ඔන්න හසියා අද හැමෝටම
සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා
කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....!!!




(හසියාගෙන් පුංචිම පුංචි තෑග්ගක්....)


ගිය දවස් ටිකේ කෂ්ටිය මඩ ගාගෙන නාගෙන එක විකාරයක් වුනා නේද....ඔන්න ඉතිං කෂ්ටියට මඩ හෝදාගන්නත් එක්ක මාලු බාන ටියුටෝරියල් එකක් දෙන්න හිතුවා...හොදම සීන් එක මේ වැඩේ ගෙදරදීම කරගන්න පුළුහන්....කොච්චර පහසුද නේද‍‍...මාලු කෑල්ලක ගාණ අහනකොට කලන්තේ හැදෙන මේ කාලේ මේවගේ දෙයක් කොච්චර වැදගත්ද.....හසියා‍ ඉතිං හැමදාම අසරණ පිඩීත ජනතාව ගැන හිතන පතන අහිංසක සත්ඟුණවත් නැණවත් සාධරණ කොටානේ.....(නෑ නෑ වැරදිලාවත් හසියා දේශපාලුවෙක් නම් වෙන්න අදහසක් නෑ...)

වැඩි කතා මොකටද...ඔන්න බලලා හිටියනම්.......



(මෙන්න මෙහෙමයි ගෙදරදීම මාලු බාන්නේ....)


කො‍හොමද වැඩේ...දන්නවනේ ඉතිං හසියා වැඩක් කලොත් කියන්න දෙයක් නෑ කියලා...හා නැද්ද මං අහන්නේ....

අහ් ඔය ටියුටෝරියල් එක ප්‍රසන්ට් කොරන්නේ වෙන කවුද ඉතිං......හසියා තමා‍‍‍‍....ගෙට් එකට ආපු අයනම් ඉතිං දැක්කා නෙවැ...නොදැක්ක අයටත් ඔන්න බලාගන්න....ම්ම්ම්ම්ම්ම්ම් තව දෙයක් ඕය විඩියෝ එක හැදුවේ 2004 හෝ 2005.හරියටම මතක නෑ.කොහොමහරි ඔය අවුරුදු දෙකෙන් එකක අප්‍රියෙල් නිවාඩුවට අපේ පුංචිලාගේ ගෙදර ගිය දවසක පුංචිගේ පුතන්ඩියා එක්ක...අදහස නම් හසියගේ නෙමේ, ඒ අයියගේ හොදේ.....හසියට ඉතිං කොහෙද ඔච්චර මොළයක්...නේද....

එහෙනම් හසියා වාෂ්ප වෙන්නම් දැන්ම....නැතිනම් කෂ්ටිය බාපු මාලු වලින් හසියට පෙරලා පහරදෙයි වගේ.....


අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා....මේ විඩියෝ එකේ අනිතිමට කියනදේ තියෙනවනම් විතරක් මේ වැඩේ අත්හදා බලන්න....නැතිනම් ඉතිං වැඩේ සාර්ථක වෙන්නේ නෑ‍....


හසියා එහෙනම්......


ඒස්වඃ පුඃ






.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

19 comments:

හෙහ් හෙහ් මරු මරු,ට්‍රියි කරලා බලන්න ඕන මාත්

December 25, 2010 at 9:48 AM  

මරු මොළ ගෙඩි දෙක ඈ..... :b :b
ගඟේ දාලා ආ නෑ ටැංකියේ දාලා හොදලා ගන්න වටිනවා........ :e :e :e :e

December 25, 2010 at 9:50 AM  

ලොවෙත් නෑ සහෝ!!! :e :q පිස්සුනේ මට,ඒ නිසා උඹලෑ ගෙදර ඇවිත් ඕක කරන්න ඕනි!! :r

December 25, 2010 at 9:57 AM  

බිලී පිත්තෙ ඇමට හසියගෙ මොලේ දැම්මනං තවත් වැඩේ ලේසියි. :f

December 25, 2010 at 11:03 AM  

මම වෙජිටේරියන් ...

ජය වේවා !!

December 25, 2010 at 11:56 AM  

අපොයි අර ගෝල්ඩ්ෆිෂ්ව මෙයාගෙන් පරිස්සම් කරගන්න ඕන.. :q :q :q :q

December 25, 2010 at 12:19 PM  

මාළු බාන්න දන්න උන් දැක්කනම් හසියට දෙපැත්තෙන් හිනාවෙන්නෙ....

ඔක්කොම ඉවර උනාට පස්සෙ මටනම් හසියෝ හිතුනේ මෙහෙමයි.....

නොදකින් කාළකන්නියා.... කෑවා කාලේ..... හක් හක් ...... :e :f :g ;h :b

December 25, 2010 at 5:37 PM  

කෝ බන් අර ටැන්කියේ මාළු නෑනේ

හිටියද..? මට පෙනුනෙ නැද්ද මන්දා....

ඔබතුමා ඕක හැදුවේ ටැන්කිය බාන්නද.............?

එල එල.........

December 26, 2010 at 11:42 AM  

ඕකට තව ලේසි වෙනවා කඩෙන් මාළු කූරියෙක් ගෙනත් කොක්කේ එල්ලලම පටන් ගත්තනම්.‍‍.:D

December 28, 2010 at 9:20 AM  

@පුබුදුවා
අහ් එල එල.....කොරලාම බපලන්කෝ....

December 31, 2010 at 12:57 PM  

@හා පැටික්කි (MS)

ආයෙත් අහලා ඉතිං.....
කොහොවත් නෑ හසියාගේ ඇරෙන්න.....

ටැංකියේ දාලා හෝදන්නේ ආයේ ප්‍රයෝජනයට ගන්න වෙන්න ඇති නේද.....මං කිව්වේ මේ වතුර ටික....ඇයි මගේ මොළෙ දියවෙච්ච වතුරනේ....

December 31, 2010 at 1:07 PM  

@ජංජාල චාමර
හේහේහේ තැන්කූ සහෝ..... :p
අහ් හැබෑට....මම දන්න විදිහට සහ තව සමහරු කියන විදිහටනම් උඹට අපිට වඩා පිස්සුනේ....:r

December 31, 2010 at 1:13 PM  

@Praසන්ன
අහ්...ඒකට උඹේ මොලේනම් නියමෙට ගැලපෙනවා..... :r :e

December 31, 2010 at 1:14 PM  

@හිස් අහස

අහ් එහෙමද....නියමයි නියමයි...
ජයේ වේවා...!!

December 31, 2010 at 1:14 PM  

@හසී

අහ්...නෑ නෑ අපි එයාට කරදරයක් නොකර ඉන්ට ති‍රණය කොරා නෙවැ....:p :p :p :p

December 31, 2010 at 1:16 PM  

@අභීත
අහ්...එන්න එපා හරිද ඕවට විතරක්....හසියා ප්‍රොෆෙෂනල් විදිහට මාළු බාලි තියේ.... :p

හේහේහේ අනේ සංතෝසේ බෑරුවා..... :r :q :e

December 31, 2010 at 1:18 PM  

@කැන්ඩි...
ම්ම්ම්ම්ම්ම් ටැංකියේ මාළු ඉන්නවා....පේන්නේ නැතිව ඇති....

නැතිනම් ඉතිං‍‍‍....
හේහේහේහේ තැංකූ සහෝ.....

December 31, 2010 at 1:21 PM  

@priyantha.ඒබී

අඩේ බං අයියේ උඹට ඕක මුලදි කියන්න බැරි වුනානේ..... :r :q :q

December 31, 2010 at 1:22 PM  

උඹ වගේ මොලයක් තියන එක කොල්ලෙක් හරි මේ සිරිලක සිටීම ගැන මට සන්තෝසයි අප්‍රමාණයි.....
-කාංචන

January 9, 2011 at 2:05 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails