හෙට දිනය, මාගේ උපන්දිනය බැව් ඔහු හොදින්ම දන්නා දෙයකි.වෙනදා මෙන් සවස ඔහු වැඩ නිමවී එන පෙරමග බලාසිටියත් අද වෙනදාටත් වඩා නොඉවසිල්ලෙන් බලා සිටියේ හෙට මාගේ උපන්දිනයට ඔහු දෙනදේ ගැන පුංචි ඉඟියක් ලබා ගැනීමේ කුතුහලය නිසාවෙනි.ගියවර ඔහු මට ගෙනා උපන්දින තෑග්ග පසුදින තෙක්ම බැලීමටවත් ඒ ගැන ඇසීමත් තහනම් කර සිටියේය.ඒ ඔහු මා පුදුමයට පත් කිරීමේ අහිංසක චේතනාවෙනි.එවර ඔහුගෙන් මට ලැබුනේ අගනා රන් මාලයකි.මා රන් ආභරණවලට කැමැත්තක් ඇතත්, ඒවා ඉල්ලා නාහෙන් නොඅඩන බව දන්නා ඔහු එය තෑගි කලේ මා සතුටු කිරීමට බව මම දනිමි.
බීප්......බීප්.......බීප්....බීප්......
ඒ ඔහුගේ කාරයේ හෝන් හඩයි.ඒ හඬින් සිතුවිළි සයුරෙන් නික්මුණු මා හනික ගේට්ටුව වෙත දිව ගියේ ගේට්ටුව ඇරීමටය.වෙනදා මෙන් ඔහු කාර් එක ගේට්ටුවෙන් ඇතුළට ගත් විගස ගේට්ටුව වසා කාර් එක පිටුපස දිවගියේ, වැඩ නිමවී ගෙදර එන තම පියාගේ කාරය පසු පස දුවනා පොඩි එකියක් මෙනි.
ඔහු හැමදාමත් කාරයෙන් බසින්නේ ඔහුගේ බ්‍රීරීෆ් කේස් එක මා අත තබමින් හා මගේ නලලත සිඹිමින්ය.අදත් ඒසේ සිදුකිරීමට අමතක නොකල ඔහු ඔහුගේ සුපුරුදු ප්‍රශ්නාවලිය ඉදිරිපත් කිරීමටද පසුබට නොවීය.
"සුදු නෝන අද මොකද කලේ...?"
මුකුත් නෑ සුදු මහත්තයෝ.....අද සුදු මහත්තයට කොහොමද...?
"ම්ම්ම් හරිම මහන්සියි.මේ දවස් ටිකේ වැඩ හොදටම ගොඩගැහිලා සුදු නෝනා.හෙටත් යන්නම වෙනවා වැඩට."
ඒ වදන් පෙලින් මා සිත ඇතිවු දුක දරාගත නොහැකි තරම්ය.ඒ මාගේ උපන් දිනය වන හෙට දිනත් ඔහුට වැඩට යාමට සිදුවන නිසාය.අඩුම තරමේ මා වෙනුවෙන් උපන්දින තෑග්ගක් ගැනීමට පවා ඔහු අමතක කරඇත.ඔහුට මාගේ උපන්දිනය අමතක වුයේ කෙසේද?
"සුදු නෝනා මොකද මේ...?" ඔහු මාගේ නහය සෙමින් මිරිකමින් ඇසීය.
ඔහුගේ හඬින් පියවි සිහියට පැමිණි මා, ඔහුට මා සිතේ ඇතිවු ප්‍රශ්න හා දුක ඔහුට නොදැනෙන සේ....
"අහ්..මුකුත් නෑ සුදු මහත්තයා, ඇයි එහෙම ඇහුවේ ?" කියමින් මා මනසෙහි ජනිත වු ප්‍රශ්න පෙලද, දුකද ඔහුගෙන් සැගවීමී.
"හ්ම්....නැහැ ඔයා අද ටිකක් අමුතුයි වගේ" කියමින් පුරුදු පරිදි ඔහු මගේ අතින් අල්ලාගෙන ගෙතුලට වැදුනේය.
"මහන්සියි සුදු නෝනා මම නාගෙන එන්නම්." ඒ ඔහුගේ සුපුරුදු ක්‍රියා පිළිවෙතයි.
ඔහුට උණු කිරි කෝප්පයක් සෑදීම සදහා මුළුතැන්ගෙට වැදුනු මා, වතුර පිරවු කේතලය ගෑස් ලිප මත තැබුවෙමි.නමුත් කිරි සැදීම කෙසේ වෙතත් නැවතත් මා සිතේ ඇතිවු ප්‍රශ්න එකින් එක නිරාකරණය කරගැනීමට උත්සුක වීමි.ඇයි එයාට මගේ උපන්දිනේ අමතක වුනේ? කොහොමද එහෙම වුනේ? ඉස්සරනම් එයාට මගේ උපන්දිනය ඔහුගේ උපන්දිනයටත් වඩා හොදින් මතකයි.ඒ වගේම ඒ දවසම ඔහුට කෙතරම් වැඩ රාජකාරී තිබුනත් ඔහු මා වෙනුවෙන් කැපකලේය.ඒත් මෙවර.....
හ්ම්ම්ම්ම්....මේ දවස් වල ඔෆීස් එකේ වැඩ වැඩි නිසා අමතක වෙන්න ඇති.රාජකාරිය දේව කාරියටත් වඩා වටිනවනේ. කමක් නෑ අමතක වුනාට.යැයි සිතමින් ඔහුගේ අමතක වීම සාධාරණීයකරනය කිරීමට උත්සහකලෙමි.
ඒත් ගිය මාසේ ඔහුගේ නංගීගේ 21 වන උපන්දිනය වෙනුවෙන් ඔහු ලෑස්තිවුයේ සතියක පමණ පෙර සිටය.එහෙව් එකේ ඔහුට කෙසේද මගේ උපන්දිනය අමතක වුනේ.ඔහු මට දක්වන ආදරය අඩුවෙලාද?නෑ වෙන්න බෑ.ඔහුගේ මේ අමතක වීම නැවතත් මසිතට මහත්සේ වද දෙන්නට විය.
රුරුරුරූරූරූරූරූරූ.......ගෑස් ලිප මත තැබූ කේතයේ වතුර හොදින් රත් වී නැගුනු හඬ නැවතත් මාගේ සිතුවිළි සයුරට බාධා කලේය.
වියවුල් මනසින් නැවතත් කිරි කෝප්පය සෑදීම ඇරඹි මාහට, ඔහු නාගෙන පැමිණෙන විට එය සාදානිමකරීමට හැකිවිණි.
"සුදු නෝනා අද කන්න මුකුත් නැද්ද...?" ඒ ඔහුගේ සුපුරුදු හඬයි.
"අහ්...මට අමතක වුනානේ සුදු මහත්තයෝ, මෙන්න මම අද ඔයා කැමතිම කෑමක් හැදුවා තේ බොන්න.ඉන්න දෙන්න සුදු මහත්තයෝ." සිතේ තිබූ වියවුල් ස්වභාවය නිසා ඔහු වෙනුවෙන්ම සෑදු ඔහුගේ ප්‍රියතම ආහාරයක් වන සමපෝෂ දීසිය දීමට පවා අමතක විය.
"ආ මෙන්න..." මම සමපෝෂ දීසිය ඔහු අත තැබිමි.
ඔහුගේ කිරි කෝප්පය පමණක් මේසය උඩ තිබෙනු දැක විමතියට පත් ඔහු....
"මේ මොකද මේ...සුදු නෝනා අද කිරි බොන්නේ නැත්තේ?"
"අද මගේ බඩ පොඩ්ඩක් රිදෙනවා සුදු මහත්තයෝ.දැන් බොන්න බෑ.මගේ සුදු මහත්තයා බොන්නකෝ මටත් එක්ක."
සිතේ තිබූ වියවුල් සිතුවිලි කන්ද හා හටගත් දුක නිසාම කිරි කෝප්පයක් බීම පවා මාහට මහත් අප්පිරියාවක් විය.නමුත් බඩ රිදෙනවා යැයි කියමින් ඔහුගෙන් ඒ බව සැඟවීමට ගොස් මා වැටුනේ කබලෙන් ලිපටය.මගේ බඩරිදිල්ල ගණන් නොගතයුතු දෙයක් බව ඔහුට ඒත්තුයනතුරුම ඔහුගේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දෙන්නට මාහට සිදුවිය.
එදින රාත්‍රියේ නිනදට ගිය විටත් මා හට සැනසීමක් නොවීය.සිතේ ඇතිවු සිතුවිළි එකින් එක සලකා බලමින් නොයෙකුත් තර්ක විතර්ක ගොඩනගන්නට වීමි.
පසු දින........
"හා...හා.... සුදු නෝනා නැගිටින්න නැගිටින්න...හොදටම දවල් වෙලා.දැන් උදේ අට හමාරයි වෙලාව.මට ඔෆීස් යන්නත් හොදටම පරක්කුවෙලා." මා අවදි වුයේ ඔහුගේ හඬිනි.
වෙලාව ඇසුනු සැනින් මා, දඩි පඩි ගා නැගිට සිටියේ, සුදු මහත්තයට ඔෆීස් ගෙනියන්න ආහාර සෑදිය යුතු නිසාවෙනි. වෙනදා ඔහුව ඇහැරවන්නේ මවිසිනි.කෙදිනකවත් ඔහුගේ ඔෆීස් ගමන ප්‍රමාද නෙකල මා, අද......
මා ඉක්මනින් නැගිට මුළුතැන්ගෙය වෙත යාමට මැද සාලයට පැමිණියෙමි.එහිදී මා දුටු දසුනින් මාගේ හදවත නැවතී, මා ගොළු වුවා සේ දැනුණි.දෑස් අදහාගත නොහැකි දසුනකි.
තත්පර කිහිපයක් ගතවිණි. මා පියවි සිහියට පැමිණියේ, මා පිටුපසින් ඇසුණු ඔහුගේ ආදරණීය ලෙන්ගතු හඬිනි.
"මගේ රත්තරන් පුංචි සුදු නෝනට සුභම සුභ උපන්දිනයක්....!!!"
"සුදු නෝනා...මම අද ඔෆීස් යන්නේ නෑ.මෙන්න මං ගානේ අද මගේ සුදු නෝනට රසම රස උණු කිරි කෝප්පයක්...."
ඔහු විසින්ම කරතිබු උපන්දින සැරසිලි දෙස ආසාවෙන් බලමින් මා ඔහුගේ උණුසුම් පපුවට හොද හැටි තුරුළු වුයේ, මාහට මා කෙරේම ඇතිවු ලැජ්ජාව සතුටු කදුළු අතරේ සගවාගනිමිනි.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... : |
36 comments:
නියමයි මල්ලි, ආදරේ උතුරනවා . . . !
August 12, 2010 at 11:18 AMමරේ මරු.....:D
August 12, 2010 at 11:26 AM@දුමී
August 12, 2010 at 11:31 AMආදරේනම් ඉතිං ඉතිරුවත් මදි වගේනේ නේද..... :d බොහොමත්ම ස්තූතියි. :c
@Shadow/හේමලයා
බොහොමත්ම ස්තූතියි. :c
:h :h :q
August 12, 2010 at 12:09 PM@හා පැටික්කි (MS)
August 12, 2010 at 12:12 PMහේහේ තැන්කූ තැන්තූ...
කෝමෙයි එක්සෑම් පොජ්ජ....???
ඉතිරි ටිකත් හොදට ලියන්න...
ෂා ... හොද කතා කාරයෙක් වෙලා නෙව.. ලස්සනයි. ආදරේ උතුරනව..
August 12, 2010 at 12:36 PMපිරිමි කොහොමත් තේරුම් ගන්න බැරි චරිත නේ.. හැබෑවටම ලස්සනයි.
එල එල මල්ලි මමත් ඉතින් කවදාවත් තෑග්ග කියල නම් දෙන්නෙ නෑ.surprise තමා.
August 12, 2010 at 12:49 PMNish
කිව්වත් වගේ ආදරේ බේරෙනවා... ලස්සන කතාවක්...
August 12, 2010 at 12:52 PM@wath
August 12, 2010 at 1:21 PMහික්ස්...:c අපි ඉතිං ආශ්‍රය කරන්නේ ඔයාල වගේ කතන්දර ශූරියෝනේ.:k බොහෝමත්ම ස්තූතියි මගේ අක්කියෝ.හෆෝයි නෑ...:i ගැහැණු අය තේරුම් ගන්න අමාරුයි කියලයි මමනම් හිතන්නේ.ඒකනේ පැරැණ්නෝ ගැහැණු උදවිය මුහුදට,සුළගට,අහසට උපමා කලේ.කවුරුත් අහල තියේද පිරිමි උදවිය ඕවට උපමා කරල තියෙනවා.:d
ආයෙත් ඔන්න බොහෝමත්ම ස්තූතියි කිව්වා.:a
@ Nish
එහෙම දෙනකෝට පොඩි ගතියක් තියේ නේද...:d අත්දැකීමෙන්මයි කියන්නේ මම නම්.මේකතාව ලිව්වෙත් මගේම අත්දැකීමක් පාදක කරගෙනම තමයි.:h බොහොමත්ම ස්තූතියි. :a
@කුෂාන් ඇස්. වන්නිආරච්චි
හෆ්ෆේ ආදරේ වටින කාලේ ආදරේ බිංදුවක්වත් අපතේ යවන්න හොදනෑ......:c බොහොමත්ම ස්තූතියි අයියේ. :a
ආදරණීය කථාවක්... සෝ ස්වීට්! :q
August 12, 2010 at 3:41 PM@හසී
August 12, 2010 at 4:35 PMබොහෝමත්ම ස්තුතියි කෙලි හසීයේ. :a
ආදරේ ඉතිං කොහොමත් සවීට් නේ නේද? :h
අපිට වඩා ඔයාල හොදට දන්නවනේ. :d :c
ලස්සනයි කොල්ලො..... ආදරේ උතුරනව අර දුමිය කිව්ව වගේ
August 12, 2010 at 5:43 PM@පිස්සා පලාමල්ල
August 12, 2010 at 6:37 PMබොහෝමත්ම ස්තූතියි අයියේ.:a කෂ්ටියම කියනවනම් පිළිගන්නම වෙනවානේ ආදරේ උතුරලා යනවා කියලා.:h :c
ඔය තියෙන්නෙ ආදර ගන්ගාවක පාවෙන මස්කට් නව්කාවක් වගේ......... කොලු හසිය අමුනල කරල මරු කතා කාරයෙක් නෙ.....එල එල... නියමයි අයියෙ
August 13, 2010 at 12:33 AM@Hasitha ජයසූරිය
August 13, 2010 at 9:02 AMම්ම්ම්...ඒ පොඩ්ඩෝ..කොහෙද බං අර උඹ කීව ගන්ගාවයි නැවයි තියෙන්නේ....???බලන්න වටිනවනේ... :c
බොහෝමත්ම ස්තූතියි පොඩ්ඩෝ.... :a
ලස්සනයි..හැබැවටම ආදරේ උතුරනවා..........
August 13, 2010 at 9:28 PM@ඉලංදාරියා
August 13, 2010 at 10:23 PMබොහෝමත්ම ස්තූතියි සහෝ....ආදරේ ගිලී නාන්නට එන්න සබදේ..... හික්ස් :c
හරිම ලව්ලි
August 14, 2010 at 7:48 PMඋතුරා ගලා යන ආදරය සුන්දරද කොතරම්
කියන්න ආදරෙයි කියා සුදු . . . මනරම්
නුඹ තරම් කෙනෙක් නෑ මට ලොව ඉස්තරම්
පතමි නුඹ ගෙන් සදා රැකවරණේ මම් :h
@හසී රන්
August 14, 2010 at 8:57 PMබොහොමත්ම ස්තූතියි. :c
ඇත්නම් ආදරයක් මා ගැන අවංක
මොනාද බැරි ඇ වෙනුවෙන් කරන්න... :h :c
ඇත්තටම ආදරය උතුරා හැලෙන කතාවක් !
August 15, 2010 at 8:22 PMඅපුරුයි සහෝ...
@sansarasidu
August 15, 2010 at 8:49 PMතැන්කූ තැන්කූ සහෝ.......... :a
මචන්,, මම ගයාන්.. උබෙ කතාව ගති බන්.. ඔය කතාව කියවන් යනකොට මට මගෙ පෙම්වතිය ව මතක් උනා. ආදරෙ කරනකොට රන්ඩු අතිවෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් මචන් ඒ අතිවෙන පුන්චි රන්ඩුවක් නිසා මුලු ආදරෙම නෑටි කරගත්ත කොල්ලෙක් විදිහට උබගෙ මෙ කතාව මන් ගොඩක් ආසවෙන් කියෙව්වා..
August 16, 2010 at 12:36 PM@Anonymous
August 16, 2010 at 3:46 PMඋඹට මගේ කතාව කියවලා දුක හිතුනනම් මට සමාවෙයන්.මට උඹ ගැන දුකයි.උඹත් එක්ක එයා තරහා වෙලා ගොඩක් කල්ද?(අපිට සමතයකට පත් කරගන්න බැරිවෙයිද?)
කෙල්ලෙක් කියන්නේ මහපුදුම චරිතයක් බං.ඒක අපි තේරුම් ගන්න ඕනි.එයාල හිතන පතන විදිහ හරිම වෙනස්.එයාලව තේරුම්ගන්න එක තරම් අමාරුදෙයක් මේලෝකේ නැතිව ඇති.හැබැයි ඇය කියනදේට අපි හොදින් සවන් දුන්නොත් සහ ඇයට අපි අපිට හැකි උපරිමයෙන්ම ආදරේ කලොත් එයාව තේරුම්ගන්නවා කියන එක ලොකුදෙයක් නෙවේ.
උඹගේ පෙම්වතිය උඹට නැවත්ත ලැබෙන්න කියල මම මගේ මුළු හදවතින්ම ප්‍රාර්ළුනා කරනවා.ආදරේ වේදනාව දන්න කෙනෙක් විදිහට......
පළවෙනි වතාවට ආවෙ මචෝ. ඒත් ගොඩක් දේවල් දැන ගත්ත. මගෙ සහෝදරයෙක් උඹත් එහෙනම්. එල එල. ජය ශ්‍රී.
August 18, 2010 at 4:16 PM@ශාමින්ද
August 18, 2010 at 8:21 PMඅහ් එල එල මචෝ....අපි ඉතිං කොහොමත් ශ්‍රීලාංකික නම් වු එකම පවුලේ අය නොවැ.... :d
බොහොමත්ම ස්තූතියි සහෝ.... :c
උබ කියන කතාව 100%ක් ඈත්ත මචන්.. මන් ඒ ආදරය ආයෙත් ලබා ගන්න ආසයි සහො.. ඒත් ඒක එයාට වදයක් වෙන නිසා මම මෙ විඩිහට ඉන්නවා. උබට පින්..
August 19, 2010 at 3:04 PM@Anonymous
August 19, 2010 at 3:14 PMඑයාට දැන් කවුරුත් නැද්ද?
නැතිනම් උඹ අතින්වුන වැරැද්ද පිලිගෙන සමාව ඉල්ලපන්...
එයා උඹට ඇත්තටම ආදරේනම් උඹට සමාව දේවි.
දුක් විදිනවට වඩා සමාවඉල්ලලා එයාව නැවත ලබාගන්න හදන එක හොදයි කියලයි මට නම් හිතෙන්නේ....අපෙනුත් උදව්වක් ඕනිනම් කියන්න.හැකි උපරිමයෙන් කරන්නම්.....
මට මෙච්චර කාලෙකට මේ පැත්ත අහුවුනේ නෑනේ. හොඳට ලියල තියනවා. සුබ පැතුම්. ආයෙ එන්නම්
August 19, 2010 at 3:50 PM@priyantha.ඒබී
August 19, 2010 at 4:18 PMහේහේ....මේක ලගදිනේ බං පටන්ගත්තේ...එල එල තැන්කූ එහෙනම්....ඕනිවෙලාවක ඇවිත් යන්නකෝ......
මචන් හසී, මම සමාව ඉල්ලුව බන්. එයා සමාවත් දුන්නා. ඒත් සහො එයාගෙ ගෙදරින් දෑන් මට කෑමති නෑ. මෙවා කට හරි කිව්වම හිතට ටිකක් හරි සෙහෙල්ලුවක් දෙනෙනව සහො. සමාවෙයන් උබට වදයක් උනා නම්...
August 21, 2010 at 5:38 PM@Anonymous
August 21, 2010 at 5:50 PMඒ මොකෝ ඒ...? ඔයදෙන්න කැමතිනම් ආයෙත් එකතු වෙන්න.ගෙදර අයගේ අකමැත්ත ටික දවසක් යනකොට ඇරිලා යයි.
අපෝ මොන කරදරයක්ද මචං.අපිත් ඔය දුක දන්නවා.කෙනෙක්ගේ හිතට සැනසුමක් වෙන්න පුළුවන්නම් ඒක කොච්චර වටිනවද?
ස්තුතියි හසී.. හසී මචන්.. මාත් බ්ලොග් 1ක් පටන් ගත්ත. ඒකෙ මන් ඩන බ්ලොග්ස් අනික් අයට කොපි කරන්න බෑරි වෙන්න හදන හෑටි කියල දෙනවද.....
August 23, 2010 at 12:14 AM@gayan
August 24, 2010 at 11:28 AMඅහ්...සන්තෝසයි මචං.මෙහෙමයි කොපි කරන්න බැරි කරන්නම බෑ.මොකද ගන්න ඕනි එකා ඕක කොහෙම හරි ගන්න නිසා.ඔය මම දාල තියෙන "Right Click Enabling" නම් කරන්න පුළුහන්.ඒත් ඒකත් chrome වලදි හරියට වැඩ නෑ.මට උඹේ ඉ-මේල් ඇඩ් එක දෙන්න මම ඒ කොඩ් එක එවන්නම්...මේ කමෙන්ට් එක අහම්බෙන් දැක්කේ...ප්‍රමාදයට සමාවෙන්න...
කියවං යද්දි නම් ආසයි.. ඒත් අපි තව පුංචි ළමයි :P
November 23, 2010 at 10:28 AMහැම මිනිහාම මෙහෙම වෙනවනම් හොදයි...
අනේ අයියා.. මම කාලෙකට කලින්.. ගොඩාක් කාලෙකට් කලින්. ඔය වගේම ලස්සන කතාවක් මනහර එකක කියෙව්වා.. හරිම ලස්සනයි හසි අයියේ..
November 23, 2010 at 10:42 PMඔය කියලා තියෙනවා වගේම හොඳ හා මහත්තයෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා........... හි හි...........
May 26, 2011 at 2:39 PMPost a Comment
ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....