෴ සුභ උපන්දිනක් වේවා......!!! ෴





මල් ලොවට පිපි එන රතු රොස් මල වගේ
දෙවු ලොවට පා තැබුව හිම කුමාරිය වගේ
බ්ලොග් ලොවට කැලෙන් ආ සුදු පුළුන් හාවිගේ
උපන් දින සැමරුමට මෙන්න පැතුමක් අපේ.......



අද ඉතිං මේ අපේ පැන පැන යන හා පැටික්කිගේ උපන්දිනේ නොවැ.....ඉතිං අපි හිතුවා බ්ලොග් අවකා‍ශයේ ඉන්න කෂ්ටියත් එකතු කරගෙන අපේ හා පැටික්කිට සුභ පතන්න.......

කෝ එහෙනම් කට්ටිය දෙන්න බලන්න අත් හොදට උස්සලා අත්පුඩියක්........හරි හරි බොහෝමත්ම ස්තූතියි...දැන් කට්ටියම එකතු වෙලා හා පැටික්කි ඉටි පන්දම් නිමනකොට කියන්න අපිත් එක්ක හයියෙන් කෑගහලා.....




" හැපි බර්ත් ඩේ ටූ යූ......
හැපි බර්ත් ඩේ ටූ යූ......
හැපි බර්ත් ඩේ ඩියර් හා පැටික්කි......
හැපි බර්ත් ඩේටූ.... යූ......!!! "


ආ....නියමායි නියමායි.......

හා පැටික්කිගේ හා හදවතේ තියෙන සියළුම පැතුම් ඉටුවෙන්නත්‍‍‍...අනාගතය හිතනවටත් වඩා සාර්ථක වෙන්නත්....ඊයේ පෙරේදා ලියලා ඉවර වුන අ.පො.ස. උ.පෙ. ත් හිතනවටත් වඩා හොදට (පියාඹන පාට සහිතව) පාස් වෙන්නත්....අපි සමගම බ්ලොග් අවකාශය තුල පැන පැන යමින් චිරාත් කාලයක් ලිපි ලියන්නත්....ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලත්....අපි හැමෝම මුළු හදවතින්ම සුභ පතනවා.....


පැන පැන යන අපේ හා පැටික්කිට සුභම සුභ උපන්දිනයක් වේවා.......!!!



මෙන්න අපෙන් තෑගී.........


බ්ලොග් අවකාශයේ
සැරිසරන විට හමුවූ,
අවිහිංසක, කටකාර,
කවිකාරියකි නුඹ,
විටෙක යෙහෙලියකි,
විටෙක නැගණියකි,
ජීවන මගේ තවත් එක්
පියවරක් ඉදිරියට තබන
අපගේ ආදරණීය සොහොයුරියට
උපන්දින සුබ පැතුම් ගෙන එමි මෙසේ..........











දැන් කට්ටියට කවන එකයි ඇත්තේ කැරට්.....අහ් වැරදුනා කේක් කේක්.........



හා පැටික්කිගේ උපන් දිනය අමතක නොකල අපි.....


෴ සහෘද සිංහල බ්ලොග් කැල ෴
෴ සාඩම්බර හසී පවුල ෴
෴ වත් අක්කී ෴


තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

24 comments:

හප්පොච්චියේ හා පැටික්කි ගෙ උපන් දිනයද....


සුබම සුබ උපන් දිනයක් හා පැටික්කි නංගියාට.... අනාගතය සර්වප්‍රකාරයෙන්ම සර්ථක වෙන්න පතනවා.... මේ පාර නේද විබාගේ කලෙත්...

හසී පවුලට කලින් දාපු එකම ඔන්න ආයෙ දැම්ම... හි හි ...

September 9, 2010 at 3:55 PM  

ඔන්න අපෙනුත් උණුසුම් සුබ පැතුම්

September 9, 2010 at 6:06 PM  

මට මං ගැනම ලැජ්ජයි අප්පා..
එහෙන් බ්ලොගීගේ උපන් දිනේළු..මෙහෙන් අපේ හා නගාගේ උපන් දිනේළු..
මෙ මොකවත් දන්නේ නැතිව මම මෙහේ බකං නිලාගෙන ඉන්නවා.

අනේ අම්මෙ අන්තිම කෝච්චියේ හරි නගින්න එපැයි.

අපේ හා පැටික්කීට සුභම සුභ උපන් දිනක් වෙවා.
[සමා වෙයන් නගේ පරක්කු උනාට.]

September 9, 2010 at 7:20 PM  

හැප්පි හැප්පි බර්ත්ඩේ.......to හා පැටික්කි..:)))..

September 9, 2010 at 7:37 PM  

ඉරක් වී නැගෙන්න
ලොව අදුර මකාලන්න
මලක් වී පිපෙන්න
ගුණ සුවද විහිදුවාලන්න
දොලක් වී ගලන්න
සයුර හා සැනසෙන්න
වැස්ස වී වහින්න
අන් දුක සෝදා හරින්න
පතමි දිගාසිරි හාවියට
හැමදා සතුටින් ඉන්න
පිලිගන්න මගෙ උපන්දින
සුබ පැතුම ඔන්න !!!!!!!!!

:n :a

September 9, 2010 at 7:49 PM  

හා පැටික්කිට සුභම සුභ උපන්දිනයක සුබ පැතුම්!!!! :h :h
පමා වුනාට සුභ පතන්න සමාවෙන්න නගේ.. :b
හසි ස්තුතියි මතක් කරාට :a :a

September 9, 2010 at 8:39 PM  

මමත් ආමි! මෙන්න මගෙන් උනුවෙන් සුබ පැතුම්!

September 9, 2010 at 9:55 PM  

@පිස්සා පලාමල්ල
ඔව් නේන්නම්....මාර අයියලා තමා...ඒකවත් දන්නෑ...දැන් ඉතිං කැරට් ටිකක්වත් ගෙනත් දෙන එකයි ඇත්තේ....
ස්තුතියි අයියේ.....

September 9, 2010 at 10:45 PM  

@Hasitha ජයසූරිය
හේහේහේ....එල එල පොඩ්ඩෝ.....

September 9, 2010 at 10:48 PM  

@මාරයාගේ හෝරාව
හේහේහේ එහෙම තමයි අයියේ වැඩ රාජකාලී අධික වෙනකොට...කමක් නෑ...මේ එකතු වෙලා ඉන්නේ සුභ පතන්න අපේ හා පැටික්කිට.....

September 9, 2010 at 10:54 PM  

@Shadow/හේමලයා
එල එල එල......වී ඕල්සෝ විෂ් සෝ....

September 9, 2010 at 10:55 PM  

@හසී රන්
අහ් ඔය තියෙන්නේ කවියෙන්ම සුභ පතලා....එල එල.....

September 9, 2010 at 10:56 PM  

@පබලු
අපිත් එසේම සුභ පතනවා අක්කේ....
ඒකට කමෙක් නෑ...හා පැටික්කි තරහ වෙන එකක් නෑ...කෝකටත් කැරට් කිලෝ දෙක තුනක් අරන් යන්න....
හේහේහේ ඕවා මොනාද....කට්ටයගේ උපන්දින කිව්වෝත් බැරියා විෂ් කොරන්න....

September 9, 2010 at 10:58 PM  

@බුද්ධි
අහ් එල එල....මේ පිච්චෙයිද දන්නෑ...

September 9, 2010 at 10:59 PM  

ඔන්න හා පැටික්කිට සුභ පැතුව හැමොටම ස්තූතියි හොදේ....

මෙන්න හා පැටික්කි කේක් බෙදනවා....හා හා ඉතිං පොරකන්නේ නැතිව කේක් කන්න යන්න....

මෙන්න මෙතනින් යන්න‍‍‍‍....
ඔය ඔය ඉතිං පොර කනවා....කිව්වහම අහල පොරකන්නේ නැතිව යන්න‍‍...හා පැටික්කිට තදවෙයි ඕන් ඈ......එහෙම වුනොත් කේක් නැතිවෙයි ඔන්න...

September 9, 2010 at 11:25 PM  

මගෙනුත් සුභ පැතුම් හා පැටික්කිගේ 21උපන් දිනයට....!!!!

September 9, 2010 at 11:29 PM  

සුභ උපන්දිනයක් වේවා හා පැටික්කි!!!!!

September 9, 2010 at 11:48 PM  

@සොදුරු සිතැත්තී
එල එල ඔය තියෙන්නේ....හා හා ඒක කිව්ව ගමන් දිව්ව නේද කේක කන්න...බලමුකෝ ඒකෙත් හැටි.....

September 9, 2010 at 11:50 PM  

හිහී ඔයාට වැඩේ තේරුනානේ..?එච්චර ඉක්මනට දුවලත් බැරි වුනානෙ ලොකු කේක් කෑල්ලක් කන්න

September 10, 2010 at 6:57 AM  

‍බො‍හොම ස්තූතියි මගේ අයියා......... :t :t

හැමෝටමත් ‍බොහොම ස්තූතියි........ :h

ඔය අයියා කියල තියන තැනට යන්න ‍කෝ කේක් කාපු නැති අය....... :m :m

ආයෙමත් බො‍හොම ස්තූතියි හසියා අයියා..........

September 10, 2010 at 8:06 AM  

හසියෝ... මං නං සෑහෙන්න පරක්කුයි වගේ...

ඒත් කමක් නෑ... දැන් හරි දැනගත්ත එකම මදෑ...

හා නගේ.. උඹට සුබම සුබ අනාගතයකට මගෙනුත් සුබ පැතුම් !

ස්තූතියි හසියෝ මතක් කළාට...

September 10, 2010 at 5:01 PM  

@sansarasidu
හෙහෙහෙ නරකෙයි කේක් කෑල්ලක් කාලාම ගියානම්....තව තියෙද මන්ද..ගිහින් බැළුවනම්...නැතිනම් කැරට් අලයක් හරි දෙන්නේ නැතෑ කන්න......
අයියෝ ඕක සුළු දෙයක්......

September 10, 2010 at 7:50 PM  

@ කට්ටියටම

අහ් කට්ටියට කියන්න බැරිවුනානේ අපේ තව එක්කෙනෙක් උපන්දිනේ සමරනවා අද (September 9, 2010).එයත් මේ හා පැටික්කි වගේම පිස්සු පොරක්...පොරක් කිවට කෙලලෙක්...මම හිතන්නේ දවසේ අවුලක් වෙන්න ඕනි...දෙන්නම පිස්සෝ වුනේ....හික්ස්...වැඩිය ඕනි නෑ... ගිහින්ම බලන්නකෝ....

September 10, 2010 at 7:50 PM  

හෝව් හෝව් ලේට් වුණත් මගෙනුත් විෂස් මෙන්න හා පැටික්කිට

September 10, 2010 at 8:24 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails