෴ ගැලපීම ෴



ඒ බලපන්කෝ අර කපල් එක.....
කෙල්ල සුදුයි, ලස්සනයි
කොල්ලා කළුයි, කැතයි.......
කෙල්ල සුරඟනක් වගේ
කොල්ලා යකේක් වගේ.....
කෙල්ලගේ ඇස් පොට්ටද
කෙල්ලට පිස්සුද කොහෙද.......
කෙල්ල මොකට කැමති වුනාද මන්දා
සල්ලි වලටද දන්නෑනේ
වෙන්න ඇති....
කොල්ලා කෙල්ලව රවට්ටලා......
අනේ පව්.........


අපි ගැනද කතා කලේ....
මම සුදුයි....ලස්සනයි.....
මෙයා කළුයි...කැතයි.....
සුදුයි කැතයි... කළුයි ලස්සනයි....
එකතුවෙන්න බැරිද
මම මෙයා එක්ක යාළුවුනේ
හැමදාම ආදරෙන් එකට ඉන්න.....
ගැලපෙන්න ඕනි....

පාටද? පෙනුමද? කුලයද? ජාතියද? ආගමද? වත්කම්ද?

එහෙමත් නැතිනම්

හිත් දෙකද?


~~~~~~


තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

29 comments:

එකතු වෙන්න ඕන හිත් දෙක තමයි මල්ලි... එකතු උනාට පස්සෙ තමයි හිත් ඈත් වෙලා අනිත් ඔක්කොම එකතු වෙන්නෙ.. බොරුනම් එකතුවෙලා බලපන් මලේ......

August 31, 2010 at 7:35 PM  

@අභීත
හෙහෙහෙ....හ්ම්....මමත් ඒකනම් අත්දෑකීමෙන්ම දන්නවා. :f ඒත් හැමෝම එකම මිම්මෙන් මිනින එකත් හරි නෑ නේද? :d :c :c
ආයෙත් අමාරුවේ වැටෙන්න බැරියෝ.... :c
ස්තූතියි අයියා.... :a

August 31, 2010 at 7:40 PM  

අ‍නේ මේ.. එන්නකෝ ඔය කටේ සීනි අහුරක් දාන්න. කතාව නම් සීයට සීයක් ඇත්ත. ඔය කතාව කවදා මිනිස්සු හරියට තේරුම් ගනීද මංදා.

August 31, 2010 at 7:42 PM  

@ෆා
පික්සු කියන්න එපා අක්කි මට සීනී සුගර් තියෙනවා. :c :d
හේ‍හේහේ...ඒකනම් ඇත්ත‍‍‍...ඇත්තටම ඕවා වැඩක් නෑ නේන්නම්.අපේ අය තාක්ෂණෙන් කොච්චර ඉදිරියට ගියත් වැඩක් නෑ,මොඩ පරණ මත අදහස් අහක දානකම්. :l
ස්තූතියි අක්කියෝ........ :a

August 31, 2010 at 7:48 PM  

හිත් දෙක එක් වෙනවනම් ..ඒඅති හැම දාටම........

August 31, 2010 at 10:17 PM  

මල්ලි.. මේ හිත් දෙක ඇත්තමට ආදරේ කරන්න දැන ගෙන එකතුවුණා නම් ඒක ආදරේට අළුත් අර්ථයක්...
ඒත් ගොඩක් වෙලාවට එහෙම වෙන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි. 2% ක්, 3% ක් විතර...
පොඩ්ඩක් සමාජයට බැහැලා බලන්න මම කියන ප්‍රතිශතය හරිද වැරදිද කියලා...
හැබැයි ඉතින් ඔය සල්ලි, බලය, නිලය, වාගේ කට්ටිය වැඩිය කැමති දේවල් හින්දා එකතු වෙලා පස්සේ ආදරේ කරන කට්ටිය ඉන්නවා... මම ඒක නැහැයි කියන්නේ නැහැ....

August 31, 2010 at 10:32 PM  

@ඉලංදාරියා
අනිවා අයියේ.... :d
ස්තූතියි අයියේ..... :a

August 31, 2010 at 11:01 PM  

@Jeew
හ්ම්........ඔව් අයියේ ඔයා හරි.මම මේක ලියන්න හිතුවේ මම ඇත්තටම දැක්ක දේකින්.ඒ දෙන්නා ගොඩක් ආදරෙන් හිටියා.දැක්ක වෙලාවෙම හිතුනා දෙන්න අවංකවම ආදරේ කරන දෙන්නෙක් කියලා.ඒ දෙන්නාගේ හැසිරීමෙන්.ඇත්ත හැසීරීමෙන් කියන්න බෑ අවංකමයි කියලා.ඒත් මට හිතුනා‍.
ඉතිං හිතුනා අවංක ආදරේ තවම මේ ලෝකෙන් තුරන් වෙලා නෑ කියලා....
අපේ අය හිතන්නේ පිට ඔපේ තමයි හොදම කියලා.ඒත් කවුරුත් දන්නෑ හිතන්නෑ..අපේ ශරීරයේ පිටින් තියෙන සම ගලවපුවහම තියෙන්නේ හැමෝගෙම එකම දේ කියලා‍‍.අපේ ඇස් වලට මේ පිට සම තුලින් දකින්න හැකිනම් එකෙක්වත් කාටවත් ආදරේ කරන එකක් නෑ.ඇයි ඉතිං දකින්න අප්පිරියයිනේ.
මේ වගේ දෙන්නෙක් මිනිස්සු දැක්කාම හිතන විදිහ තමයි මම ලිව්වේ.ඇත්තටම කොච්චර පටු අදහස්ද කියලා හිතෙනවා.ඒත් ඉතිං මොනා කරන්නද?
බොහෝමත්ම ස්තූතියි අයියේ සටහනට.......

August 31, 2010 at 11:14 PM  

මම නම් හිතන්නේ මල්ලී හරි මල්ලී :q

පිටින් බලන අයට මොනවා පෙනුනත් ඒ හිත් දෙක ආදරයෙන් ළ0 වෙලා ඉන්නවා නමි වෙන දේ ගැන කුමට කතා කරම්ද?

August 31, 2010 at 11:40 PM  

නිවාඩු වෙලාවක් එහෙම තිබුණොත් අපේ ගෙවල් පැත්තෙත් ඇවිත් යන්න....

http://www.jeew-jeew.blogspot.com/

September 1, 2010 at 2:52 AM  

@හසී රන්
අනිවා හසී සහෝදරී....නැව ගිලුණත් ඉමු‍කෝ සුදෝ ජෝඩු දමාලා..... :c :d
ස්තූතියි සහොදරී...... :a

September 1, 2010 at 3:47 AM  

@Jeew
අනිවා අයියේ.....දැනුවත් කලාට ස්තූතියි.අනිවා එන්නම්.සින්ඩි වලට දාලද තියෙන්නේ....?

September 1, 2010 at 3:49 AM  

Word verification අයින් කරන විදිහ මට පොඩ්ඩක් කියල දෙනවද..? මම ඇත්තටම දන්නේ නැහැ ඒක මොකක්ද කියලා..

September 1, 2010 at 4:13 AM  

@Jeew
බ්ලොගර් Dashboard --> Settings --> Comments --> පිටුවේ පහල තියෙන Show word verification for comments? No කරන්න.
එතකොට හරි.............

September 1, 2010 at 4:33 AM  

බොහොම ස්තූතියි මල්ලි..
මම ඒක කරන්නම්...

September 1, 2010 at 4:50 AM  

හිත් දෙක තමා ගැලපෙන්න ඕන.... :k පාට, පෙනුම, කුලය, ජාතිය, ආගම, වත්කම් මොන දේ තිබ්බත් වැඩක් නෑ. එකිනෙකාව තේරුම් අරන් ආදරෙන් ඉන්න පුලුවන්නම්... :q

September 1, 2010 at 9:40 AM  

අභීත අයියා කියල තියෙනව හිරි මයෙ හිතේ

September 1, 2010 at 9:47 AM  

ඒ අයියා මගෙ තියරිය හැටියට කෙල්ල ලස්සනවෙලා කොල්ල කැත උනාට අවුලක් නෑ..මොකද අපි කැත කොල්ලොනෙ :i

එක අතකට අයිය හරි...අර කියනව වගේ තමන්ට අනිත් කෙනාව ගැලපෙනවනම් ලස්සන කන්නද :k

September 1, 2010 at 10:34 AM  

පෙනුමෙන් නොගෑලපෙනව කියල අනිත් අය හිතන ඒත් ගොඩක් සතුටින් ඉන්න අයව මම දැකල තියෙනව..

චේජනා

September 1, 2010 at 11:36 AM  

නියමයි හසියා... ගින්දර.. මං ඕක ගැන ලිපියක්ම ලියන්න හිට්යෙ ඒත් වැඩ එක්ක මග ඇරුන.

September 1, 2010 at 2:21 PM  

උබ කියන කතාව දැක්කම හිතෙන්නේ අපේ කොල්ලො කියන කතා... සිරාවට ලස්සනම අර පට්ට පාරවල් කියන ජාතියේ කෙල්ලො ඔය මෙලෝ රහක් නැති පිස්ස ටයිප් කොල්ලො එක්ක යනව දැක්කම ඉතින් දන්නවනේ අපේ උන් කියන ඒවා... නෑහෙන්න...

ඒත් උබ හරි මලේ... හිත් දෙක තමයි.

ඒත් අභීතයා හරි කියල මට හිතෙන්නේ... මොකද මචන් ඒක එකතු උනාට පස්සෙ බලපානවා කියල මම හිතවා. ඔය ලස්සන.. පොත්තෙ රත.. ඔව්ව...

මොකද මම එහෙම කිව්වෙ අපි දවසක් බෝතලේකට සෙට් උනා ඔය බැඳපු ඩයල් කීපයක් එක්ක. එවෙලෙ ඇති උන කතාවක් නිසා ඒක මට තේරුනේ.

September 1, 2010 at 4:47 PM  

@Jeew
හිහිහි අපෝ සුළු දෙයක්නේ....

September 1, 2010 at 8:00 PM  

@හසී
එය ඉන්නේ අවංක ආදරේ වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න පුළුවන් අය....
ස්තූතියි සහෝදරී.....

September 1, 2010 at 8:02 PM  

@wath
මාත් හිතන්නේ එහෙමයි මයේ හිතේ‍‍.....
ස්තූතියි අක්කියෝ....ගොඩ දවසකින්ද මන්ද....

September 1, 2010 at 8:03 PM  

@Hasitha ජයසූරිය
හ්ම්....ඔය තේරෙන්නේ...ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණිකෙළියයි....

September 1, 2010 at 8:04 PM  

@Anonymous
ඔව් අක්කි...මාත් ඒක පිළිගන්නවා...ඒ දන්නට හොදනම් මේ අහක ඉන්න උන්ට තියෙන රුදාව මොකක්ද?
ස්තුතියි අක්කියෝ....

September 1, 2010 at 8:06 PM  

@පැන්da
ස්තූතියි අයියා....ඒ කියන්නේ මම ඉස්සරවෙලා....අවුලක් නෑ ලියමු ලියමු...මේවා දහයක් දොලහක් ලිව්වත් අපතේ යන්නේ නෑ...
ස්තුතියි අයියේ.....

September 1, 2010 at 8:08 PM  

@පිස්සා පලාමල්ල
ඒක නම් ඇත්ත අයියේ....කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලෝම එකයි.මේවගේ දෙයක් දැක්ක ගමන් උන්ට හින්ට් ගහයි.
හ්ම්...ඔව් අයියේ.....
ඒක ඇත්ත අයියේ....මිනිස්සු කියන්නේ වෙනස් වීම ජීවිතය කරගත් අය කියලයි මම නම් හිතන්නේ....ඉතිං අභීත අයියා වත් අක්කි වගේම පිස්සා අයියා කිව්ව දේ අපි හැමොටම එක ලෙස පිළිගන්න වෙනවා.....
ස්තූතියි අයියා.....

September 1, 2010 at 8:11 PM  

හ්ම්.............
ඒත් අ‍නේ මංද අයියා............

September 2, 2010 at 4:02 AM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails