෴ හැපි බර්ත් ඩේ ටු මී ෴



හා හා දැන් කට්ටිය වාඩිවෙලා තැන්පත් වුනා නම්.අද හසියා කියලා දෙන්න යනනේ ලස්සන සුරංගනා කතාවක්.හා හා මේක සුරංගනා කතාවක් කිව්වට ඇත්තම ඇත්ත කතාවක්‍.ඔන්න එහෙනම් හසියා පටන් ගත්තා‍‍‍.......

ඔන්න එකෝමත් එක කාලෙක (එකදාස් නවසිය බර ගණන් වල වගේද දන්නෑ නේද?) එකොමත් එක රටක (ඔය එකෝමත් එක කෑල්ල කවුද දන්නෑ හොයාගත්තේ?අනිත් එක කොහෙද ඔය එකෝමත් එක රට තියෙන්නේ..?හසියා නම් දන්නේ නෑ....) හිටියලු ළමයෙක්.මේ ළමයා හරිම හරිම නරකයිලු.(ලු කියන්නේ හසියාත් මේ කතාව කියන්නේ මේ පොතේ තියෙන විදිහට හින්දා ඕන්....) හරිම දඟයිලු.ඉතිං මේ ළමය ඉගෙනීමට වැඩිය දස්ස කමක් එහෙමත් නෑලු.මෝඩ තකතූරු ගොන් වහන්සේ කෙනෙක්.(ඒ කවුද හෆ්ෆේ ඒ...???) කලොත් කරන්නේ විකාර වැඩක්මලු.ඉතිං මේ ළමයගේ යාළුවෝ පවා මේ ළමයට කිව්වේ පිස්සා කියලා ලු.ගිය තැන චොරලු.

ඉතිං ඔන්න දවසක් මිනිහට සෙට් වුනාළු අළුතින් යාළුවෝ ටිකක්.ඒ සිංහල බ්ලොග් මැරතන් එකකදී.(ඒහෙමත් ඒවා තියෙද?ඔව් ඔව් අර එකෝමත් එක රටේ එහෙම එව්වා තිබුණා නෙවැ....) ඒකත් සෙට් වුනේ වලියක් දාගෙන.වෙන එක්කෙනෙක්ගේ නමින් ඇවිත් චණ්ඩි පාට් දාන්න ගිහින් චා වුණා.හැබැයි ඔය සිංහල බ්ලොග් ලියපු ඒ සෙට් එක හරිම හොද කට්ටියක්.හරිම කරුණාවන්තයි.දයාබරයි.අවංකයි.(වැඩිද මන්දා මුරුංගා අත්තේ තිබ්බා...කරන්න දෙයක් නෑ මේ පොතේ තියෙන්නේ මෙහෙම.....) පින්වන්ත කට්ටියක් කෙලින්ම කිව්වොත්‍.("සේම් ෆෙදර් ෆ්ලොක් ටුගෙදර්" කියන්නේ ඕකට වෙන්න ඕනි මයේ හිතේ.....)ඉතිං මේ ළමයා මේ අයගේ ලිපි කියවන්න ගත්තා.මෙන්න බොලේ ටික දවසක් යනකොට මේ පොඩි එකාට හිතුනලු තමන්ගේම කියලා බ්ලොග් අඩවියක් පටන්ගන්න.(මාර ළමයෙක් ආ.....) දැන් ඔන්න මේ ළමයත් ඉතිං ලිපි ලියනවලු.ඉතිං අර අනිත් බ්ලොග් ලියන සහෝදර සහෝදරියොත් මේ ළමයට කොමෙන්ට් කරනවුලු.දිරිගන්නනවලු.අඩුපාඩු කියලා දෙනවලු.

දැන් තමයි හොදම හරිය ඔන්න.මෙහෙම ටික දවසක් යනකොට මේ ළමයා එකතුවෙනවා මේ බ්ලොග් ලියන අයගෙම සෙට් එකේ විශේෂ කට්ටියකට.ඒකිව්වේ අර වගේම හොද පිංවන්ත තුන්දෙනෙකුට.මේ අයගේ පොඩි විශේෂත්වයක් තිබුණා‍‍.ඉතිං ඒ නිසා ඔන්න අර ළමයත් එකතු වෙලා මේ හතර දෙනා හදාගත්තලු පොඩි සංගමයක්.(මලා....එහෙනම් බඩුම තමා.කොම්)දැන් කට්ටිය එකට වැඩලු.වැඩේ නැගලා ගියාලු.වැඩේ කියන්නේ මේ තුන්දෙනායි අර අනිත් බ්ලොග් ලියන හැමෝමයි එකතු වෙලා අර ළමයව යහමඟට ගත්තලු‍‍.දැන් මේ ළමයා හරිම හොදයිලු. කිකරුලු. කරුණාවන්තලු‍.ඔහොම කියන්නේ මේ ළමයම නෙවෙයි ඔන්න.එයාගේ අනිත් යාළුවෝ තමා ඔහොම කියන්නේ.(මොනාවුනත් ගෙදර අය කියන්නේ තාමත් මේකා නරකයි කියලමනේ....අනේ වාසේ වනේ වාසේ.....)

දැන් ඉතිං මේ ළමයට හොදම හොද යාළුවෝ ටිකක් ඉන්නවලු.මේ ළමයටත් පුදුම සතුටුයිලු.(සතුටු නැත්තේ කාටද ඉතිං පිරිවර සේනා වගේ යාළුවෝ ගොඩක් ඉන්නකොට....)ඉතිං ඔහොම හොදින් කාලේ ගෙවිලා ගියාලු.

දවසක් ඔන්න මේ ළමයා උදේ නැගිටල ආවලු වෙනදා වගේම බ්ලොග් කියවන්න.ඉතිං ඔන්න කියවන්න කැමති බ්ලොග් ඕපන් කර කර බලනවලු.මේන්න බොලේ මේ ළමයා ඉන්න සංගමයේ අනිත් අය මෙයාට හොරෙන් පෝස්ට් එකක් දාල.(ඔව් අනේ හැමෝම එකම පෝස්ට් එකක් දාලා තියෙන්නේ.....)ඒක දැක්කාම මේ ළමය‍ගේ ඇස් වල කදුළු පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නැතිලු.පව් නේ ඒ ළමයා.දැන් මේ ළමයා අඩනවලු හෝ ගාලා.අමාරුවෙන් දාලා තියනෙ පෝස්ට් එක කියෙව්වලු.දැන් තවත් ඇඩෙනවලු.(ඔච්චර මොකට අඩනවද නේද....)

මේ ළමයට තමන්ගේම කියලා සහෝදර සහෝදරියෝ නැතිලු.ඉතිං මේ ළමයා අර පෝසට් එක කියෙව්වාම දුක හිතුනේ ඒ ළමයට තමන්ගේම සහොදරියක් වගේ හිටපු කෙල්ලත් සහෝදරයන් වගේ හිටපු කොල්ලෝ දෙන්නත් එකතු වෙලා මේ ළමයව එදා උදේම පුදුම කරවලා.(දිනේ දාලා දෙන්නම්කෝ 2010/10/31 විතර.....) ඒ මේ ළමයාගේ උපන්දිනේට සුභ පතලා.ඇඩෙන්නේ නැද්ද ඉතිං මේ වගේ දේවල් ‍වෙනකොට.ඉතිං මේ ළමයට සතුට දරා ගන්න බැරිකමට තමයි ඇඩුනේ.(හිතුව නේද සංගමයෙන් පන්නලා...ඒ දුකට ඇඩුවා කියලා....)ඉතිං මේ ළමයට හිතුනලු "මගේම, සහෝදරිටත් සහෝදරයෝ දෙන්නටත් හැමදාමත් ගොඩාරියක් ආදරෙයි....හැමදාමත් මේ වගේම මගේ ළගින්ම ඉන්න...." කියලා, මේ ලෝකෙටම හයියෙන් කෑ ගහලා කියන්න.ඒත් කරන්න බෑනේ.එහෙම කලොත් මේ ළමයට ෆ්රී ටුවර් එකක් ලැබෙයි අංගොඩට.ඉතිං කට පියන් නිකන් හිටියලු.

ඉතිං ටික වෙලාවක් යනකොට අර දාපු පෝස්ට් වලට ප්‍රතිචාර හෝ ගාලා ගලාගෙන එනවලු.ඉතිං මේ ළමයට හරිම සතුටුයි ලු‍.ඉතිං මේ ළමයා කවදාවත් නොවිදපු අමුතුම සතුටකුත් හොදම හොද යාළුවෝ ගොඩකුත් එක්ක සතුටින් ඒ උපන්දිනය සැමරුවලු.

හෆ්ෆේ තව පොඩ්ඩෙන් මල ජංජාලයයි.කෂ්ටිය හසියගේ නවාතැනට එයි මේ ළමයගේ නම අහන්න....මෙන්න මෙතනින් සියළු විස්තර දැනගන්න බලාගන්න පුළුහන්....

1.) කතාවේ එන ළමයාගේ නම
2.) කතාවට පරිදි ළමයා එකතු වු සංගමය
3.) කතාවේ ආ ඒ සංගමයේ අනෙකුත් සාමාජිකයන්... (කෙල්ල, ‍පළමු කොල්ලා, දෙවන කොල්ලා)

ඔන්න ඉතිං කතාව හසියා කියලා ඉවරයි.කතාව චෝයිද?

මොකක්ද....හසියට ඇහෙන්නේ නෑ....

ඔය ඉස්සරහා එක්කෙනා කියන්නකෝ මෙකක්ද එයා කියන්නේ කියලා...

අහ් කේක්ද? ඉන්න බලන්න....ම්ම්ම්ම්ම්ම් කතාවෙනම් අන්තිමට නෑ කතාව කියවපු අයට කේක් දුන්නා කියලා....

ඉන්න ඉන්න දෙන්නම් කලබල නොකර...මෙයාලගේ බඩජාරී කමට කේක් නොදී හිටියෝත් එහෙම මෙතන කෂ්ටිය උද්ඝෝෂණ උපවාස කරන්න පටන්ගනියි.

අනිත් එක අර කතාවේ අන්තිමට මේ ළමයා ප.ලි‍. කොටසේ දාලා තියෙනවා මේ කතාව අහන් ඉන්න හැමෝටම කිරිබත් කැවුම් කොකිස් දොදොල් අතිරස මුංකැවුම් පැණි වලලු කෙසෙල් බිස්කට් කේක් බ්ලා බ්ලා....... දීලා කිරිතේ කෝපී කූල් ඩ්‍රින්ක්ස් බ්ලා බ්ලා... (නෑ නෑ හසියාගේ නවාතැනේ ඇඟරත්වෙන ඒවාට ඉඩක් නෑ.....) ඇති වෙනකම් දෙන්න කියලා.ඔන්න ඉතිං හසියාගේ නවාතැන හැමදාම කෂ්ටයගේ ආසාවන් දන්න හින්ද ලෑස්ති කලා ලෝකයේ ලොකුම රසකැවිළි මේසය.ඔන්න දැන් කලබල නොවී හෙමිහිට ඇති වෙනකම් කන්න.හා හා දැන් එන්නකෝ ඔය පැත්තේන් පේලියට රස කැවිළි මේසේ ගාවට.ඔය ඔය ඉතිං පොරකන්න එපා.ඔන්න රස කැවිළි මේසේ තියෙනවා.ඕනි විදිහට කන්න පුළුහන් කවුරුත් මුකුත් කියන්නේ නෑ.හැබැයි ඔන්න රස කැවිළි අහක දාන අයටනම් හසියගෙන් දැඩි දඩුවම්.

අහ් තව දෙයක් අර ළමයට සුභ පතපු හැමෝටමයි, දැන් මේ රස කැවිලි මේසය ළග පොර කකා අනුභව කරන කට්ටියටයි, මුණුපොතේ සුභ පතපු හැමෝටමයි, ඉ-මේල් ව‍ලින් සුභ පතපු හැමොටමයි, කෝල් කරල සුභ පතපු හැමෝටමයි, ‍මැසේජ් වලින් සුභ පතපු හැමෝටමයි හදවතින්ම ස්තූති කරලා තියෙනවා.

