරන්න.
13. අවශ්‍ය මුදල් ප්‍රමාණය සඳහන් කරන්න.
14. පසු පස බලන වීදුරුවෙන් ඔබේ රුව බලන්න.
15. මුදල් හා රිසීට් පත ලබාගන්න.
16. අත් බෑගය නැවත හිස් කොට මුදල් පසුම්බිය ගෙන ලබාගත් මුදල් එහි තැන්පත් කරන්න.
17. ලබාගත් මුදල දිනපොතේ සටහන් කොට, රිසීට් පත දිනපොතේ කවරයට ඔබන්න.
18. නැවතත් කන්නාඩියෙන් ඔබේ රුව බලන්න.
19. වාහනය අඩි දෙකක් ඉදිරියට ගන්න.
20. නැවතත් යන්ත්‍රය වෙත රිවර්ස් කරන්න.
21. ඔබේ කාඩ් පත ලබාගන්න
22. නැවතත් අත් බෑගය ඉවත්කොට කාඩ් රඳවනය ගෙන නිවැරදි ස්ථානයේ එය රඳවන්න.
23. පසු පස වාහනයේ ගනුදෙනු කරු වෙත රුදුරු බැල්මක් හෙලන්න.
24. නැවත වාහනය පනගන්වා පිටත්වන්න.
25. දුරකතන ඇමතුම ගත් තැනත්තා නැවත අමතන්න.
26. සැතපුම් 2-3 වාහනය පැදයන්න.
27. "හෑන්ඩ් බ්‍රේක්" ලිවරය පහත දමන්න.


කොහොමද වැඩේ...?
හික් හික්....


ප.ලි. :

මේක මට ලැබූණු මේල් එකක්.... කියවපුවහම හිතුනා කෂ්ටියත් එක්ක බෙදා හදාගන්න... මොනාවුනත් ඇත්ත කතාව හැබැයි...
මොකද ඔය කාන්තා පාර්ශවය වැඩක් කොරන්න ගියහම හත්පොලේ ගාගෙන තව නාත් ගන්නවනේ.... මෙහෙම කිව්වා කියලා සමස්ත ලෝකවාසී මහීලා සංගමයන් ඔක්කෝම එකතු වෙලා හසියට නෙලයිද දන්නේ නෑ.... හැබැයි ඕන් එහෙම නැති අයත් ඉන්නවා ඕනිතරම්... හික් හික්...


මේ දවස්වල පොඩ්ඩක් ඉන්ටු පෝඩ්ඩක් ප්ලස් තව ගොඩක් බීසී වෙලා ඉන්නේ...
(සූත්‍රය තේරුණේ නැතිනම් අහන්න එපා... දන්නෝ දනිති...
)
අපි නැතිව පාළුයි කිය කියා ඉන්න හන්දා ඔන්න ආවා මේ පැත්තේ පොඩි රවුමක් දාලා යන්න.....


අපි එහෙනම් වාෂ්ප වෙනවා......


ඒසවඃ පුඃ



.

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :




හෆ්ෆේ කෂ්ටියව දැක්ක කල්.....ඉතිං ඉතිං කෝමද කෂ්ටියට?

අපි ඉතිං පොඩ්ඩක් විවේක සුවය විදිමින්නේ ඉන්නේ මේ දවස්වල..... විවේක සුවය විදිනවද නැතිනම් කම්මැලිකමද කියන්න දන්නෝ දනිති. මේ වෙනකොට කෂ්ටියගේ බ්ලොග් කෙරුවාව නැගලා යනවා වගේ.අළුත් මුහුණු ගොඩක් එකතුවෙලා තියෙනවා.සංතෝසයි. අපි ඒකනේ පැත්තකට වෙලා වෙන දෙයක් කාලා දෙනදෙයක් බලාගෙන ඉන්නේ අළුත් අයට ඉඩදීලා. ඒ වගේම දැන් සයිබරෙත් අළුත් අළුත් ගැජමැටික්ස් ලොට් එකක් තියෙනවා. බස් රේඩියෝව තමා ඉතිං සුපිරි. "බස් රේඩියෝව" ගැන ඉතිං නොදන්න කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්නකෝ..... බස් රේඩියෝ අහනගමන් බස් පදින එකේ තියෙන්නේ අමුතුම ආතල් එකක්. ඒකත් ඉතිං දන්නෝ දනිති..... අදත් පුරා‍‍ජේරුව මදෑ නේද.........


දැන් ඒනටර් වෙමුකෝ මාතෘකාවට....

මොකක්ද මේ "අවුරුද්දයි... මාසයයි... දවසයි....." කියලා කිව්වේ...? කවුදෑ දන්නේ... තවත් නාඩගමක් වෙන්ටෑ.... නෑ නෑ එහෙම දෙයක් නෙවේ ඕන්.....

හසියා හසියගේ බ්ලොග් කෙරුවාව පට්ටාන් අරන් අද වෙනකොට (19/07/2011) හරියටම අවුරුද්දයි මාසයයි දවසක් වෙනවා..... ඒ කිව්වේ මේක හරියටම පට්ටාන් ගත්තේ දෙදහස් දහයක් වූ ජූනි මස දහ අටවැනිදා නෙවැ. අවුරුද්ද පිරුණ දවසේ අදාල පාර්ශවයන් කොහේදෝ ගිහින් උන්නු නිසා පෝස්ටුවක් ලියන්නත් දාන්නත් බැරිවුනා. ඇත්තටම ගොඩක් සතුටුයි අවුරුද්දයි මාසයයි දවසකුයි මේ සයිබරේ පය ගහලා ඉන්න පුළුහන් වුනාට.ඉදිරියටත් බලමු. ලියන්න කියන්න දේවල්නම් ගොඩක් තියෙනවා.ඒත්... කම්මැලිකම තමයි හසියට ගහලා තියෙන හෙනේ.

ඉතිං ඒ කාලේ ඉඳන් හසියට උදව් කරපු හැමෝමව ආදරය පිරි කරුණාවෙන් සහ දයාවෙන් මතක් කරනවා.ගොඩාක් ස්තූතියි. ඔය කෂ්ටිය නිසා තමයි හසියා මෙහෙම හරි පෝස්ට් එකක් දැම්මේ. (අදාලා පාර්ශවයේ බල කිරීම එහෙම නෙවේ ඕන්.....) ඒ වගේම කමෙන්ට් කරපු හරි-වැරදි කීව්ව හසියාගේ නවාතැන සමග හිටපු ඔය හැමෝටම ගොඩාක් ස්තූතියි ඒ වගේම ගොඩාක් පිං. ඉස්සර වගේ බ්ලොග්කරණයට නැවතත් එන්න ට්‍රයි එකක් දෙන්නම්කෝ.(එහෙම හරි කියලා ජාමේ බේරාගන්න එපායෑ.....) ඒ වගේම බ්ලොග් කෙරුවාව නිසා මට ලැබුණු මගේ ආදරණිය "හා පැටික්කිවත්" මං ආදරෙන් සාදරෙන් මතක් කරනවා. ඇයගේ දිරිමත්කිරීමත් ආදරයත් කරුණාවත් නොවෙන්නට අද මේ වෙනකොට හසියා ජීවතුන් අතර නොමැති වෙන්නටත් ඉඩ තිබුණා. (අපරාදේ දාන කියලම කීයක්ද නේද....)

ඉතිං හැමෝටම ගොඩාක් ස්තූතියි ගොඩාක් පිං හසියා එක්ක හසියාගේ නවාතැන සමග රැදිලා ඉන්නවට.... ඉදිරියටත් එහෙමයි කියලා හසියා දන්නවා.

ඔන්න ඉතිං හසියා කේක් දෙන්න යන්නේ කෂ්ටියට. පොරකන්නේ නැතිව කේක් ගෙඩිය ගානේ කන්න.අහ්...මෙන්න අද සීනී තේ පොල්කිරි පදමට දාලා හදපු උණු උණු කිරි එකක් හසියා ගානේ... (හසියා මිරිස් දාලා හදපු තේ බීපු අයත් ඇතිනේ.....) එහෙනම් කට්ටියම පිළිවෙලට කාලා බීලා යන්න... ආයේ එන්න හොදේ....
මෙන්න කේක්... සමඟ සීනී තේ පොල්කිරි පදමට දමා සෑදූ උණු උණු කිරි.........




අපි එහෙනම් වාෂ්ප වෙනවා....

ඒසවඃ පුඃ



ප.ලි.


හත්තිලව්වේ මට මං පෝස්ට් ලියපු විදිහත් අමතක වෙලානෙවැ......







.

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

෴ බාකින් නිව්ස්.... ෴




සිදුවු ප්‍රමාද දෝෂයක් නිසා මෙය නැවත විකාශය වන බව කරුණාවට බර දයාවෙන් සලකන්න....

ඔබ මේ එක්වී සිටින්නේ පචවාහිනී ගෙනෙන පචස් බාකින් නිව්ස් සමගයි....

මෙන්න සිරස්තල.....

බ්ලොග් අවකාශයේ පජාත මඩයා යහමගට.....
හසියා මාස ගණනකට පසු නැවතත් කරළියට....
හාවි බීසී විත් රන්දුනා මැහුම් ගෙතුම්....
පූෂා නැවත බස් නොනගීද.....
මාරයා මෙවර ඇනගනී....


පළමු පුවත ඔබ වෙත ගෙන එන්නේ සුදු හංසී ජය (අව)මංගල සේවය විසිනි.......

කවුරුත් දන්නවනේ ඉතිං මඩයා කියපුවහම.ඔව් අපි මේ කියන්න යන්නේ ඒ පජාත මඩයා ගැන තමයි.එතුමා යහමගට පැමිණි බවත් නැවතත් පෙර කල කුප්ප වැඩවල නොයෙදෙන බවත් පසුගිය දවසක හදිස්සියේම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වල කිව්වා.මේ වන විට තමා වගේ සිය දහස් ගනනක් කුප්පයෝ බිහිකර ඇති බැවින් දැන් දුකක් නැතිව හිතේ සතුටෙන් එතුමාට තමාගේ කුප්පකමින් ඈත් වීමට හැකිබවද ප්‍රකාශ කරසිටියා.සුරා සූදුවෙන් තොර වීමටත් ඉදහිට කෝප්පයක් දෙකක් නවන අහිංසකයෙකු බවට පත්වෙන බවටත් මෙතුමා තරයේ ප්‍රකාශ කලා.කොහොමවුනත් සුදු හංසි ජය (අව)මංගල සේවය පැවසුවේ මෙතුමාගේ මේ කුප්ප වෙනස්වීම දෙවැනි පාර්ශවයකින් හදවතට එල්ලවූ හැකර් ප්‍රහාරයක බලපෑමක් නිසාවෙන් සිදුවූ බවයි.ඒ පිළිබදව වැඩිදුර තොරතුරු අපගේ මීළග පුවත් ප්‍රකාශයෙන් බලා පොරොත්තු වන්න......

බ්ලොග් අවකාශය අමන්දානන්දයට පත්කල අපේ මේ හසියා නැවතත් හසියාගේ නවාතැනේ වැඩ ඇරඹීමට සුදානම් වෙන බව අද උදේ එහි තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියා.2011 පෙබරවාරි 14 වෙනි දින "෴ ඇයි මට ආදරේ කරන්නේ....? ෴" නැමැති කුජීත පෝස්ටුවකින් පසු හසියා එතුමාගේ හසියාගේ නවාතැනේ වැඩ නවතාදමා තිබුණා.වැඩ අධික වීම සහ එක්සෑම් වැනි මල ඉලව් කෝන්තර නිසා හසියාගේ නවාතැන තාවකාලිකව අතහැර දැමීමට සිදුවු බව තමයි එතුමා පැවසුවේ.හසියාගේ නවාතැනේ නැවත වැඩ ඇරඹීම පිටුපස දෙවන පාර්ශවයක බලපෑමක් තිබේදැයි අප මාධ්‍යවේදියෙකූ ඇසු පැනයට එතුමා පැවසුවේ එවැන්නක් නිසා නැවත හසියාගේ නවාතැන ආරම්භ නොකල බවත් ඉදිරියටත් හැකි පමණින් හසියාගේ නවාතැනේ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනබවත් දන්වා සිටියේය.


"සැමියා බිරිදගේ දෙවියා" ලූ...එහෙම කියන්නේ අපේ මේ රන්දුනා.ඉතිං මේ රන්දුනා දැන් මොනවද කරන්නේ...ඔව් මේ වන විට රන්දුනා හා හාපුරා කියලා අළුත් වැඩකට අතගහලා.ඇය මේ වනවි‍ට සියළුම වැඩ අතහැර මැහුම් ගෙතුම් පාඨමාලවක් ආරම්භකරලාලු‍‍.ඉතිං ඇයගේ ප්‍රථම ශිෂ්‍යාව වීමේ අගනා වරම ලබාගෙන ඇත්තේ අපේ මේ හා පැටික්කී‍.රන්දුනාගේ මැහුම් ගෙතුම් වලට හාවිගේ හිත ඇදීයාම කොච්චරද කියනවනම් තමන්ගේ ආදරණිය හාවාද අමතක කර එතුමාටත් හොරෙන් මැහුම් ගෙතුම් වැඩ වල යෙදෙන බව තමයි වාර්ථා වෙන්නේ.තමාගේ ආදරණිය හාවාව පුදුමයටත් ප්‍රීතියටත් උද්දාමයටත් පත්කිරීමට මෙවන් හොර වැඩ වල යෙදෙන බවත් ඇයගේ මේ වැඩපිළිවෙලට "හාවීස් හොර වර්ක්ස්" නමින් නම්කර ඇති අතර සියළුම පෙම්වතියන්ට රන්දුනාගේ මෙම පාඨමාලාව හැදෑරිය යුතු බවත් තරයේ ප්‍රකාශ කර සිටියාය.තවදුරටත් හාවි අප සමග පවසා සිටියේ මෙම පාඨමාලාව ඔන්ලයින් පැවැත්වෙන අතර කාල සීමාවක්, වේලාවක් කලාවක්, වයස්‍ භේදයක් නොමැති අතර සහභාගීවීමට කැමති අයෙකු සිටීනම් දැන්ම රන්දුනා මැහුම් ගෙතුම් අමතන ලෙසය....


