"තරිඳු ඔයා මට කොච්චර ආදරෙයිද?" ඒ ඇය මගෙන් වැඩිපුරම අසා ඇති ප්‍රශ්නය කිව්වොත් මා නිවැරදිය.
"ම්ම්ම්...මෙච්චරක්..." කියමින් මා ඇයව පෙඩ්ඩක් අවුස්සන රිසියෙන් අත තිබු කඩල ගොට්ටෙන් කඩල ඇටයක් ගෙන පෙන්වුවෙමි.
"අහ්...ඇත්තද? එහෙනම් මගේ ආදරෙන් වැඩක් නෑනේ....යනවා වෙන කෙල්ලෙක්ව හොයාගන්නවා."
"හා එහෙනම් මම යන්නම්.....මේ කඩල ටික මොකද කරන්නේ....ඔයාට එපාද?"
"මට එපා ඔය නපුරන්ගේ කඩල...අරන් යනවා...."
"අහ්...ඒක හොදයි.එතකොට මේක මට වෙන කෙනෙක්ට දෙන්න පුළුවන්නේ."
"මට මොකද ඕනි කෙනෙක්ට ගිහින් දෙනවා ඉතිං.මේ යන්න ඉස්සෙල්ල මට අයිතිදෙයක් නපුරු ඔයා ළග තියේ ඒක දීලා යනවා."
"ඒ මොනාද ඒ....?"
"මගේ හදවත"
"පිස්සු කතා කරන්න එපා....මං මැරෙයි ඒක දුන්නොත්.... ?"
"ඒ කියන්නේ ඔයා මට ආදරෙයි..."
"කවුද එහෙම කිව්වේ....? මම ඔයාට මගේ ලග තියෙන ඔයාගේ හදවත දුන්නාම මට එකක් නෑනේ.මගේ හදවත ඔයා ලගනේ...ඒක දෙන්න එතකොට දෙන්නම්......"
"නපුරුම නපුරුයි ඔයා නම්.....මම තරහම තරහයි......" කියමින් ඇය මා අසලින් නැගිට වෙරළ වෙත දිවයන්නට විය.ඇය වෙරළේ නැවතී ඈත ක්ෂිතිජය දෙස බලා සිටින්නට විය.මිනිත්තු කිහිපයක් ඇයට එසේ සිටින්නට ඉඩදී මා ඇය වෙත පා නැගුවෙමි.ඇගේ ඉනවට මගේ දෑත් යවා ඇයගේ උරහිස මතට මගේ නිකට තබා ඇයට බර වීමි.
"මේ මුහුදේ කොච්චර වතුර තියෙනවද?" මම ඇගෙන් ඇසුවෙමි.
"මම දන්නේ නෑ...." ඒ ඇගේ නෝක්කාඩු හඬයි.
"මේ මුහුදේ වැලි කොච්චර තියෙනවද?"
"මං දන්නේ කොහොමද?"
"අර පේන අහස කොච්චර විශාලද?"
"මේ මම ඕවා දන්නේ නෑ....දැන් කීපාරක් කීවද?"
"දන්නවද මම අන්න ඒ තරම්ම ඔයාට ආදරෙයි චුටි පැටියෝ... ඇත්තමයි....."
"ඉතිං මට මොකද?"
"තාමත් තරහද?"
"ඔව්"
"මම නම් අහල තියෙන්නේ ආදරේ අයත් එක්ක තරහා වෙන්න බෑ කියලා....ඒ කියන්නේ මට ආදරේ නැද්ද.....?"
"ඔව්..."
"එහෙම කියන්නෙපා මං මැරෙයි...."
"ම්ම්ම්ම්ම් නපුරු උනත් ඉතිං මොනා කරන්නද ඔයා මගේනේ.ඉවසන් ඉන්නම්කෝ."
"අන්න හොද භාර්යාවක් වීමේ ලක්ෂණ.ඉවසීම තමයි වැදගත්ම දේ......"
"ආ....ඇත්තද...?"
"කෝ ඔය ඇස් දෙක පොඩ්ඩක් පියා ගන්නකෝ ඉතිං....."
"අනේ මේ......"
"අහ් එහෙනම් ඉන්නවකෝ...." කියමින් මම ඇයගේ සිනිදු කොපුල බලෙන් මෙන් සිපගත්තෙමි.
"ඔය ඉතිං......" කියමින් ඇය වට පිට බලමින් මගේ තුරුලෙන් මිදුනේ බොරු ලැජ්ජාවක් මවාගනිමිනි.
"සමාවෙන්න මහත්තයා......" එකවර ඇසුණු ඒ හඩින්, මීට අවුරුදු 10කට පමණ පෙර ඒ මගේ සුන්දර අතීතයේ සිට පියවී සිහියට පැමිණි මා ඇමතු තැනැත්තා දෙස මගේ දෑසේ තිබු කඳුළු ඔහුට වසන් කරමින් බැලිමි.හැඩරුවින් සාමාන්‍ය වුවත් කරණාබර මුහුණ කෙදිනක හෝ දැක ඇතත් එක්වරම මනසට ඒ කවුරුන්දැයි සිතාගත නොහැකි විය.
"මහත්තයට බාධා කලානම් සමාවෙන්න......ම්ම්ම් මහත්තයට මාව මතක නෑ වගේ....." මා ඔහුදෙස පුදුමයෙන් බලාසිටියේ තමත් ඔහු කවුදැයි කීමට නිච්චියක් නැති නිසාවෙනි.
"මට ඔබතුමාව දැකල පුරුදු වගේ දැනුනත් කවුද කියලා හරියටම මතකයක් නෑ." මම මගේ හඬ අවදි කලෙමි.
"මහත්තයා වැඩ කලේ ඇඹිලිපිටිය ලංකා බැංකුවේ නේද?"
"ඔව්...මම ඉස්සර එහේ තමා වැඩ කලේ.ඔබතුමා මාව දන්නේ කොහොමද?"
"එක දවසක් මම බැංකුවෙන් ණයක් ගන්න ආපුවහම මට ඒ ණය ගන්න බෑ කියලා බැංකුවේ මහත්තුරු කිව්ව වෙලාවේ මහත්තය තමයි ඇවිත් මට ඒ ණය ගන්න උදව් කලේ.දැන් මතකද මාව මහත්තයට?"
ඒ මීට අවුරුදු හයකට පමණ පෙර සිදුවු සිදුවීමකි.
"අහා...දැන් මතක් වුනා.....ඉතිං මෙහේ කොහෙද ඔබතුමා...?ඔබතුමාට පුදුම මතකයක් නේ තියෙන්නේ."
"මහත්තයා එදා ගන්න උදවු කල ණය නිසා තමයි අද මම මෙතන ඉන්නේ....."
"ඒ කිව්වේ....?" මම පුදුමයෙන් මෙන් ඔහුගෙන් ඇසුවෙමි.
"මහත්තයෝ මම එදා ඒ ණය ගත්තේ මගේ දුගේ විශ්වවිද්‍යාල ගමනට.ඉතිං ඇය දැන් උපාධියත් අරන් ආදායම් බදු දෙපාර්තමේනතුවේ වැඩ කරනවා.දු දැන් විවාහ වෙලා.දැන් මම ඉන්නේ දුගේ ගෙදර මහත්තයෝ.ඉතිං මම හුගක් දවස්වලට හවසට මේ මුහුදු වෙරළට ඇවිත් මුහුද දිහා, ඉන්න මිනිසුන් දිහා බලන් ඉන්නවා.ඒදා මහත්තයා මට අර ලොකු උදව්ව නොකරන්න මගේ දුගේ අධ්‍යාපනය එතනින් නවතිනවා.මහත්තයා දෙවියෙක්." එසේ පවසන විට ඔහුගේ ඇසට නැගුණ කදුළු මගේ ඇසටත් ඉනුවාදැයි දැනුනි.
"අදත් ඉතිං ආවා පොඩ්ඩක් මුහුද පැත්තට....එතකොට තමයි මහත්තයාව දැක්කේ.අදහගන්නත් බැරිවුනා.ඒ පාර තමයි ඇවිත් කතා කලේ."
"ඉතිං ඔබ තුමා මේ ළගද ඉන්නේ....?" මම නැවත්ත හඬ අවදි කලෙමි.
"අහ්....ඔව් මහත්තයෝ....මහ පාරට ගියහම තියෙන පළමු පටුමගේ හතරවන ගේ.ම්ම්ම්ම් මහත්තයා මොකද මෙතන කරන්නේ....?"
"නිකං ආවා පොඩ්ඩක්....."
"අද හරියට මුහුද සැරයි වගේ....ම්ම්ම්...හරියට මහත්තයගේ සිත වගේ නේද....."
මම ඔහුදෙස එකවර බැලුවේ ඔහු කෙසේද මගේ හිත කියෙව්වේ කියා පුදුමයට පත්වයි.
"අනේ මහත්තය මම නිකං කීවේ...වැරදි දෙයක් ඇහුවනම් සමාවෙන්න....ඒක නෙවේ දැන් අර සීදේවි දැරිවි එහෙම හොදින්ද?"
ඒ වදනින් මා තිගැස්සී ගියේය.ඔහු මේ කා ගැනද කතා කරන්නේ.
"ඔබතුමා කවුරු ගැනද කියන්නේ....? "
"ඇයි මහත්තයෝ අර ඒකාලේ හිටපු ගෑණු දැරිවි.මොනා නැතත් සීදේවි දැරිවි. "
"ඔබතුමා කොහොමද ඇය ගැන දන්නේ....?"
"ඇයි මහත්තයෝ එදා මම ණය ගන්න ආපු වෙලාවේ මහත්තයගේ මේසේ උඩ තියාන තිබ්බ අහිංසක සීදේවි ගෑණු දැරිවියකගේ පිංතූරයක්.ඒ මහත්තයගේ හිත ගිය ගෑණු දැරිවි කියලා මට දැක්ක ගමන්ම හිතුනා.දෙන්න නම් නියමෙට ගැලපෙනවා." අහිංසක අවංකව ඔහු ඒ කී වදන් මගේ සිත තුල දොංකාර දෙන්නට විය.මොහු කතාකරන්නේ මගේ සදා ආදරණිය පෙම්වතිය ගැනයි.
"ඇය දැන් මගේ ලග නෑ....." දුගු සුසුමක් සුළගට එක්කල මා ඉතාමත් පහත් ස්වරයෙන් පිළිතුරු දුනි.
"මොනවා....ඒ කිව්වේ මහත්තයෝ......ඇහුවට සමාවෙන්න මහත්තයෝ.....මහත්තයා මොකක්දෝ ලොකු දුකකින් ඉන්නවා වගේ කියලා තමයි මටනම් දැනෙන්නෙම.මහත්තය කැමතිනම් මට මහත්තයාගේ හිතේ සඟවන් ඉන්නදේ කියන්න.මහත්තයා වගේ දෙවි කෙනෙක්ට උදව්වක් කරන්න ලැබෙනවනම් ඒකත් සතුටක්"
"හ්ම්........ මෙනාකරන්නද.....දැන් වෙන්න ඕනි දේවල් සියල්ලම වෙලා ඉවරයි.මේක මගෙත් ඇයගෙත් දෛවයයි."
"ඇයි මහත්තයෝ ඒ ගෑණු දැරිවි මහත්තයා දාලා ගියාද...?" දුක්මුසු ස්වරයෙන් ඔහු ඒ ඇසු ප්‍රශ්නයට මා කෙළෙස පිළිතුරු දෙන්නද.
"හ්ම්ම්ම්ම්......ඒක දිග කතාවක්." මම දිගු සුසුමක් හෙලමින් මගේ දුක්බර කතාව ඔහුට පැවසීමට අමාරුවෙන් සිත එක්තැන් කරගත්තෙමි.
"ඔබතුමා එදා දැක්කේ මගේ සදා ආදරණිය පෙමිවතියව තමයි.එයාගේ නම නදීකා.මම එයාට ආදරේට කීවේ නදී කියලා.ඇය ඇත්තටම අවංක, අහිංසක කෙනෙක්.අදටත් එයාට මම ගෞරව කරනවා ඇගේ ගතිගුණ වලට.එයා මට එයාගේ පණට නොදෙවෙනිව ආදරේ කලා.මමත් එහෙමයි.අපි ගොඩාක් සතුටින් හිටියා.අපි දෙන්නා යාළුවුනේ A/L කරනකොට.හරිම සුන්දර අතීතයක්.ආයෙත් ඒ අතීතයට යන්න ඇත්තනම් කියලා හිතෙනවා.එහෙම වුනෙත් මගේ අතින් වුන වැරදි නිවැරදි කරන්නත් පුළුවන්. "
"මම මහත්තයට කතා කරපු වෙලාවේ මහත්තයා ඒ සුන්දර අතීතයේ වෙන්න ඕනි ඉන්න ඇත්තේ.ඉතිං මහත්තයෝ මොනාද මහත්තය අතින් වුන වැරදි?" ඔහු ඔහුට නැගුනු ප්‍රශ්න පෙලට මගෙන් පිළිතුරු බලාපොරොත්තු වුයේ නෙඉවසිල්ලෙනි.
"ඔබතුමා මාව දෙවියෙක් විදිහට සැලකුවට මම මේ ලෝකේ ඉන්න කාලකන්නිම මනුස්සයා.මම ජීවිත දෙකක් කාලකන්නිකලා.මම මහ පව් කාරයෙක්......" මම මගේ සිතේ තිබු සියළුම දේ ඔහුවෙත දිගහැරියෙමි.
"ඇයි මහත්තයෝ එහෙම කියන්නේ....මොකක්ද මහත්තය අතින් වුන වැරැද්ද?ඇයි එහෙම කලේ?"
"අපි දෙන්නගේ සම්බන්ධයට අවුරුදු 8ක් විතර වෙනකොට අපි දෙන්නගේ ගෙවල් වලින් අපේ සම්බන්ධය දැනගත්තා.ඇයගේ ගෙදර අයගේනම් කිසිම විරුද්ධත්වයක් තිබුනේ නෑ.නමුත් අපේ ගෙදර අය අපේ මේ සම්බන්ධයට ගොඩාක් විරුද්ධ වුනා.මම හිතුවෙත් මුලදී මෙහෙමවුනාට පහුවෙනකොට ඒ විරුද්ධකම් නැත්තටම නැතිවෙයි කියලා.ඒත් එන්න එන්නම ඒ අපේ ගෙදරින් තිබ්බ විරුද්ධකම් වැඩිවෙන්න ගත්තා." ඉතිරිය ඔහුට කියන්න හිතට දිරිගන්න මම මගේ කතාව මදකට නැවතුවෙමි.
"ඇයි මහත්තයෝ ඉතිං ඒ විදිහට අකමැතිවුනේ මහත්තයගේ ගෙදරින්?"
"ම්ම්ම්ම්ම් අපේ ගෙදර අයට විකාර.ඇයගේ පවුලේ අය අපේ පවුලට ගැලපෙන්නේ නැතිලු."
"හ්ම්.....ඒ කියන්නේ එයා අඩු කුලේ කෙනෙක්ද?" ඔහු මගේ කතාවට බාධා කරමින් ඔහුගේ ප්‍රශ්නය ඉදිරිපත්කලේය.
"ඔව්....ඒත් මම ඒගැන ඉස්සෙල්ල දැන සිටියත් පොඩ්ඩක් වත් හිතුවෙත් නෑ.මොකද මට කෙනෙක්ගේ ඒ දෙවල් වලින් වැඩක් නැති නිසා.මට ඕනි ආදරය, අවංකකම, හොද ගතිගුණ ඉහටත් උඩින් ඇය සතුව තිබුණා."
"ඉතිං මහත්තයා ගෙදර අයගේ කීම අහල ඇයගෙන් වෙන්වුණා." ඔහු නැවත්ත ඔහුගේ හරස් ප්‍රශ්නාවලිය ඉදිරිපත් කලේය.
"ම්ම්ම්ම්.....නැහැ.....මම ගෙදර විරුද්ධකම් ඉවසන් දරාන ඇයට වෙනදටත් වඩා ආදරෙන් හිටියා.ගෙදර විරුද්ධකම් එන්න එන්නම වැඩිවුනොත් ඇය සමග හොරෙන් විවාහ වෙන්න පවා මම සිතන් හිටියා.මම ඇයටත් ඒ ගැන කිව්වා.ඇයගේත් අකමැත්තක් තිබුනේ නෑ.ඒත් හදිස්සියේම මගේ අම්මට හෘදයාබාධයක් හැදුණා.අම්මට සැත්කමක් කරලා බොහොම අමාරුවෙන් බේරාගත්තේ.ඉතිං දොස්තරලා කිව්වා ඇයව පරිස්සමින් බලාගන්න.ඇයට දුකක් වේදනාවක් දැනෙන් දෙන්න එපා.එහෙම වුනොත් අම්ගේ ජීවිතය අහිමිවෙයි කියලා කිව්වා.දැන් තමයි මගේ ජීවිතයේ බලාපොරොත්තු, හීන ඒ හැමදෙයක්ම එකින් එක බිදවැටෙන්න ගත්තේ.අම්මට තිබ්බ ආදරේ නිසා මට දැඩි තීරණයක් ගන්නත් බෑ."
"හ්ම්.....මට තේරෙනවා මහත්තයෝ...ඔය වගේ තැන් වලදි අපි පුදුම විදිහට හිරවෙන්නේ.මම ඒ නිසාමයි මගේ දුට කිව්වේ..උඹ කැමති උඹට හොදයි කියලා හිතෙන කෙනෙක්ව බැදගන්න කියලා.මොකද බැදල ඉන්නේ මම නෙවේනේ.එයයි බැන්ද එක්කෙනා එක්ක දිගු කාලයක් ඉන්න ඕනි.මම ඒ නිසා ඇයට සම්පුර්ණ නිදහස ලබාදුන්නා." ඔහුගේ ඒ වදන් සවන වැකෙද්දි මට හිතුනේ මගේ අම්මත් තාත්තත් මේ වගේ වුනානම් අද මමත් ඇයත් කොච්චර සතුටින්ද කියලා.
"ඉතිං ඉතිං මහත්තයෝ.....ඊට පස්සේ මොකද වුනේ....." ඔහු මගේ කල්පනාව නැවතත් කතාවට හරවාගත්තා.
"හ්ම්......ඔය අතරේ මගේ තාත්තගේ යාළුවෙක්ගේ දුවෙක් ගැන මට යෝජනාවක් ආවා.ඇයගේ නම ශාලිකා.ඇය පොහොසත්.ඉතිං අපේ ගෙදර අය එයාට මගෙනුත් අහන්නේ නැතිව කැමැත්ත දීලා ඉවරයි.දවසක් රෑ මම මේගැන කතා කලා ගෙදර අය එක්ක.ඒ හේතුව නිසාද මන්දා පහුවදා අම්මට ආයේ අමාරුවුනා.ඉතිං ඇයව රෝහල් ගත කරලා සති කිහිපයකින් මරණය දැක දැක නැවත් සුවය ලැබුවා."
"ඊට පස්සේ මහත්තයගේ ගෙදර අයගේන් අර යොජනාවට තිබ්බ බලපෑම වැඩිවෙන්න ඇති නේද?" ඒ මම ඊළගට කියන්න හදපු දේ.ඔහු දැන් මගේ මුළු හිතම කියවා ඇතිබව වැටහුණි.
"ඔව් ඔබතුමා හරි.පස්සේ මට සිද්ධවුණා ගෙදර අයගේ බලපෑම මත ශාලිකාට කැමැත්ත දෙන්න.ඔබතුමාට කියන්න අද වෙනතුරුත් මම ඇයට ආදරේ කරලා නෑ.ඒක මම අවංකව කියනවා.ඇය පිටරට ඉගෙන ගත්ත කෙනෙක්.ජීවිතයේ වැඩි හරියක් ඉදල තියෙන්නේ රට.ඇයට අන් අයගේ හැගීම් තේරුම් ගැනීමේ හැකියාවක් ඇත්තෙම නෑ.ඇය මට කැමති වුනත් ඇය මට අද වෙනතුරුත් ආදරෙයි කියලා නෑ.ඒහෙම කෙනෙක් එක්ක තමයි මට විවාහ වෙන්න වුනේ.මම මේ ගැන කීවමා නදීට, එයා කිව්ව කමක් නෑ තරිඳු ඔයා ඔයාගේ අම්මා වෙනුවෙන් මාව අමතක කරන්න.මොනතරම් දේවල් ලැබුණත් ඇය වගේ කෙනෙක් මට අහිමි වෙන්න තරම් මම අවාසනාවන්තයෙක් වුනා.මම ඇගෙන් වෙන්වුන දවසේ මට දැනුනේ මම බාගෙට මැරුණා කියලා.කරන්නේ මොනාද කියන්නේ මොනාද කියලා කිසිම වගක් නෑ.ඔහොම ජීවිතය ගෙවිලා ඊට මාස දෙකකට විතර පස්සේ මට තාත්තගේ යාළුවගේ දුවව බදින්නවුනා.මා බැදපු දවසේ රෑ මගේ සදාආදර පෙම්වතිය නිදී නිදි පෙති බීලා.ඇය මගෙන් සදහටම වෙන්වුණා.මම ඒ බව දන්නේ මාස කිපයකට පස්සේ.මට එයාගේ මිනියවත් බලන්න යන්න ලැබුනේ නෑ.ඒත් අදටත් මම එයාගේ සොහොනට ගිහින් ඇය එක්ක කතා කරනවා."
"හ්ම්.....මට නම් හිතාගන්නවත් බෑ මහත්තයෝ.මහත්තයා කොහොමද මේවගේ දුකක් මෙච්චරකල් හිතේ තද කරන් ඉන්නේ...? මහත්තයලට ළමයි නැද්ද?"
"මම හිතුවා ඔබ තුමා ඕකත් අහයි කියලා.මම ශාලිකා එක්ක විවාහ වුනාට අපි අතරේ කිසිම සබැදියාවක් තිබුනේ නෑ.එයා එයාගේ ලෝකේ.මම මගේ ලොකේ.ගෙදර අයට පේන්න අපි එකට ඉන්නවා.දැන්නම් තේරෙන්නේ ඇය මාව බැන්දේ දේපල තණ්හාවට කියලා.එයා මට පොඩ්ඩක් වත් ආදරේ කරලා නෑ.පස්සේ පස්සේ අපි දෙන්නා අතරේ රණ්ඩු ඇති වුනා.එයා මාර දුතියක් වගේ.හරිම සැරයි.ඒ හැමදේටම ප්‍රධාන හේතුව අපි දෙන්නගේ නොගැළපීමයි."
"එතකොට මහත්තයෝ කෝ දැන් මහත්තයගේ බිරිද?"
මම ඉදි ගල් තලාවෙන් නැගී සිටියේ තවත් කීමට දෙයක් මා සතුව නොමැති නිසාවෙනි.
"ඇයි මහත්තයෝ එයා දැන් කෝ...?" ඔහුගේ කුතුහලය මගේ ක්‍රියාවන් වැඩිකරන්නට ඇත.
"හ්ම්ම්ම්ම්......අද මම එයාගෙන් දික්කසාද වුනා....." දිගු සුසුමක් සීතල සුළඟට එක්කරමින් මා මගේ කතාව අවසාන කලෙමි.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... : |
56 comments:
අම්මෝ මාරම දුකයි සහෝ,ඇහැ අගට කදුලු බිංදුවක් එකතු වුනේ නැහැ කිවුවොත් ඒක බොරුවක්.හතුරෙක්ටවත් මෙහෙම වෙන්න එපා
September 2, 2010 at 11:02 AM@පුබුදුවා
September 2, 2010 at 11:15 AMහ්ම්...ඒක ඇත්ත....නෙවන් මෙවන් විපතක් හතුරෙකුටවත්....ඒත් මේවගේ වේදනාත්මක දේවල් අනන්තවත් ලොකයේ සිදුවෙනවා.....
ස්තූතියි සහෝ.......
ජීවිතය''''''''''''
September 2, 2010 at 11:17 AMඅපිට කැමතිදේ ඈතටම ගෙනියන ජීවිතය තමයි නේද අයියේ............ :f :f
කතාව නම් හරිම ලස්සනයි........... :q
@හා පැටික්කි (MS)
September 2, 2010 at 11:23 AMහ්ම්....කැමති දේ ඇත්කරලා අකමැති දේ ලගට ගෙනෙන අමුතුම දේ...ජීවිතය....
ස්තූතියි නංගියෝ.......
එක හුස්මට කියෙව්වා ඔන් .....
September 2, 2010 at 11:33 AMහරියට නට්‍යක් බැලුවා වගේ ...
එළ මලයා ඔහෙම යමු ...........
මිනිස්සු තාම තෙරුම් ගන්නේ නැති හැටියක්....එකයිවෙලා තියෙන්නේ....
September 2, 2010 at 11:40 AMඇස්වලට කදුලු එන තරමට ලස්සනට ලියලා තියනවා....
කුලමළවලට වඩා.....නොගැල පීම මහාලොකු අවුලක්....
හැම මිනිහෙක්ගෙම ..දුවන්නේ ..රතුපාට ලේ....මමනම් කියන්නේ එකයි වැදගත්...
හප්පා.. හරිම දුක හිතෙන සටහනක් නෙව...
September 2, 2010 at 11:50 AMහප්පා. කියන්න දෙයක් නැහැ අප්පා. අපරාදේ නිදි පෙති බිව්වේ. අද වෙනකං හිටියා නං...............
September 2, 2010 at 12:18 PMකියන්න දෙයන් නෑ... ඇතිවීම නැතිවීම ලබා ගැනීම..... අනේ මන්ද... මිනිස්සු කවදාවත් තවත් මිනිහෙක්ව තේරුන් ගන්න එකක් නෑ...
September 2, 2010 at 12:50 PMහරිම ලස්සනයි කතාව මැවි මැවී පේනවා.......
September 2, 2010 at 12:52 PMපිස්සු හැදෙනවා සහෝ.... මාර විදියට හිතට දැනුනා මට... :b
September 2, 2010 at 1:05 PMඅනේ මන්දා...පසු තැවෙන්න වෙන බව දැන දැනම තීරණ ගැනීමට මම නම් එකඟ නෑ....දුකයි...ඒත් වැරැද්දත් තමා ලඟමයි......
September 2, 2010 at 1:07 PMහ්ම්ම්...දුකයි පවු අනේ එයා..... :f ඔයා ලස්සනට ලියනවා හසියෝ... :q
September 2, 2010 at 1:37 PMගොඩක් දවසකින් අපේ හසියාගේ නවාතැනට ගොඩඋනා මේ අසියා.......හිමිවිමක් නැතිනම් අහිමිවිමකුත් නැ.....
September 2, 2010 at 2:00 PMඑක හුස්මටම කියෙවුවා මචං..
September 2, 2010 at 3:21 PMගොඩාක් ලස්සනයි බං...
@වැප්
September 2, 2010 at 3:57 PMඑච්චර දිගද...දන්නවනම් කොටස් දෙකක නාට්‍යයක් කරනවා....
ම්ම්ම් මේවගේ ඇත්ත ජීවිත නැද්ද?
හිහිහි බොහෝමත්ම ස්තූතියි අයියා.....
@ඉලංදාරියා
September 2, 2010 at 4:02 PMහ්ම්...කියනකොට කියන්නේ..අපි ඉන්නේ 21වෙනි ශතවර්ෂයේ කියලා...ඒ වුනාට අදහස් 18 වෙනි ඒවටත් එහා ඒවා....
බොහෝමත්ම ස්තූතියි අයියා...වැරදි අඩු පාඩු පෙන්නල දුන්නොත් හදාගන්න පුළුහන්...
ඔව් අයියේ....ඒක ඇත්ත....අයියලා වගේ හැමොම හිතන්නේ නෑ...
වැඩිහිටි අය විතරක් නෙවේ දැන්මේක අළුත් ට්‍රෙන්ඩ් එකක් වෙලා...කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලෝම එක වගේ පටු අදහස් ඔළුවේ දාගෙන....එයා අරහෙම නිසා මම එයාව අතෑරියා....ඔහොමනේ කියන්නේ.......
@තිස්ස දොඩන්ගොඩ
September 2, 2010 at 4:03 PMඒ කියන්නේ අපේ ගුරුතුමී හොදයි නේද තිස්ස අයියේ?
බොහොමත්ම ස්තූතියි අයියේ....
@RanDil
September 2, 2010 at 4:05 PMඒකනේ නේද? ක්ෂණික තීරණ වලට එලඹීම හා හැගීම් වලට වහල් වීම කියන්නේ මෙකටනේ...
බොහෝමත්ම ස්තූතියි සහෝ......
@Pasan
September 2, 2010 at 4:08 PMහ්ම්....සමහර දෙමව්පියෝ ලමයින්ට නීති දාන්නේ තමන් ඒකාලේ කරපුදේවල් අමතක කරලා.එයාලත් ඒ කාලේ එහෙම හැසිරුනා නේද කියන එක අමතක කරලා.ඒ විදිහට නරකටම හැසිරුණ අය තමයි වැඩිපුරම බකට් දාන්නේ...බොරුනම් පොඩ්ඩක් හොයලා බලන්‍නකෝ...
බොහෝමත්ම ස්තුතීයි සහෝ....
@අනෝමි ගමගේ
September 2, 2010 at 4:09 PMමැවිලා පෙනෙවී නාටකේ...
හේහේහහේ බොහෝමත්ම ස්තූතියි අක‍්කේ.....
@ළමයා
September 2, 2010 at 4:10 PMමේක කතාවක් විතරයි ළමයෝ..ඒත් ඇත්තට වින්ද අය කොයිතරම් ඇත්ද? ඒ අයගේ දුක කොහොම හිටියිද?
බොහෝමත්ම ස්තූතියි ළමයෝ.....
@Shadow/හේමලයා
September 2, 2010 at 4:15 PMඅම්මා තාත්තාට තියෙන ආදරේ නිසා ළමයි අන්ත අසරණ වෙච්ච වෙලාවල් මන් අන්නතවත් දැකලා තියෙනවා.මම කිවවේ ප්‍රේම සබදතාවලදී.අම්මා තාත්තට විරුද්ධව වැඩ කරන්න කැමති නැති අය කොච්චර ඉන්නවද? ඒ වගේ වෙලාවක මොකද කරනනේ...?ලොකුම අවුලක් නේද?
තේරුම් ගන්න ඕනි දෙමව්පියෝයි....එහෙම නේද?
බොහෝමත්ම ස්තූතියි අයියා.....
@හසී
September 2, 2010 at 4:17 PMහ්ම්....ඇයි අනේ එයාට පණ දුන්න මම පවු නැද්ද? අපි ඔටුවෝ...?
ගුරුතුමිගේ හොද තමයි.....
බොහෝමත්ම ස්තූතියි හසී කෙල්ලේ(අක්කේ)...
@අසි...
September 2, 2010 at 4:19 PMහ්ම්....මම හිතුවා අපිව අමතක වෙලා කියලා....
හ්ම්...ඒකනේ හමුවීම දුකක් වෙන්වීමක් ඇති විටදී කියන්නේ....
බොහෝමත්ම ස්තූතියි අයියේ..
@සෝරෝ
September 2, 2010 at 4:21 PMකතාව දිග වැඩි වෙලාද මන්ද? මහන්සිද? එහෙනම් තේ එකක් බීලා යමුකෝ ආපුත් එකේ....
හ්ම්....බොහෝමත්ම ස්තූතියි අයියේ...
මචෝ. මෙන්න මෙතනිං පස්සෙ ටික මට එපා..
September 2, 2010 at 4:37 PM"සමාවෙන්න මහත්තයා......" එකවර ඇසුණු ඒ හඩින්,.....
මේව ලිය ලිය ඉන්නේ ෆිල්ම් එකක් වත් කරමු.
September 2, 2010 at 4:50 PMමොකද බන් මිනිස්සුන්ව අඩවන්නෙ ? :'( :'(
September 2, 2010 at 5:30 PM@Kanishka | කණියා
September 2, 2010 at 5:45 PMහිහිහි සතුට විතරක්නෙවේ බං දුකත් එකලෙසම විදින්න පුළුහන් වෙන්න ඕනි.....
බොහෝමත්ම ස්තූතිය මචෝ......
@priyantha.ඒබී
September 2, 2010 at 5:46 PMහිහිහි සල්ලි නෑ බං......
බොහෝමත්ම ස්තූතියි සහෝ....
@Bunny !
September 2, 2010 at 5:47 PMඋඹ මොකටද බනියෝ ඇඩුවේ....කවුරුවත් උඹව අඩෙව්වේ නෑනේ.....
බොහෝමත්ම ස්තූතියි බනියෝ......
ඇහිපිය නොහෙලා කියෙව්වා. ඉස්තරම්.
September 2, 2010 at 6:02 PMම්හ්... කතාව දිග වැඩියි කියලා මට නම් හිතෙන්නේ නැහැ. කොහොම වුණත් කොටස් කරනවාට වඩා ඕනෑම කතාවක් එක දිගට දාන්ඩ පුළුවන්නම් තමයි හොඳ..
September 2, 2010 at 6:04 PMඇත්තටම මෙහෙම ප්‍රශ්නෙක ජීවත් වෙන එක බොහොම අමාරුයි. මම දන්න කෙනෙකුගේ අත්දැකීමකුත් තියෙනවා මේ විදිහටම..
මොක වුණත් හසියා මල්ලිට නම් ජීවිතේ කිසිම දිනෙක ඔහොම කේස් එකක් නොවේවා කියලා පතනවා...
ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
September 2, 2010 at 6:55 PM@හිරු ප්‍රභා
September 2, 2010 at 7:59 PMඅහ් ඇස් දෙක රිදුනේ නැද්ද....?බොහෝමත්ම ස්තූතියි සහෝ.....
බොහොම සාර්ථක කතාවක් හදවතේ පතුලටම දැනුනු. . . :q
September 2, 2010 at 8:04 PMයාම් හා එම් ඇති මේ ජිවිතය තුළ කොතෙක් දෑ සිදුවේද
නොගොස් ආ නොහැක නොඇවිත් යා නොහැක
හිතට එකගව ගන්න අමාරු තීරණ මිනිස්සු කොතරම් නම් මේ ජිවිත කාලය තුළ ගන්නවාද පසුතැවෙන්න වෙන බව දැන දැනම කුමක් කරන්නද අටලෝ දහමින් කම්පා නොවි දිවි ගෙවනුහැර :a
@Jeew
September 2, 2010 at 8:07 PMහ්ම්....ඒක ඇත්ත....
අනේ හෆෝයි....
හිහිහිහිහි බලමු බලමු....තව කල් තියෙනවනේ...ඔය පැත්ත ගැන නම් වැඩිය හිතලා නෑ...(හිතන්න ගිහින් කෙලවුන හන්දා)
කියන්න බෑ හසියට ඔය වගේ දෙයක් වුනොත් පුදුම වෙන්නත් දෙයක් නෑ...
බොහෝමත්ම ස්තූතියි අයියා.....
@අභීත
September 2, 2010 at 8:26 PMඉවසීමේ සිමාවක් තියෙනවා නේද?ඒ සීමාව පැන්නහම මොකද වෙන්නේ....?
බොහෝමත්ම ස්තූතියි සහෝ.....
@හසී රන්
September 2, 2010 at 8:30 PMහ්ම්....බොහෝමත්ම ස්තූතියි අක්කේ...ස්තූතියයා යුත්තේ මගේ ගුරුවරියවන වත්සලා අක්කිට.
ඒක ඇත්ත....
MaXxA අයියෙ.........සුපිරි අද්දැකීම් ගොඩක් හම්බුනා වගේ
September 2, 2010 at 10:20 PM@Hasitha ජයසූරිය
September 2, 2010 at 10:38 PMහේහේහේ බොහෝමත්ම ස්තූතියි පොඩ්ඩෝ....දැන් මොනද උඹ අත්දැක්ක වගේ දැනුනු සුපිරි අත්දැකීම්?
හිතට තදින්ම දැනුණු නිර්මාණයක්!
September 2, 2010 at 11:08 PMඋඹ මාව මගේ අනාගතයට ගෙනිහින් ආපහු අතීතය හරහා වර්තමානයට ගෙනාවා....
@sansarasidu
September 2, 2010 at 11:16 PMම්ම්ම්ම් බොහෝමත්ම ස්තූතියි අයියේ....
මම එච්චර දරුණු වුනාද? අනේ හෆෝයි.....ඇයි එහෙම කියන්නේ....?(හිත රිදුනනම් දහස්වරක් සමාවෙන්න....)
නියමයි හසියෝ...නියමයි...
September 3, 2010 at 10:29 AM@මාරයාගේ හෝරාව
September 3, 2010 at 11:06 AMහේහේහේ බොහෝමත්ම ස්තූතියි මාරයියේ.....
වෙන හේතුවක් නිසා නෙමෙයි මලේ
September 3, 2010 at 8:10 PMඋඹේ මේ නිර්මාණය මං අද මුහුණ දිල තියෙන තත්වයට ගොඩක් සමීප නිසයි... (ඉඩක් ලැබුණොත් මගේ කහකිරිල්ලි පෝස්ට් එක කියවපං..උඹට හැමදේම තේරෙයි...කොටින්ම දැන් මං අළුත් නිර්මාණ කරන එක අතෑරල කතන්දර කිය කිය ඉන්නෙ ඇයි කියලත් උඹට තේරෙයි මලේ...)
මොකටද බං සමාවක් ඉල්ලන්නෙ...
@sansarasidu
September 3, 2010 at 8:50 PMහ්ම්....කියන්න දෙයක් නෑ අයියේ....උඹ ගැන මට දුකයි....අපි කෙනෙක් සිනහ වු පමණින් ඒ කෙනා සතුටින් කියන එක කොච්චර වැරදිද කියලා හිතෙනවා.ඒ කෙනාගේ හදවතේ තියෙන දුක වෙදනාව දන්නේ ඒ කෙනාම විතරයි...
සියළුම සිතු තැවුල් නැතිවෙන්න කියලා මම හදවතින්ම ප්‍රිර්ථනා කරනවා.......
හිතපෑරුණා නම් සමාවෙන්න කිවේ....
සෑ....හෙන කාලෙකට පස්සේ කියවපු සංවේදි ප්‍රේම වෘතාන්තයක්. අගෙයි!
September 4, 2010 at 9:53 AM@Naදී
September 4, 2010 at 11:10 AMබොහෝමත්ම ස්තූතියි අක්කේ.....
මේක නිකන් ඇඩෙන්න ලියල නොවැ බන් උබ.... බොරු කියන්නේ මක්කටෙයි... ඇස් දෙකත් ලාවට තෙත් උනා මේක බලල ඉවර වෙද්දි...
September 4, 2010 at 1:37 PMමේ වගේ සිද්දි අනන්ත වෙනවා... අවාසනාවන්ත උනත් ඇත්ත ලොකේ මේ වගේ තරිඳුලා... ඕනි තරම්
@පිස්සා පලාමල්ල
September 4, 2010 at 1:50 PMබොහෝමත්ම ස්තූතියි අයියේ.....ලියන්න මට සාමන්‍යයෙන් බෑ මට....හැබැයි ඉගෙනගත්තේ ටිකක් හරි ලියන්න මේ බ්ලොග් අවකාශයේ බ්ලොග් කියවලා තමා...ඒ කියවන බ්ලෝග් වලට අයියගේ බ්ලෝග් එකත් අනිවා ඇතුළත්...ඉතිං ස්තූතියි යන්න ඕනි ඔයාලටම තමයි....
ඒක ඇත්ත....අයියේ....ඔය අයියට උඩ ඉන්නේ ඒ වගේ කෙනෙක්......ඒ බව දැනන් උන්නනම් මේ පෝස්ට් එක දාන්නේ නෑ.....
@෴ හසියා ෴ නැතිව නැතිව බොහොම හොඳා... ගෝලයා කරට කර ඉන්නවා වාගේ...
September 5, 2010 at 10:35 PM@තිස්ස දොඩන්ගොඩ
September 6, 2010 at 8:14 AMඅපෝ තිස්ස අයියේ....මගේ ලිවීම හොදටම බාලයි....කියවද්දි ඒක හොදටම තේරෙනවානේ....කොහොමවුනත් ගුරා හන්ද තමයි මේ ටිකවත්....
බොහෝමත්ම ස්තූතියි අයියේ.....
සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ
September 25, 2010 at 9:31 AMඑක් වූ කිසිවෙකුත් සැබෑ පෙම්වතුන් ලෙස
ජීවත් නොවේ
වෙන් වී ගියවුන්
සදාකල් පෙම්වතුන් ලෙසට ජීවත් වේ
කියලා ලූෂන් බුලත්සිංහල මහත්තයා කියන්නේ මේ නිසාද ?
ඇයි මම මේක කලින් දැක්කෙ නැත්තෙ. බොක්කටම වැදුන ඕන්. අවසන් වෙනකන් හිතුවෙ මේ උබට උන එකක් කියල.
October 7, 2010 at 9:48 PMPost a Comment
ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....