එහෙනම් හසියා වාෂ්ප වෙන්න කියලා....

නෑ නෑ අද වාෂ්ප වෙන්නේ නෑ...හසියත් රස කැවිළි මේසේ ළගට එන්න හදන්නේ....ඇයි අනේ හසියගේ කටත් රිදෙනවා මෙයාලට කතා කියා දීලා.(හසියා පව්නේ.....)

කෝ එහෙනම් අර සංගමේ තුන්දෙනා හදපු සිංදුව දැම්මනම්.......අහ් අන්න හරි......


එන්න මල්ලි එන්න නංගි නැගිටලා
මෙන්න අයියේ මෙන්න අක්කේ රස කථා
කේක් ගෙඩිය කපලා ගන්න
බීම එකක් හදලා බොන්න
එන්න මල්ලි එන්න නංගි නැගිටලා
එන්න අයියේ එන්න අක්කේ හැඩදමා
එලි වෙනකම් සින්දු කියමු රොක් වෙලා
ලෝකේ තියෙන හොදම පාටිය
එලි වෙනකම් අපේ ජොලිය
ගන්න කේක් ගන්න කේක් එක් වෙලා......



෴ හැපි බර්ත් ඩේ ටු මී ෴

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

33 comments:

ඒ එකමත් එක රටේ හිටිය තවත් පුංචි පිස්සු කෙල්ලෙක්ට මේ කථාව කියවලා ඇස් වලට කඳුළු ආවලු.. :s ඒ සතුටට... :c හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!!:f අද මම වාෂ්ප වෙනවා.. තව මෙතන හිටියොත් ගොඩාක් ඇඬෙයි.. :n ඒස්වඃ පුඃ :h

November 1, 2010 at 9:57 AM  

හෙහ් හෙහ් හෙහ් එළ එළ....... කෝ දැන් ඔය රසකැවිලි මේසය කොතනද තියෙන්නේ. :O ඉස්මනට කියපන් මට බඩගින්නක් එනවා ;)

November 1, 2010 at 10:09 AM  

මචෝ මම දැනන් හිටියේ නෑ බං උඹේ උපන් දිනේ. සමාවෙයන් ඇ. මෙන්න ඔක්කොටම හරියන්න...
HAPPY BIRTHDAY TO YOU DEAR FRIEND...!

November 1, 2010 at 10:12 AM  

subama suba upandinayak wewa

November 1, 2010 at 10:27 AM  

හැපි බර්ත් ‍ඩේ to යූ.. Happy Birthday ටූ you.. :m

ඒකොමත් කාලෙක රසකැවිලි පාටිය කීයටද පටන්ගන්නෙ.. කූඹි එන්න කලින් වාශ්ප කරන්න ඕන.. :f

November 1, 2010 at 10:35 AM  

පමා වූ සුභ පැතුම මගෙන්........
සිත තුටින් බර වන පැතු පැතුම් ඉටුවන සුභම සුභ උපන්දිනයක් වේවා අයියේ........... :b (කාගෙ වචනද මෙව්වා මගේ නම් නෙමේ ඕන්...... )
සියළු පැතුම් ඉටුවන සුභම සුභ උපන්දිනයක් මගේ අයියේ...... :c
කොහෙද මං පමා වෙලා එනකොට අඩුම තරමේ කොකිස් කුඩක්වත් නෑ.... :s :s

November 1, 2010 at 10:47 AM  

අපිටත් මොනා හරි දුන්නානං හොඳා.... :m

November 1, 2010 at 11:24 AM  

අඩේ මල් මල් උපන්දිනක් වේවා ලොක්කෝ

November 1, 2010 at 12:26 PM  

අනේ හසි අයියේ.. මම දැක්කාමයි තමන්ටම උපන්දිනේට සුභපතා ගන්නවා..:k (මාට්ටු නේ...නෑ..නෑ.. මීට කලින් Mr.Been තමන්ට wishකර ගන්නවා දැකලා තියනවා..)
අනේ මගේ නමෙත් "හසි" කෑල්ලක් තිබුනානම්.. ඔයාලා එක්දාස් නවසිය බර ගණන් වල කියලා තිබුනා නම් මෙහෙම සඔගමයක් ගැන මම නම වෙනස් කරගන්නවනේ..:h (තරහ එන එක සාධාරණයි නේ?)
එළට කතාව කිවුවා..
කෑමත් රසයි අයියා..
පුදුමයි කෑම දැක්ක පාර වාෂ්ප වෙන්නත් අමතක වෙලා නෙව..:p

November 1, 2010 at 2:18 PM  

එහෙමනම් අපේ ලොකු තැනට මාත් සුභ සුභම සුභ උපන් දිනයක් වේවා කියලා පැතුවා ඕන් එහෙමනම් :)

November 1, 2010 at 3:58 PM  

හසියා අයියේ පිලිගන්න මගෙන් උපන්දින සුබපැතුම්. ඔන්න මමත් වාෂ්ප උනා එහෙනම් :h

November 1, 2010 at 8:46 PM  

පරක්කු වැඩියි වගේ නේද මලේ..
එත් ඉතින් මොනවා කොරන්නද..උඹ බාර ගත්තත් නොගත්තත් ඔන්න මාත් සුභ උපන් දිනයක් වෙවා කියලා ප්‍රාර්ථනා කොරනවා...

තරහා වෙන්න එපා මමනං එන්නේ නැහැ උඹෙ පාටියට..හේතුව දන්නවා නෙව..

November 1, 2010 at 10:46 PM  

සුභ උපන් දිනයක් මල්ලියේ!!!!
මමත් ප්‍රමාද වෙලයි මේ පැත්තේ ආවේ. ඒ ගැන අමනාප වෙන්න එපා හො‍ඳේ

November 2, 2010 at 2:33 PM  

@හසී
හැබෑට....සැබෑ සහෝදර ප්‍රේමය කියන්නේ ඕකට වෙන්න ඇති නේද.....
ඔයාටත් සතුටින් ටුටු එක්ක ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මගේම සහෝදරීයේ....
අනේ යන්නේ ඇයි....කාලා බීලා යන්න එපායෑ...

November 2, 2010 at 7:19 PM  

@ජේ.ඩී
අහා...දැක්කනේ අපි වැඩක් කලොත් ඉතිං.‍‍...
මේ අර තෑග්ගනම් නියමෙටම නියමයි කොල්ලෝ...තැන්කූ සෝමච් කිව්වා...
පේනනේ නැද්ද ඔය තියෙන්නේ ලොකු මේසයක් රස කැවිලි පුරවලා....

November 2, 2010 at 7:21 PM  

@prasanna86k
අයියෝ...ඕවා මොනාද...නැට්ට පිටින් නෙවැ අලි මැරෙන්නේ...
ඔය තියෙන්නේ....තැන්කූ තැන්කූ සහෝ....

November 2, 2010 at 7:22 PM  

@ඉලංදාරියා
තැන්කූ තැන්කූ ඉල්ලන් + අන් + දැරියෝ....
හික්ස්...
ආපු ‍එකේ කෑම ටික්ක කාලාම යමු....

November 2, 2010 at 7:23 PM  

@SS
කවුද මේ SS ???
නමත් දාලා ගියානම් තමයි ටෝපේ ටොප්...
මම හිතපු කෙනා නම් වෙන්න බැරිය...
තැන්කූ තැන්කූ...
අහ් දැන් පටන් අරන් තියෙන්නේ....ඔය ඔතන තියෙන්නේ....කන්න බොන්න ඇති වෙනකම්....

November 2, 2010 at 7:25 PM  

@හා පැටික්කි (MS)
පමා වුනත් උණුසුම් දැන් දැන් වාගේ නෙවැ.....
තැන්කූ මගේ නංගියෝ....
දෙපාරක් සුභ පැතුවේ මක්කේයි...?
එනිවේ තැන්කූ එගෙයින්...
‍හාවියෝ කන කොකිස්...අහ් ඒකට මගේන් කැරට්....

November 2, 2010 at 7:27 PM  

@ජංජාල චාමර
මේ තියෙන්නේ...ඉල්ලන්න ඕනියෑ....

November 2, 2010 at 7:28 PM  

@Hasitha ජයසූරිය
එහෙමත් උපන්දින තියේද...අදමයි ඇහුවේ....
තැන්කූ තැන්කූ මගේ සහෝ....

November 2, 2010 at 7:29 PM  

@ප්‍රාර්ථනා
ඇයි එහෙම සුභ පතන එක වැරදිද මං අහන්නේ....
ඒ මක්කෙයි ඒ...
අපෝ අපේ සංගමයට අපි ඕනිම කෙනකේ ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා....
තැන්කූ තැන්කූ නංගියෝ....
නැතිව නැතිව කෑම තියනෙකොට මොන වාෂ්පද ආ???

November 2, 2010 at 7:30 PM  

@Hasitha
ලොකු තැන නෙවේ බං අපි හැමෝම එක තැන....‍
තැන්කූ තැන්කූ මගේම සහෝ.....

November 2, 2010 at 7:31 PM  

@ගිශාන්
ඔන්න පිළිගත්තා...එහෙනම් මගේ හදපිරි ස්තූතියත් පිළිගන්නකෝ.....
මේ මේ වාෂ්ප වෙන්න බෑ එහෙම..ඇවිත් මොනා හරි කාලා බීලා වාෂප වෙන්න.....

November 2, 2010 at 7:33 PM  

@මාරයාගේ හෝරාව
අපෝ නෑ පරක්කු නැතෝ....
බොහෝමත්ම ස්තූතියි අයියේ...කවද සුභ පැතුවහම මොකෝ...නොපැතුවත් මොකෝ...අපි දන්නවනේ අයියලා ගැන.....
හ්ම්ම්ම්ම්...දනිමි දනිමි....ඔබතුමන්ගේ කැමැත්තක් ඕන් ඉතිං.....

November 2, 2010 at 7:35 PM  

@priyantha.ඒබී
බොහෝමත්ම ස්තූතියි අයියේ.....
මොන පිස්සුද....හැබැයි හැමදේටම ‍ඔහොම ප්‍රමාද වෙන එකනම් හොද නෑ....

November 2, 2010 at 7:36 PM  

සුබ ම සුබ උපන් දිනයක් වෙවා... කෙක් එකටත් තැන්කු,,, පොඩි කැල්ලක් හැබයි හම්බුනේ.... කට්ටිය වැඩි නේව..

November 2, 2010 at 9:34 PM  

අනේ දවස් දෙකකට පස්සේ කේක් තියනවද මන්ද? වාටි කෑල්ලක්වත් දෙන්න ඔන්න ඔහේ. හැපි බර්ත් ඩේ එකකට බිලේටඩ් විෂස් මගෙන්
ප්‍රමාදයට සොරේ සොරි

November 3, 2010 at 10:31 PM  

@නිම්ශා
බොහෝමත්ම ස්තූතියි සහෝදරී....
නෑ නෑ දුක්වෙන්න එපා...මෙන්න තව කේක්‍‍‍...ඇති වෙනකම් කන්නකෝ....

November 4, 2010 at 7:44 AM  

@Naදී
අපෝ දෙන්නම්කෝ....ආ...මේ තියෙන්නේ...ඔන්න අක්කා වෙනුවෙන්ම කේක් එකක් හදලාම දුන්න...පව්නේ නැතිනම්....
අයියෝ ඒක කමක් නෑ අක්කියෝ...බොහෝමත්ම ස්තූතියි අක්කියෝ....
අපෝ ඒකට කමක් නැතෝ‍‍‍....

November 4, 2010 at 7:46 AM  

වැඩිය පරක්කු නැහ... දවස් 5යි හික් හික්..

ආවෙ නැහ බොල මේ පැත්තෙ හුඟ කාලෙකින්... එහෙනම් සුබම සුබ උපන් දිනයක් වේවා මචන්... හැම දේටම සුබ පතනවා

November 5, 2010 at 3:05 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails