අද ආවේ පොඩි පණිවිඩයක් දීලා යන්න කෂ්ටියට.කියන්න හදනකොටම තේරෙනවා ඇතිනේ කියන්න හදන දේ. ම්ම්ම්....හරියට හරි "ඩෙංගු" ගැන තමයි කතා කරන්න හදන්නේ.දුමී අයියගේ ඩෙංගු ප්‍රතිකාරය දැන් හැමෝම දන්නවනේ ඉතිං.දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මෙතෙන්ට යන්නකෝ."ඩෙංගු මාරයා පරද්දමුද ?"
දැන් දුමී අයියා දුන්නේ ඩෙංගු හැදුන කෙනෙක්ට දෙන ප්රතිකාරයනේ.ඉතිං ඕක හැදෙන්න කලින් ඩෙංගු මදුරුවට වලට ප්‍රතිකර්මයක් දුන්නනම් කොච්චර හොදද....පසුගිය දිනක ස්වර්ණවාහීනියේ Live @ 8 කණ්ඩායමේ අය කරපු අදහස් විමසීමක් ප්රවෘත්ති අතර තුර දකින්න ලැබුණා.ඔවුන් අසා සිටියේ ඔබේ පරිසරය ඔබ සුද්ද පවිත්‍ර කලාද කියායි.අනේ හෆෝයි....මේ වගේ ආත්මාර්ථකාමී පටු මිනිස්සුද අපේ රටේ ඉන්නේ කියලා හිතාගන්න බෑ.ඔවුන් හැමදෙනාම එක ලෙස කියා සිටියේ "PHI මහත්වරුන් එනවා කියලා කීවේ නෑ.කවුරුවත් අපිට සුද්ද කරන්න කීවේ නෑ.".මේවා දැක්කාම,ඇහුවහම ඇගේ ලේ කෝප වෙනවා. ඇයි දෙයියනේ මෙච්චර මේ ඩෙංගු වල අවදානම ගැන හැමතැනම අහන්න දකින්න ලැබෙනවා.අඩුම තරමේ තමන්ට,තමන්ගේ පවුලේ අයට මේ ලෙඩේ හැදෙයි කියලාවත් හිතන්න බැරි ඇයි.ඒහෙමවත් හිතලා තමන්ගේ ඉඩම,පරිසරය,වට පිටාව සුද්ද පවිත්‍ර කරගන්න බැරි.මහ පුදුම මිනිස්සු.අපේ මිනිස්සු බලන් ඉන්නේ පිටරටින් බේත් ගෙනල්ල මුළු ලංකාවෙම ගෙවල් වලට ගිහින් ඒක ගහලත් දීලා,"ආ දැන් ඔක්කෝම මදුරුවෝ ටික අපි බෙහෙත් ගහල මැරුවා" කියලා යනකන් වෙන්න ඇති.මේවගේ මොලේ කලදක් නැති හාල්පාරුවෝ තමයි අපේ රටේ ඉන්නේ.
තමන්ගේ ඉඩම,වට පිටාව වෙන එකෙක් එනකන් ඉන්නේ නැතිව තමන්ම හිතල කලානම් ඉවරයිනේ.ඇයි මේක හිතන්න බැරි.ඇත්ත රැකී රක්ෂා කරන ඈයෝ ටිකක් අවිවේක වෙන්න පුළුවන්.ඒත් මේක තමන් වෙනුවෙන් කල යුතුම දෙයක්.ඒ වෙනුවෙන් දවසක් නිවාඩු දැම්මත් පාඩුනෑ.නැත්නම් තමන්ගේම කෙනෙක්ගේ මළගෙදර වෙනුවෙන් සතිගානක් නිවාඩු දාන්න වෙයි.ගෙදර හැමෝම දවසක් නිවාඩු දාලා තමන්ගේ මුළු පරිසරය ගෙදර කෂ්ටියම එකතු වෙලා සුද්ද කලානම් ඉවරයි.එක සැරයක් අමාරුවෙන් සුද්ද පවිත්‍ර කලාට පස්සේ ආයේත් සුද්ද කරන්න ගොඩාක් ලේසියි.බොරුනම් කරලම බලන්නකෝ.මම කීවේ අත්දැකීමෙන්මයි.
ඕනිම කෙනෙක්ගෙන් ඇහුවොත් "ඩෙංගු මදුරුවා විනාශ කරන්න මොනාද කරන්න ඕනි කියලා" කියයි කරන්න ඕනි හැමදේම ඔක්කොම හරියට.හැබැයි ඒ දේවල් තමන් ප්‍රායෝගිකව තමන්ගේ පරිසරය සුද්ද පවිත්‍ර කරන්න යොදාගත්තද කියල ඇහුවොත් කියයි, "තාම PHI මහත්වරු එනවා කීවේ නෑ" කියලා.සුදුවිය යුත්තේ ආකල්පමය වෙනසක්.වෙනත් ක්‍රමයක් නෑ මේ ඩෙංගු මාරයා පරාජය කරන්න.තමන් ආත්මාර්ථකාමි වෙලා හරි තමන්ගේ ගේ අවට පරිසරය,තමන්ගේ ඉඩම සුද්ද පවිත්‍ර කරගන්න ඕනී.PHI මහත්වරුන්ට කියලත් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා.මම නම් කියන්නේ PHI මහත්වරුන් ගහන දඩය ටිකක් ලොකු කරානම් හොදයි කියලා.ටිකක් දැනෙන ගාණක් දඩ ගැහුවනම් හරි.එතකොට අපේ මිනිස්සුන්ගේ ඇස් ඇරෙයි.හැබැයි ඉතිං ඒ වැඩෙත් අපේ කපුටු PHI මහත්වරුන් වනසයිද දන්නෑ පගා අරන්.ඕකනේ කොරන්න බැරී.නැත්නම් ඔය මාධ්‍ය ආයතන සියල්ල එකතුවෙලා නොදන්වා ගෙදරකට ගිහින් ඒ ගෙදර අය ඉන්නැද්දිම ඉඩම පරීක්ෂා කරලා මදුරුවාසස්ථාන තියෙනවනම් ගෙදර කෂ්ටියවම විඩියෝ කරන් ප්‍රසිද්ධ කරානම් හරි.ලැජ්ජාවට හරි සුද්ද කරගන්නේ නැතෑ.
අපි කොච්චර කිව්වත් කලත් වැඩක් නෑ, මිනිස්සු තමන්ගේ වැරදි හදාගන්නේ නැත්නම්.සමහරවිට අපි හිතනවා අපේ ගෙදර වට පිටාවේ පොල් කෝම්බ, පොල් කටු, ටින්,යොගට් කෝප්ප, ටයර්, වැහි පීලී, etc....නෑ කියලා.ඇත්ත ඒත් මේවගේ දෙවල් තියෙන්න පුළුවන්.ඔය පහල වීඩියෝ දෙක බලන්නකෝ.(විඩියෝ සදහා අනුග්‍රහය ඉ-නැණපියස)
කොහොමද වැඩේ......මගෑරුන දෙයක් නෙද?ළගදි කපල දමපු ගසක මුල් කොටසක තමයි ඔය වතුර රැදිල මදුරු කීටයෝ හැදිලා තියෙන්නේ.හොදට විමසිල්ලෙන් බලන්න පරිසරය දිහා.සුන්දරත්වය ගෙන දෙන ලස්සන මල් ගසක් වුනත් මදුරු වාසස්ථානයක් වෙන්න පුළුවන්.ඔන්න දැන් සද්ද පවිත්‍ර කරනකොට තව තවත් වමසිලිමත්ව සුද්ද පවිත්‍ර කරයි කියලා හසියා හිතනවා.හෙටට කල් නොදා දැන්ම පටන් ගන්න.ඒහෙම හොදයිනේ.
ඔන්න ඩෙංගු ගැන වැඩි විස්තර ඕනි නම් පහල PDF එක බලන්න.
ඕක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි නම් පහල කොටන්න.
ඩවුන්ලෝඩ් කරලා නිකං ඉන්න එපා.කියවන්න.අන් අයටත් කියවන්න දෙන්න.ඉ-මේල් කරන්න.
ඒහෙනම් දැන්වත් පොඩ්ඩක් තමන්ගැන තමන් ගොඩාක් ආදරේ කරන අය ගැනවත් හිතලා තමන්ගේ පරිසරය තමන් වෙනුවෙන් සැලකිලිමත්ව සුද්ද කරමු නේද.........