දැන් මද විරාමයක්.....

ඔබගේ හක්කේ දත් සෙලවේද? සෙලවුනත් නැතත් ගලවා ගන්නම ඕනි නම් දැන්ම අමතන්න අබේපාල ටූත් ඉන්ජිනේරිංස්. වසර ගනනාවක පලපුරුද්ද සමගින් අගනා සේවයක් දැන්ම අ‍බේපාල අමතන්න....."දත් කිව්වොත් වෙන දෙයක් නෑ...."

නැවතත් ඔබ පචස් නිව්ස් සමගින්....

මෙන්න දැන් ලැබුණු විශේෂ උණුසුම් පුවතක්......

රන්දුනා විලීට ආදරය කරන බවත් විලීට ඔහු‍ගේ වෙඩිමට දුක්බර ෂුබාශිංෂන එකතුකරන බවත් එතුමිය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.ඇය තවදුරටත් පවසා සිටියේ වසර ගණනක සිටන් ඔහුව පැතූමුත් ඇහැක් ඇර ඔහු මා දෙස නෙබැලූ බවයි.
මේ පිළිබද ලද සැනින් එසැනින් ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙන්නෙමු......කෙසේ නමුත් විලීගේ පෙර පිනක් පළදීඇති බව අපිටනම් හොදාකාරවම පැහැදිලිය.....

එම උණුසුම් පුවත ඔබ වෙත ගෙන ආවේ නලී නිලි වෙතිනි. ඔබේ ඕනෑම උත්සව අවස්ථාවකට නිළියක් ගෙන්වාගැනීමට දැන්ම අමතන්න නලී නිලි. සෑම නිලියක්ම මගේ අක්කියක්ය...

තමාගේ පජාත බස් පැදීමේ පුරුද්ද නිසා එක්සෑම් අනාගත් බව අඩමින් පැවසූ සූදු පූසා නොහොත් හොර කළු පූස් තඩියා කියා සිටියේ නැවත බස් පැත්ත පළාතේ නොඑන බවයි.එහි සිටිනා කුප්ප රෑන තමාගේ අනාගත අධ්‍යාපනයද නැති නාස්ති කරන්නට මාන බලං සිටින බවත් මෙතෙක් කලක් බස් වල නැගීමෙන් ඇල්ලූ එක කොස් ඇට මීයෙක්වත් නැතිබවත් එතුමා අප සමගින් පැවසීය.බවලත් කලකීරීමෙන් අප ඇමතු එතුමා නැවත බස් නොනගිනු ඇත‍‍...නමුත් අපිට ඔබ කෙසේ අමතක වෙම්ද.....

ප්‍රධාන පෙලේ ෆොටෝකාරයෙකුවන ඉන්දරනාම මල්ටිපල් ෆොටෝග්‍රැෆි ටැක්නික් අත්හදා බලමින් සිටින බව පසුගියදා අප වෙත ආරංචි වුනා.ඉතිං අපි ගියා මේ කතාව ඇත්තද කියලා හොයලා බලන්න.ටැස්ටිං ලෙස සිදුකල එතුමාගේ ප්‍රථම මල්ටිපල් ෆෙටෝග්‍රැෆිය අති සාර්තක වූ බව මහත් ආඩම්බරයෙන් අප සමගින් කියා සිටියේය.ඔහුට තව තවත් මෙවන් හපන්කම් කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.....

දැන් නැවතත් මද විරාමයක්....

ඔබටත් හැමදාම එකම බුල්ටෝ කලා එපා වෙලාද....? එහෙනම් දැන්ම ශාමි බුල්ටෝවක රස බලන්න.අනුකරණවලට නොරැවටෙන්න. ශාමි බුල්ටෝ කියලා නමින්ම ඉල්ලන්න."කන්නෝ රස හඳුනන්නෝ...කෑවොත් දත් හැලෙන්නෝ...."

ඔබ නැවතත් පචස් නිව්ස් සමගින්....

දැන් අපි අහන්න යන්නේ අවාසනාවට ඇත්ත කතාවක් විශේෂාංගයයි....අද කතාව සිදුවෙන්නේ යක්කල පැත්තේ ඉන්න අපේ මේ මාරයට...

කාගෙත් කතා බහට ලක්වන චරිතයක් තමයි අපේ මේ මාරයා.ඒත් මේ දිනවල ‍එතුමා සානුකම්පිතව ඇලවී මැලවී සිටින බව තමයි වාර්ථාවෙන්නේ....අපි මේ ගැන පොඩ්ඩක් හොයලා බැලුවා.ඈලී මෑලි වී දුබල ගතියෙන් පෙළීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ එතුමා පසුගිය දවසක තෙමි තෙමි ගිය දැරිවියකට කුඩේ අල්ලන්න ගොසින් දැරිවිගෙන් අම්බානක අසාගැනීමයි.සිද්ධිය සැකෙවින් මෙසේය....
මාරයා කියන්නේ අපි කවුරුත් දන්න බුවෙක්නේ.තෙමි තෙමි යන ගැටිච්චියන්ට කුඩේ ඇල්ලීම තමා විනෝදාංශේ.ඉතිං මේ පහුගිය දවසක ගෙදරට වෙලා වැස්සේ එළිය බල බලා ඉන්නකොට මාරයා දැක්කලු ගැටිච්චියක් තෙමි තෙමි ඉන්නවා.ඉතිං අර දෙයියන්ගේ පාණ්ඩුකම්බලස් සෛලාසොනේ රත්වෙනවා වගේ මාරයාගේ හදවත උණුවී කඩා‍වැටෙන්න පටන් අරන්.ඉතිං හනිකට ගෙතුලට දිවූ මාරයා තමාගේ අවිය නොහොත් කුඩය රැගෙන මහා වැස්සේ තෙමි තෙමී අර ගැටිච්චි හිටපු පැත්තට දිව්වලු.ඉතිං දුවලා ගිහින් අර තෙමි තෙමි උන්න අර ‍ගැටිච්චිට මාරයා කුඩේ අල්ලලා.ඒ දැරිවි මාරයගෙන් අහල මේ මොකද මේ කුඩේ මට අල්ලන්නේ කියලා‍.මාරයා එතකොට පපුව ඉදිරයට දාගෙන කට ඇරලා කිව්වලු "මං මේ නඟා තෙමෙන හන්දා කුඩේ අල්ලන්න ආවේ.එන්න නගෝ මං ගිහින් දාන්නම්කෝ" කියලා‍‍‍.
"ඈ මාමේ පේන්නේ නැද්ද මං නානවා...ඔය කුඩේ අහකට ගන්නවා මට නාගන්න.ක්ලාස් ඇරිලා එද්දි තෙමුණ නිසා ඒ ගමන්ම නාන්න හැදුවා.කොහෙද කෙල්ලෙක්ට නිවී සැනසිල්ලේ ‍නාගන්නවත් දෙන්නේ නැති හැටි.හොද හිතින් යනවද නැද්ද...ආවා මෙතන කුඩේ අල්ලන්න..." මාරයාගේ මේ කුඩ ඇල්ලීමෙන් ඒ මොහොතේ කුලප්පු වූ ඒ කෙලිපොඩ්ඩ මාරයට දිගට හරහට බැනවදින්නට විය.තමන් විහින් චා වුන බව දැනගෙන හෙමින් තමන්ගේ ගෙදරට ගොඩවැදුනේ "අපි ගහකට නැග්ගොත් ඒකෙත් ගෙම්බෙක්" කියමින්ය‍‍‍...

ඔන්න ඕකයි සිද්ධවුනේ.ඔන්න ඉතිං තරුණ ගැටිච්චියෝ තෙමි තෙමි යනකොට කුඩේ අල්ලන්න යනවනම් දෙවරක් නෙවේ තෙවරක් හිතලා බලලා යන්න....

ඒ සමගින් අපි අදට ඔබෙන් සමුගන්නවා....නැවතත් මේ වගේ පචස් නිව්ස් එක්ක අපි හමුවෙමු..දන්නවනේ අපි තමයි පචස් අංක එක...යන්නෙපා අපිව දාලා.....

පචස් නිව්ස් ඔබ වෙත ගෙන ආවේ මාරයාගේ ඉවුම් පිහුම් වෙතිනි‍.අපි කන හැටි ලිපටද ඉගැන්වූයෙමි‍‍‍...

මම දුරාචා‍රයෙන් තොර වෙමි.සුරා සූදුවෙන්ද තොර වෙමි.මම ඉද හිට සයිටක් දෙකක් හැක් කරමි.මා වැඩ අනාගත්තේ සයිට් දෙකතුනක් පොර වගේ ලියන්න ගොසිනි.ඊට පෙර මා වටා රූමත් ලලනාවන් පිරී ඉතිරි සිටියෝය.රෙදි ගැලවුනු පසු එකෙක්වත් මා වටා නොමැත‍.ඒ කාලේ මං දුන්න ගේම් මතක්වෙනකොටත් ඇඩෙන්නේය.දැන් ඒවා වැඩක් නොමැත.දැන්වත් මා සීරියස් විය යුතුයි.ගොඩින් අක්කර නැතුවාට කම්නැත මඩින් අක්කර තුබුනොත් සෑහේය.මගේ වයසට ගැලපෙන අවුරුදු 75ට නොඅඩු නාඩි නොවැටෙන රූමත් ලළනාවක් වෙතොත් මා හට දැනුම් දෙන්න.මම වෙන කවුද ඉතිං.... (JEMA)

මෙය මුදල් දෙගුණයක් ගෙවා බලෙන් ප්‍රචාරය කරනගන්නා ලද දැන්වීමකි.....



.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

෴ ඇයි මට ආදරේ කරන්නේ....? ෴




"සුදු මහත්තයෝ...."
ඒ ඇයගේ ආදරණිය හඩයි.සද එළියෙන් නැහැවුණු මේ කුඩා දොල පාර අසබඩ මාගේ පපුතුරේ ආදරය උණුහුම නිදහසේ නිහඩව විදිමින් සිටි ඇයගේ සිතත් මගේ සිතත් සතුටෙන් ආදරෙයන් පිරී ඉතිරෙන බව සනාථ කිරීමට මෙන් දියවැල්ද අපේ හදවතේ රිද්මයට සමවැදී ගලාබසින්නට විය.මෙතෙක් කල් අප දුටු සිහිනය අද සැබෑවී ඇත.‍‍ඒ අද දින අපි අපේම වු බැවිණි.

"මගේ සුදු මහත්තයෝ...."
ඒ ඇයගේ නොසන්සුන් හඩයි....සිතේ දඟකරන සිතුවිළි දහසක් නිසා ඇයට පිළිතුරු දීමත් අමතකම විය.

"ම්ම්ම්ම්ම්ම්.....ඇයි සුදු නෝනා‍‍....."
ඇයව තවත් මගේ තුරුලට ග්‍රහණය කරගනිමින් පිළිතුරු දුන‍්නෙමි.....

"මං සුදු මහත්ත‍යගෙන් දෙයක් අහන්නද?"
ඒ ඇය මගෙන් වැඩිපුරම අසා ඇති පැනයයි කීවොත් මා නිවැරදිය.

"හ්ම්ම්....." මා ඇයගේ පැනය ඉක්මණින් දැනගනු රිසියෙන් කෙටියෙන් පිළිතුරු දුන්නෙමි.

"සුදු මහත්තයා ඇත්තම කියන්න ඕනි ඔන්න....." ඇයගේ කෙලිලොල් දඟකාර පැනයට තවත තවත් කොන්දේසි එකතු කරමින් ඇය සත්‍යම දැනගැනීමට උත්සුක වන බවක් ඇයගේ කට හඩෙහි තුබු බව දැනුණි.

"හ්ම්ම්ම්...." පෙර පරිදිම කෙටි පිළිතුරක් දී ඇයව සෑහැමකට පත්කලෙමි.

"සුදු මහත්තයා මට කොච්චර ආදරෙයිද?" මා නොඉවසිල්ලෙන් බලා උන් ඇයගේ ප්‍රශ්නය.....

"ම්ම්ම්ම්ම්ම්ම් සුදු නෝනගේ හිතට දැන් මොනාද දැනෙන්නේ....හිතේ තිබ්බ ආදරේ කියාගන්න වචන නැතිව උන්නු බව දැනදැනත් ඇයි ආදරේ තරම අහන්නේ සුදු නෝනේ....ඇති තරම් විදින්න දැන් මං සුදු නෝනා ළගමනේ...."

"ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මට දැනෙනවා සුදු මහත්තයෝ....ගොඩාරියක් කියන්න හිතාගන්න විශ්වාස කරන්න බැරි තරම් දැනෙනවා..දරාගන්නත් බැරිතරම් දැනෙනවා සුදු මහත්තයෝ....මාව තව තුරුළු කරගන්නකෝ.අනේ....."
ඇය සිහින් හඩින් කොඳුරමින් ඇය මාගේ පපුව තුලට රිංගන්න වෙරදරන්නාක් මෙන් මසිතට දැනෙන්නට විය.

"සුදු මහත්තයා මේතරම් ඇයි මට ආදරේ ?" ඒ ඇයගේ ඇයගේ දෙවන පැනයි.

"ම්ම්ම්ම්ම්ම්ම්ම් දන්නෑ." මම කීවෙමි.

"අනේ සුදු මහත්තයා....ඔයා විහිලු කරනවා....කියන්න ඇයි මට මේ තරම් ආදරේ කරන්නේ?" නෝක්කාඩු හඩින් ඇය නැවතත් ඇයගේ පැනය මවෙත ඉදිරිපත් කලාය.

"ඇත්තටම තමයි කීවේ සුදු නෝනා.....මං දන්නේ නෑ...හේතුවක් නෑ....ඒත් මං ආදරෙයි....ඔව් ගොඩාරියක් ආදරේයි...."

"හරි නරකයි....ඔයා බොරු කියන්නේ...මං තරහයි.. " ඇයගේ ‍නෝක්කාඩු හඩින් පවසමින් මගේ තුරුලෙන් මිදෙන්නට මෙන් වෙර දැරීය.

"මං ඇත්ත කීවේ සුදු නෝනා...." ඇයට මාගේ තුරුලෙන් මිදෙන්නට නොදී තවත් පපුවට තුරුලු කරගනිමින් පැවසුවෙමි.

"ඒ කියන්නේ ඔයා මට ආදරේ නෑ..." ඇයගේ නෝක්කාඩු හඬ වැඩි වෙන්නට විය.

"මං දැන් එහෙම දෙයක් කීවද සුදු නෝනේ...? ආ පැටියෝ?" මම ඇයව සැනසවීමට උත්තුසුක වීමි.

"නොකීවට එහෙම තමයි. මට ආදරේ නෑ ඔයා." ඇය නිවැරදිය යන මතය නොවෙනස් වෙන සෙයකි.

"ම්ම්ම්ම්ම්ම්ම් සුදු මැණීක එහෙමද හිතන් ඉන්නේ?" මා ඇයගේන් ඇසීමි.

"ඔව්."
ඇය කෙටි පිළීතුරක්දී මගෙන් මිදී ඉදරියේ තිබු දොලපාර අසල තිබු පුංචි ගල්තලාව මතට ගොඩවීය.

ඇයට මදවෙලාවක් නිහඩව ඉන්නට දී...මම ඇය වෙත ගියෙමි.ඇයගේ බද වටා මගේ දෑත යවමින් ඇයව මගේ උණුහුමට නතු කරගත්තෙමි.

"සුදු නෝනා මේ අහන්න....මං ඔයාට ගොඩාරියක් ආදරෙයි.මේ ලෝකේ තියෙන හැමදේටමත් වඩා මං ඔයාට ආදරෙයි සුදු පැටියෝ.ඒ ආදරේ නිසා තමයි සුදු නෝනා අද මේ ගොඩාක් සතුටින් ඉන්නේ.මගේ හිතේ ගුලි වෙලා තිබ්බ ආදරේ අද කිසිම බාධාවක් නැතිව විදින නිසා.එහෙම නේද සුදු නෝනේ? ආ සුදු මැණික? ඒ මගේ හිතේ තියෙන ආදරේට කිසිම හේතුවක් නෑ.ඒ මම අවංකවම ඔයාට ආදරේ නිසා සුදු පැටියෝ."

"මේ අහන්න සුදු මැණීකේ....මං ඔයාගේ දිග කොණ්ඩෙටවත් ඔයාගේ ඔය ආදරේ උතුරන පුංචි අහිංසක ඇස් දෙකටවත් ලස්සන සුදු මුහුණටවත් ඔයාගේ ලස්සනටවත් මං ආදරේ කලේ නෑ.කවදාවත් නෑ.ඔයාගේ සිතුවිළි වලට සිතුම් පැතුම් වලට කෙටියෙන්ම කිව්වොත් ඔයා මට දක්වන ආදරේටවත් මං ආදරේ කලේ නෑ.කවදාවත්ම නෑ."

"මොකද මං ආදරේ කලේ ඔයාට.ඇත්තටම ඔයාට අවංකවම ආදරේ නිසා.ඒ ආදරේ කවදාවත් වෙනස් වෙන සාධකයක් මත රදා පවතින්නේ නෑ.එහෙම වුනානම්.....කවදාහරි ඔයාගේ මේ ලස්සන කොන්ඩේ ගියොත්, ඔයාගේ ඇස් පෙනීම දුර්වල වුනොත්, මුහුණ අවලස්සන වුනොත්, ලස්සන ගත වැහැරුනොත්, සිතුවිළි වෙනස් වුනොත්,සිතුම් පැතුම් වෙනස් වුනොත්,මට දක්වන ආදරේ වෙනස් වුනොත් මගේ ආදරේත් අඩුවෙයි නේද? ආ සුදු පැටියෝ? මගේ සුදු නෝනා කැමති ඒ වගේ තාවකාලික ආදරයක් ලබන්නද? නැතිනම් සදාකාලික හැමදාම වැඩිවෙන ආදරයක් ලබන්නද? ආ මගේ රත්ත‍රනේ? දැන් තේරෙණවා නේද? මගේ ආදරේට හේතුවක් නෑ කියලා.ආදරෙයි ‍ගොඩාරියක්, ඒ ආදරේ තමයි දැන් මගේ රත්තන් සුදු නෝනා අසීමිත සතුටෙන් විදින්නේ......එහෙම නේද සුදු පැටියෝ?"
හිතේ ගුලි වී තිබු හැඟීම්, මා ඇයට එක හුස්මටම කිව්වා නෙවේ කියවුනා කීවොත් මා නිවැරදිය.

"මට සමාවෙන්න සුදු මහත්තයෝ‍‍‍....අදයි මං මගේ රත්තරන් සුදු මහත්තය‍ගේ හිතේ ආදරේ තරම හරියටම දැනගත්තේ‍‍.....මට සමාවෙන්න මගේ රත්තරන් සුදු මහත්තයෝ.....මාත් ආදරෙයි ගොඩාරියක් මගේ රත්තරං සුදු මහත්තයට‍‍...." කදුළු පිරිණු දිදුළන දෙනෙතින් මගේ දෙනෙත් දෙස ආදරීණිය බැල්මක් හෙලමින් ඇය මගේ පපුවට නැවතත් තුරුළු වුනේ සීතලේ ගැහෙමින් උණුහුම අයදින පුංචි කිරිල්ලියක් මෙනි.


"ආදරෙයි ගොඩාරියක් හැමදාමත් මගේ රත්තරන් පුංචි සුදු නෝනට...!!!"



"සඳ මඬල නුඹම විය, ඝණ අඳුරැ රැයේ මට...
පන්හිඳක රැඳුනු නුඹ, ගීතයක් විය නොදැනීම...

අවදි කරනු මැන ඔබ හඬින් මා සිතුම් ලොව...."



කුමුදුනිය ඔබයි මගේ, පිපුණු හද විලේ....
කුමුදු මල මගේ...

නැගුණු සඳ ඔබයි රැයේ, අඳුරැ විජිතයේ

සඳ එලිය වගේ, සඳවතිය මගේ....


අඳුර මැද සැරෑ ඔහේ ලපටි සිත මගේ

එලිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ

මුලු ලෝකෙම මගේමැයි මට දැනුනේ ලඳේ

සිසිලයි ඔබේ සෙනේ වදන්, ඇසූ ඒ දිනේ

සඳ එලිය වගේ, ලැබූ ඔබේ සෙනේ....



" ඉතින් කියන්න..."



මිහිර පැතූ මිහිරියේ, සුවඳ කුසුමියේ

සිටිනවිටදි ඔබ ලගින් සිත නිවී සැනේ

දිවිගිම් නිවේ ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ

භව භව පුරා සරමි නෙතින් පතමින් ඔබේ සෙනේ

සඳවතිය, සොඳුරැ විජිතයේ....






෴_________________෴




ප.ලි. :



ඔන්න ඉතිං දවස් ගානකට පස්සේ හසියා අද ඇවිත් අපේ මේ කෂ්ටියටම හැපි වැලන්ටයින් කියලා කියනවා.හැබැයි ඉතිං හසියානම් කියන්නේ, හිතන්නේ ආදරේ කරන්න වෙනම දවසක් ඕනි නෑ කියලා.හැමදාම අපිට එකවගේ ආදරේ කරන්න පුළුහන්නම් ඔහුට හෝ ඇයට, ආදරේ කොච්චර සුන්දර වේවිද? එතකොට මේ වෙනම දිනයක් ඕනිද? අවුරුද්දට එක දවසකට ආදරේ සීමා කරලා තෑගි දීලා පුදුම කරවනවට වඩා කොච්චර අගේද හැමදාම වෙනස් නොවෙන අවංක ආදරයක් ඇයට හෝ ඔහුට විදින්න දුන්නොත්? අනිත් එක ආදරේ කියනදේ අපි ඇයට හෝ ඔහුට ලබාදෙන තෑග්ගේ වටිනාකම මත කවදාවත් රදා පවතින්නේ නෑ.කොච්චර මිල මුදල් වියදම් කරලා වටිනා තෑගි බෝග අරන් දුන්නත් ඒ හැමදේටමත් ව‍ඩා එක පාරක් ඇය‍ට හෝ ඔහුට හදවතින්ම අවංකවම ආදරෙයි කීවනම් පුංචි උණුහුම් හාදුවක් එක්ක කොච්චර වටිනවද? මිල කරන්න පුළුහන්ද අනිත් කෙනාගේ හිතේ ඇතිවෙන ඒ හැඟීම?
අනිත් එක යම් තෑග්ගක් අරන් දෙනවනම් කෙනෙක්‍ට අරන් දෙන්න ඕනි ඇයට හෝ ඔහුට ආදරෙයි කියලා ඔප්පු කරන්නවත්, ඇයට දක්වන ආදරේ තරම පෙන්වන්න හිතාගෙනව‍ත් නෙවේ...ඇයව හෝ ඔහුව සතුටු කරන්න හිතාගෙනයි.එවිටයි අපි දුන් තෑග්ගට සෑබෑ ආදරණිය වටිනාකමක් වගේම අපේ හිතටත් ඇයගේ හෝ ඔහුගේ හිතටත් සතුටක් ලැබෙන්නේ‍‍....

ම්ම්ම්ම්ම්ම්ම් ඉතිං කෂ්ටිය පොඩ්ඩක් හිතලා බලන්න....

අනිත් එක මේ වසරේ වැලන්ටයින් එකට දෙන්නම එකතු වෙලා වියදම් කරන සල්ලි අපේ මේ "ඉලං සහෝ" වෙනුවෙන් වෙන් කලොත් ඒ මුදලට කොච්චර ආදරණිය වටිනාකමක් ලැබේවිද? පොඩ්ඩක් හිතලා බලන්න....



හසියා එහෙනම් වාෂ්ප වෙන්නෙයි කියලා.....

ඒස්වඃ පුඃ



.

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

෴ අපි නුඹ වෙනුවෙන්...... ෴



හසියා අද කියන්න යන්නේ මොකක්ද කියලා කවුරුත් දන්නවා නොවැ.ඔව් මේ අපේ දිලුම් සහොදරයා එහෙම නැතිනම් සයිබර් අවකාශය හරහා සමීපවුණු ඉලංදාරියා ගැන තමා.හැමෝම සිද්ධිය හොද හැටි දන්නවා.හසියා වැල්වටාරම් පුරසාරම් දොඩන්න ඕනි නෑ.....අපේ සහෝදරයාට අපිම උදව් කරමු.ඔහුව සුවපත් කරමු.

වැඩි විස්තර නොදන්න කෙනෙක් ඉන්නවානම් මෙතනින් යන්න....දන්න කියන හැමෝටම කියන්න.....





මචං ඉලංදාරියෝ....


උඹ කවදාවත් නොහිතන්න ඇති බ්ලොග් එකක් නිසා මෙච්චර පිරිසක් උඹ වටා ඇති කියලා.එහෙම නේද? ඒත් උඹ දන්නවා නේද "සේම් ෆෙදර් ෆ්ලොක් ටුගෙදර්" පැරණි ඉංග්‍රිසි කියමන.ගොඩක් වෙලාවට බ්ලොග් එකක් බලපුවහම, කියවපුවහම ඒක ලියන කෙනාගේ ප්‍රතිරූපය ඒ තුලින් හොදට දකින්න පුළුහන් කියන දේ මම පුද්ගලිකව ගොඩක් විශ්වාස කරනවා.ඒ විදිහට උඹවත් උඹේ හදවතත් උඹේ බ්ලොග් අඩවිය හරහා දැකපු අය පිරිසක් තමයි අද උඹ වටා ඉන්නේ.....ඒ උඹ වටා එක් රොක් වෙලා ඉන්න හැමොම උඹ වගේම හිත හොද එවුන් ටිකක්...උඹට ඒක දැනටමත් තේරෙනවා ඇති.උඹ බය වෙන්න එපා....අපි උඹට වැටෙන්න දෙන්නේ නෑ....උඹට දැනුනත් උඹ වැටෙන්න යනවා කියලා බය වෙන්න එපා අපි උඹට වැටෙන්න දෙන්නේ නෑ...අපි ඉන්නවා උඹ වටේ.....කතාවෙන් විතරක් නෙවේ ක්‍රියාවෙනුත්.....කතා ඕනි නෑ....හැමදේම උඹ හිතුවට වඩා හොදින් සිද්ද වෙනවා....!!!





දැකලා කතා බහ කරලා නැතත්‍‍‍....එක අම්මගේ බඩවැල කඩාගෙන නාවට..... අපි උඹේම සහෝදරයෝ.....!!!
උඹට තෙරුවන් සරණයි....!!!






.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :



ඔන්න ඉතිං අමාරුවෙන් අමාරුවෙන් දැම්මා බස් සතිය වෙනුවෙන් දෙවන පෝස්ට් එකත්.මේක මේ අපේ කෂ්ටියගේ ඇස් පෙනීම හොදද කියලා චැක් කොරගන්න පොඩි ට්‍රික් එකක්.වැඩි කතා ඕනි නෑ.කොරලම බලන්නකෝ....

ඉස්සෙල්ලම හොද හුස්මක් ගන්න...ගත්ත වගේ නෙවේ පිට කොලන්න හොදේ...නැතිනම් ඉතිං හුස්ම අරන් හිරවෙලා මලාස් වෙලාතියෙයි කෂ්ටියගේ.දැන් හිත සැහැල්ලු කොරගන්න.....ම්ම්ම්ම්ම් දැන් වැඩේට බහිමු.....

දැන් මේ පියවරයන් අනුගමනය කොරන්න......

1) ඉස්සෙල්ලම පරීක්ෂා කරන්න ඕනි තමන්ගේ ඇස ඇරගෙන අනිත් ඇහැ හොදට වහගන්න..ඇස් ගහලා පුරුදු අපේ මේ කෂ්ටියට ඕවා ඉතිං මහලොකු වැඩයෑ...නේද ඉතිං....

2) දැන් එක ඇහැකින් බලාගෙන කෂ්ටියගේ කෙම්පුටරේ මව්ස් පොයින්ට් එක ඔය පහල තියෙන රතු " ! " සලකුණ එහෙම නැතිනම් අපි හොදින් දන්න කියන බුදු අම්මෝ සලකුණ ළග ක්ලික් කරන්න.


3) දැන් කෂ්ටියගේ කීබොර්ඩ් එකේ කන්ට්‍රෝල් සහ A (Ctrl+A) යතුරු එකවර ඔබන්න.

4) දැන් කෂ්ටියට ප්‍රතිඵලය හොදට බලාගන්න පුළුහන්....මානසික එකාත්මිකතාවය එකලෙසම පවත්වාගන්න හැබැයි ඔන්න.....

දැන් එහෙනම් කොරලා බැලුවනම්.....







මෝඩයෝ....!!!

මෝඩකමට බෙහෙත් නෑ කියනවනේ.මෙහෙම කොහොමද ඇස් පරීක්ෂා කරන්නේ..? මොකෝ මේ ඇහැක් වහගෙන.‍..? වෙන වැඩ නැද්ද හැබෑටම අනේ...?





කොහොමද කෂ්ටිය ඇස් පරීක්ෂා කොරගත්තද? @#%$#%$#!@

එහෙනම් මානසික ඒකාත්මිකතාවය වැඩේ පටන්ගන්න ඉස්සෙල්ලා තිබ්බා ව‍ගේම තබාගෙන ඉන්න....

හසියට මේක මේල් එකකින්...මේ දවස් වල ටිකක් රෙස්ට් කොරන නිසා ලියන්න අමාරුයි වගේ.කම්මැලිකම තමා ඉතිං.ඉතින් බස් සතිය වෙනුවෙන් මොනාම හරි දෙයක් තියෙන්න ඕනි නිසා මේක දැම්මේ.බස් සතිය තව පොඩ්ඩක් දික්කලොත්...හරියට බස් දෙසතිය වගේ ලබන සතියේ ඉදන් ලියන්නම්...හික්ස්...අපිනේ දන්නේ ලියන විදිහ.

එහෙනම් හසියා....


ඒස්වඃ පුඃ





.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :


අද අපි හම්බවෙන්න යන්නේ අපේ මේ සිංහල බ්ලොග් කෙරුවාවේ ඉන්න කෙනෙක් හම්බවෙන්න....මිනිහා බ්ලොග් කෙරුවාවෙන් සමුගන්නවා කියලා ලැබුණු ආරංචියේ සත්‍ය අසත්‍යතාව බලන්න....මිනිහගේ නම තමයි හසියා.දැන් කවුරුත් දන්නවනේ ‍කෙනා කවුද කියලා.හසී ෆැමිලි එකේ ලොකු හසියා.(වයස නිසා හොදේ.)එහෙමත් නැතිනම් ඒස්වඃ පුඃ හසියා‍.එහෙමත් නැතිනම් මාළු බාපු හසියා.ඔය වගේ නම් වලින් තමයි අපි මෙයාව දන්නේ.අපි ඉතිං එයත් එක්ක කතා බහ කොරලා විස්තර ටිකක් දැනගමු එහෙනම්....



ඉතිං හසියා කොහොමද තොරතුරු‍....

ම්ම්ම්ම් වරදක් නෑ....(සුපුරුදු සිනහව පාමින්....)


පහුගිය දවස්වල මොකද කලේ.....

ම්ම්ම්ම්ම් ඇත්තටම විශේෂ දෙයක් කලේ නෑ...(කවදත් එහෙමනේ.....)


අපිට ආරංචිවුනා බලංගොඩ පැත්තෙ ගිහින් අමු චාටර් එකක් කාලා ආවා කියලා....
අනේ මන්දා මේවා ඔයාලා කොහොම හොයාගන්න ඒවද කියලා.ඇත්ත කතාව හැබැයි.මම බලංගොඩ ගියේ වැඩ ටිකක් කරගෙන එන්න කියලා.කොහෙද ඒ හැමදේම වතුරේ ගියා.ඒකට හේතුව වුනේ වැස්සයි උහුලන්න බැරි හීතලයි.දෙයියන්ටත් නිකන් ඉන්න බැරිවට ෆිජ් එකයි ටැප් එකයි ඇරලා දාල.ඔය වගේ බලු වැඩ කරනවද මං අහන්නේ නේද? ඉතිං එළියටවත් බහින්න බෑ‍.ඉතිං කරගන්න ගිය හැමදේම අවුල් ගියා.ඇත්තටම බ්ලොග් එකේ ලිපි ටිකකට කරුණු හොයන්න තමයි ගියේ.ඒත් ඉතිං වැඩේ අබ්ලික් වුනානේ.බලමු ඉදිරියේ දවසක ආයේ ගිහින් කරුණු රැස් කරගෙන එන්න.


මටත් ඇත්තටම කණගාටුයි ඒ දේ ගැන. අපිට ආරංචියි ඒ සංචාරය ගිහින් එනකොට ඔබ සතුව තිබු වටිනාම වස්තුවක් නැතිවෙලා කියලා....

(රහසින්....)යකෝ මේවා මෙහෙම ප්‍රසිද්ධියේ අහන්නෙපා...
ම්ම්ම්ම් ඔව් ඒක ඇත්ත.හිතුවේ නෑ එහෙම වෙයි කියලා.වැරැද්ද මගේමයි.ඒකට ඉතිං මමයි සමාවගන්න ඕනි.මම මේ වෙලාව ඒකට අවස්ථාවක් කරගන්නව ඒ ඒ අදාල අයගෙන් සමාවගන්න.නැවත එහෙම දෙයක් සිදුනොවෙන්න වග බලාගන්න පොරොන්දු වෙන්න පුළුහන්.....


හසියෝ ඒ කියපු කතාවනම් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේනේ...(වැඩිපුර කියන්නේ ඉතිං එහෙම ඒවනේ ෂේප් ෂේප්...) නැතිවුනේ ඔබට අයිති දෙයක් නම් ඇයි තව අයගෙන් සමාව ගන්නේ....

තේරුනේ නැතිනම් ලොකු දෙයක්.....හා හා උඹලා මේවට පොඩි එවුන්....උඹලට තාම මේව්වා තේරෙන්නේ නෑ....


අහ් හරි ඕනි දෙයක්...ම්ම්ම්ම්ම් අපිට දැනගන්න ලැබුණා දෙවන බිරිඳ අසනීප වුනා කියලා.ඇත්තද මේ කතාව?

ඔව් මගේ දෙවන බිරිද අසනීප වුනා හදිසියේම.දැන් ප්‍රතිකාර ලබමින් ඉන්නවා.හැබැයි තාම ඇයගේ තත්වේ කොහොමද කියන්න දන්නේ නෑ..තව දවස් තුනකින් විතර ඇවිත් බලන්න කියලා තමා කීව්වේ දොස්තර මහත්තයා.දැන් මං ඇය වෙනුවට ඒ මට්ටමේ නැති වෙනත් බිරිදක් ළග තබාගෙන ඉන්නේ...(ඇයනම් සක්ස්...වෙලාවේ හැටියට රොක්ස්) ඇත්තටම දෙවන බිරිඳ නැතිව දකුණු අත නෑ වගේ....‍(තේරුනේ දැන් තමයි...)


මොනවා තව බිරිඳක්....? ඔබ කසාදත් බැදලද? කවුද ඒ කෙනා? එතකොට පළමු බිරිද? මේවා නීති විරෝධි වැඩ නේද? ඔබගේ රසිකයන්ට මේවා දැනගන්න උවමනාවෙන්නේ ඇතිතේ...කිව්වනම් ඒ විස්තරත්‍‍....

හෆ්‍ෆා ඔව් අපි නොකා හිටියත් එයාලට ප්‍රශ්නයක්නේ.... (ඔරවමින්....)
අහ් තාම බැදලා නැතෝ....හ‍ෆෆේ දැන්ම අමාරුවේ වැටෙන්න උවමනාවක් නෑ..(සිනාහ වෙමින්...) නීතිවිරෝධි වැඩ වෙන්නේ කොමද ෆොන් දෙකක් පාවිච්චි කොරන එක වරදක් වුනේ මොන රටේද? මගේ දෙවන බිරිඳ කියන්නේ මගේ ආදරණිය ජංගම දුරකථනය.පළවෙනි බිරිද ඉතිං කෙම්පූටරේනේ.


අහ් ඒක මිසක්.....මොකෝ මේ කකුලට වෙලා තියෙන්නේ?

ම්ම්ම් මේක මේ පොඩි රිය අනතුරකින් සිදුවෙච්ච දෙයක්...මම ඊයේ ආපු බස් එක හැප්පුණා පොඩ්ඩක්.වැරැද්ද ඉතිං බස් කාරයගේ.බස් එකේ විදුරුවකට කකුල පොඩ්ඩක් කැපුණා.අතත් පොඩ්ඩක් තැලුණා...දැන් ඉතින් විවේක සුවෙන් ඉන්නවා.


අනේ හෆෝයි....පරිස්සමින් යන්න එපැයෑ....

ඇයි හත්තිලව්වේ මං එලෙව්වා වගේනේ මට කියන්නේ...ඩ්‍රැයිවර් කාරයා කරපු එකටත් මම තමයි පලි.අනේ මන්ද හැමෝම එකයි.


දැන් කියන්න බලන්න මේ බ්ලොග් කරණයෙන් ඉවත් වෙන්න ගත්ත තීරණය ඇත්තක්ද?
ඔව් ඒක ඇත්ත.


හේතුව ඇහුවොත්?

ම්ම්ම්ම්ම්ම් ඇත්තටම කිව්වොත් මට දැන් හොදටම වැඩ.හුස්ම ගන්නත් ඇත්තටම අමතකයි.ඉදිරියේ තවත් වැඩ අධික වෙයි.ඉතිං තිරණය කරා බ්ලොග් කරණයෙන් ඇත්වෙන්න....ඇත්තම කීවොත් මම වෙනදා කියවන බ්ලොග් ගොඩක් කියවන්නත් ගොඩ ගැහිලා.අඩු තරමේ මට පෝස්ට් එකක් ලියනවා තියා අනෙක් අයගේ බ්ලොග් එකක් කියවලා කමෙන්ට් එකක් දාන්න තරම්වත් වෙලාවක් නෑ...ඒ තරම්ම කාර්යය බහුල වෙලා...


මේ සම්බන්ධයෙන් ඔබට මර්ණීය තර්ජන එල්ලවුණා කියන්නේ ඇත්තද?

ම්ම්ම්ම් ඔව් ඇත්ත.මම මගේ බ්ලොග් එක නවත්වනවා කියලා දැනගෙන සමහරු මට නිර්ණාමික ඇමතුම්, මේල් එවන්න ගත්තා‍.ඒ මදිවට මම බ්ලොග් එක නැවැත්තුවොත් තවත් සමහරු බ්ලොග් ලියන එකත් නවත්වනවා කියලා තර්ජණ කරනවා.


අප්පා එහෙමද? ඉතිං පොලිසියට දැනුවත් කලේ නැතිද?
ම්ම්ම් නැහැ ඇත්තටම නැහැ.මොකද ඉතිං මේ අය මගේම රසික රසිකාවියෝනේ...ඉතිං ඒ අයගේ හිත් රිද්දන්න පාරන්න හොද නැනේ...


එතකොට ඔබේ අවසාන තිරණය?

ම්ම්ම්ම්ම්ම් මම බ්ලොග් ලියන එක නවත්වන්න තමයි හැදුවේ.ඒත් දැන් ඒ දේ කරන්න බැරි වෙලා.මට වඩා මගේ බ්ලොග් එකට ආදරේ කරන පිරිසක් එක් රොක් වෙලා ඉන්නවා.(හේහේහේ වැඩේමයි....) ඉතිං මං මගේ තිරණය වෙනස් කරලා නැවත බ්ලොග් කරණයේ යෙදෙන්න හිතුවා.


අහ් අයෙත් ලියනවද ඒ කියන්නේ...ම්ම්ම්ම් වැප්නි සාන්ත මහතාගේ බ්ලොග් සතිය ගැන ඔබේ අදහස කීවොත්...

ඔව් ඉතිං ගංජා ගහන්න පුරුදු කරලා....අන්තිමට සයිඩ් ඉෆෙක්ට් එනවා කියලා අඩලා හරියන්නේ නෑනේ.සයිඩ් ඉෆෙක්ට්ස් වලටත් බේතක් දීලා වැඩේ ෂේප් කරන්න ඕනිනේ....(ගංජා ගහන්න කිව්වේ නෑ ඔන්න....වැප්නි සාන්ත මහත්තයා කෑලි හැලෙන බූං එකේ එයිද දන්නෙනෑ හසියට නෙලන්න....අද සිට හසියා බසයකට නැග හමාරය....)



අන්තිමට ඔබ තුමාට මොනවද කියන්න තියෙන්නේ?


ම්ම්ම්ම් මාව ඉන්ටර්ඩික්ට්... නෑ...නෑ....මේ ඉන්ටර්වීව් කොරන්න ආවට තැන්කූ හොදේ.ආයෙත් බ්ලොග් කරණයට එනවා හසියා.නැවත බ්ලොග් කරණයට එන්න කීව හැමෝටම පිං.ලියන්න එපා, උඹ උඹට ඕනි කෙහෙල් මලක් කරගනින් කියලා කිව්ව එකාලටත් ගොඩාක් පිං.ළගදීම හසියා අනිත් අයගේ පෝස්ට් කියවන්න කොමෙන්ට් කොරන්න ඒ මදිවට පෝස්ට් දාන්න එනවා කියලා මතක තියාගන්න ඕන් හොදේ....



එහෙනම් හසියා සුපුරුදු පරිද වාෂ්ප වෙන්නෙයි කියලා......


ඒස්වඃ පුඃ






.

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

Related Posts with Thumbnails