අපේ පුංචිගේ (ඔව් ඔව් ම‍ගේ අම්මගේ නංගිගේ තමා...) පොඩි පුතා ආවනේ ගිය දෙසැම්බර් නිවාඩුවට අපේ ගෙවල් පැත්තේ‍.වෙන යන්න තැන් නැද්ද මන්ද ඒකටත්‍.ඒකට ගෙදර අයනම් කියන්නේ "චූටි" කියලා.මරු චූටි...අවුරුදු 12ක අලි පැටියෙක්.ඒකට චූටි කියනවනම් හසියට කියන්න ඕනි චූට්ටන්ගේ චූටි කියලවත්‍.පොඩි එකා වුනාට ඉතිං ඇණ පැකට් එකක්.ඒත් ඉතිං පන්නන්න කියලයෑ.බැන්නොත් විපක්ෂේ ඇවිත් පාට් දානවනේ හසියට.ආපුවහම මාත් එක්කමයි.ඇයි ඉතිං කෙම්පුටරේ ගෙම් ගහන්න ෆිල්ම්ස් බලන්න කොච්චර වැඩ තියෙද.

ඔන්න ඉතිං චූටි හිටපු දවසක ලයිට් ගියා උදේ පාන්දරම....(ඕක ඉතිං ලංකාවේ වැඩිපුරම වෙනදේනේ....
) දැන් ඉතිං මුගේ බර බරේ.ඇයි ඉතිං ගේම් ගහන්න ෆිල්ම් බලන්න විදිහක් නෑනේ දැන්....හෆ්‍ෆා ලයිට් තිබුණානම් හොදයි කියලා හිතුනේ ඒ වෙලාවට තමයි.ඉතිං ඔන්න ඔහොම ඉන්නකොට මේකා හොද සබ්ජෙක්ට් එකක් ඇදලා ගත්තා..‍‍‍‍...


චූටි : අයියේ අනේ ලයිට් ගියානේ....

හසියා : ඉතිං මං මක්කොරන්නද?

චූටි : අපරාදේ.....මේ අයියේ අර ෆෝන් ෂොප්ස් වල ෆෝන් තියලා තියෙන ස්ටෑන්ඩ් නැද්ද කොහේවත් ගන්න? අර පුටු වගේ එහෙම තියෙන්නේ..

හසියා : ම්ම්ම්ම්ම් දන්නෑ...ඇයි මොකටද....?

චූටි : නෑ ඉතිං අයියගේ මේ ෆෝන් දෙක තියන්න මං ඇහුවේ මේ....

හසියා : අහ් ඒක මිසක්.....

මොනා වුනත් හොද අදහසක් මේ ඇණ පැකට් එක දුන්නේ...
ඔන්න ඉතිං හසියගේ ක්‍රියෙටිව් මොලේ පොඩ්ඩක් ස්ටාර්ට් කොරල බැලුවා මේකට පිලියමක්......ඒක පාරට ස්ටාට් කොලාට ස්ටාට් වෙන්නෙත් නෑ.ඇයි ඉතිං පාවිච්චිය හරි අඩුයිනේ.

ඔන්න ඉතිං හසියට පේනවා ඈත අයිඩියා බස් එකක් එනවා.හසිය ඉතිං අත් දෙකයි කකුල් දෙකයි දාලා අමාරුවෙන් නතර කරගත්තා. (හැබැටම කොහොමෙයි අත් දෙකයි කකුල් දෙකයි දාලා බස් නතර කරන්නේ...?) ෂා බස් එකට නැග්ගා විතරයි ලස්සන අහිංසක අයිඩියාවක් හම්බවුණා.
ඊට පස්සේ ඊළග හෝල්ට් එකෙන් එයත් එක්කම බැස්සා ඉක්මණට.

හසියා : ම්ම්ම්ම් කඩෙන් ගන්න ඕනි නෑ...අපිට ඕනිනම් එකක් හදාගන්නත් පුළුහන්‍‍....

චූටි : ෂා නියමයිනේ අයියේ....අපි හදමුකෝ එකක්....ඒකට ගොඩක් බඩු ඕනිද..?

හසියා : ම්ම්ම්ම් නෑ අහක දාන දේවල් වලින් හදන්න පුළුහන්....

චූටි : අනේ අපි එකක් හදමු.....අනේ අයියේ....

හසියා : ම්ම්ම්ම්ම් හා එහෙනම් හදමුකෝ....

චූටි : හුරේ....හොද අයියා.....

හසියා : එහෙනම් මේ ටික හොයා ගන්නකෝ.....


ඩිස්පෝසබල් කෝප්පයක් (රීසයිකල් කප් එකක් වුනත් කමක් නෑ.
දෙකම ඉතිං එක වගේනේ.)
අහක දාන සීඩී එකක් (කැමතිනම් හොද එකක් ගත්තට කමක් නෑ.
)
පේපර් කටර් එකක් (කපන්න කොටන්න තියේ ගොඩක්
)
ගම් (මල්ටි බෝන්ඩ් ‍වගේ නම් හොදයි.
ඇලෙව්වොත් ඇලෙව්වමයි කිව්වේ මොනාටද?)


හසියගේ ගෙදර ඩිස්පොසබල් කප් වගේ දේවල් අඩු වෙනකොට විපක්ෂේ දන්නවා අදත් හසියා මොකක් හරි විකාරයක් කරනවා කියලා...(විපක්ෂෙ කියන්නේ කවුද කියලා දන්නේ නැතිනම් මෙතනින් ගිහින් හෙමින් තේරුම් ගන්නකෝ.."෴ එල්.ඊ.ඩී. ලාම්පුවක් හදමු ෴")

ඔන්න ඉතිං ඕනි දේවල් ටික එකතු කරන් වැඩේ පට්ටාන් ගත්තා‍.

කෂ්ටියගෙන් ඇහුවොත් මල්ටි බෝන්ඩ් වගේ ගම් වලින් අලවද්දි අලවන විදිහ දන්නවද කියලා....
උත්තරේ මොකක්ද? (හසියත් අහන ප්‍රශ්න...ගම් ගාලා තද කරගෙන ඉන්නවා මිසක් වෙන මොකක්ද අනේ නේද....) දන්නෙ නැතිනම් හසියා ඒකත් කියලා දෙනවා කෂ්ටියට...

ඔන්න එහෙනම් ඔය හැම ප්‍රශ්නෙටම උත්තරේ ඔය වීඩියෝ එකේ තියෙනවා.....කරන විදිහ බැලුවනම් එහෙනම්......






කොහොමද ෆෝන් හෝල්ඩර් එක හසියා හදපු...? ට්‍රයි එකක් දීලා බලන්න..විනාඩි දහයක් වත් යන්නේ නෑ වැඩේට.නිකන් මේසේ උඩ දාලා තියෙනවට වඩා පොඩි ගතියක් තියෙනවනේ ‍අපිම හදාගත්ත ෆෝන් හෝල්ඩර් එකක අපේ ෆෝන් එක තියලා තියෙනකොට....
(කාටද ආඩම්බර ඉතිං....) එතකොට ෆෝන් එක දැම්මේ කොහෙද කියලා රිං කර කර හොයන්න ඕනිත් නෑනේ.හැබැයි ඉතිං ෆෝන් හොල්ඩර් එක එකම තැන තියන්න.

අනිත් එක අර අපේ පොඩි එකාට ඕක හදල දෙනකොට ඒකට මාර සතුටක් තියෙන්නේ...අලුත් දෙයක්.පොඩි එකෙක් ඉස්සරහා ඔය වගේ දේවල් කරන්න ඕනි කියලයි හසියනම් හිතන්නේ.කාටුන් ගේම්ස් වලට කාලය නාස්ති කරන වෙලාවේ මේවගේ දේවල් කොච්චර වැදගත්ද? ෆෝන් හොල්ඩර් එක ලමයට වැදගත් නැති එක හැබෑව‍.ඒත් ඉතිං ඒක හදන විදිහ දැක්කාම ළමයට වෙන අවස්ථාවකදී අලුත් දෙයක් සිතීමේ හැකියාව ඇතිවෙනවා.නැතිනම් ඉතිං අර හසියා හැමදාම කියනවා වගේ මොලේ තියෙන හිතන්න බැරි රොබෝලා ටිකක් ඉදිරියට බිහිවෙයි.....


කෂ්ටිය හදලා බලලා කියන්නකෝ වැඩේ කොහොමද කියලා...අදහසක් දාලා යන්න අමතක කොරන්න එපා ඕන්....

ඔබේ අදහස් හසියාගේ ශක්තියයි....!!!


එහෙනම් අදත් හසියා වාෂ්ප වෙන්නෙයි කියලා....කෝ ඔය ලයිට් ටික නිමුවනම්......

ඒස්වඃ පුඃ







.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

30 comments:

ෂා නියමයි..... :b :r එදා කිව්වේ මේකද? :d

November 18, 2010 at 9:53 AM  

ආයේ ඉතින් අවසානයි...
උඹේ ප්‍රසන්ටේෂන් නම් bloody professional....
උඹ සුජාත පුත්‍රයෙක් බව අවිවාදිතයි...
කයිටෝක් තවුසන්ඩ් දෙන බුවාලට මෙව්වා නියම උත්තර...
මගේ දරුවන්ටත් පෙන්විය යුතුයි...
ජයවේවා මල්ලී...

November 18, 2010 at 10:01 AM  

@හසී
තැන්කූ තැන්කූ‍‍...:i
ම්ම්ම්ම් කිව්වද? :j මට මතක නෑනේ...වෙන එකක් වෙන්න ඇති.... :p

November 18, 2010 at 10:14 AM  

එළ එළ ජයවෙවා....

මාත් එක්ක් හදාගන්නා ඔනේ ජයවෙවා..

November 18, 2010 at 10:18 AM  

@තිස්ස දොඩන්ගොඩ
ම්ම්ම්ම්ම් හැමදාමත් අයියා කරන නිර්ව්‍යජ දිරි ගැන්වීම හැමදේකටම වඩා වටිනවා.
එච්චර අවුල්ද...වචනේ බර වැඩිද මන්ද....
කෙනෙක් මගෙන් පොඩි දෙයක් හරි ඉගෙන ගන්නවනම් ඇත්තටම සතුටක්...
ඒ වගේමයි මම කැමති ළමයෙක් ගොඩක් බුද්ධිමත් කෙනෙක් වෙනවට වඩා සාමාන්‍ය බුද්ධිමත් නිරමාණශීලී කෙනෙක් වෙනවනම්....
මම හිතන්නේ ඒ කෙනාට ඕනි කැනක පොලොවේ පය ගහලා ඉන්න පුළුහන් කියලා...
බොහෝමත්ම ස්තූතියි අයියා.....

November 18, 2010 at 10:20 AM  

මේකනං නියම වැඩක් තමයි.

ඔය මල්ටිබොන්ඩ් වලින් අලවන විදියත් ගොඩක් දෙනෙක් නොදන්න දෙයක් තමයි. ඔය විදියට අලවන්න කිවුවහම අහන්නෙ කොහොමද වේලුනාට පස්සෙ ගම් ඇලෙන්නෙ කියල. :e

හැබැයි ඔබ ෆෝන් හෝල්ඩර් එකත් කොහේට හරි තියල අලවගත්තනං ෆෝන් එක හොයන්න ඕනිවෙන එකක් නෑ. :h

November 18, 2010 at 10:32 AM  

@ඉලංදාරියා
අන්න නියමයි...හදලා බලන්න.....
ඔබටත් ජය වේවා....!!!

November 18, 2010 at 11:04 AM  

@Praසන්ன
තැන්කූ තැනකූ‍‍....
ඕව් ඒක ඇත්ත...මම පොඩි කාලේ අපේ ගෙදර වැඩ කරන්න ආපු බාස් මාමෙක් ගෙන් තමි ඕක දැනගත්තේ...
පස්සේ මම මගේ යාළුවන්ට එහෙම කිව්වහම ලොකු වෙලා...උන් මාව චාටර් කලා...පහුවද ලී කෑලී දෙකකුයි ගම් එකකුයි ගිහින් කරලම පෙන්නුව ඇස් උඩයන්නම....හික්ස්‍‍‍...
හ්ම්ම්ම්ම් වැඩේ නරක නෑ...

November 18, 2010 at 11:10 AM  

නියමයි මචං නියමයි ! අපේ නෑදෑ වෙන අක්ක කෙනෙක් ඉන්නවා එයා මොන්ටි සෝරියක් කරන්වා එයාට මේව වැදගත් වෙනවා මම එයාට මේක සහ ඔයාගේ අනිකුත් අත්කම් සෙට් එක යවන්නම් අවුලක් නෑනේ ?

බුද්ධිමය දේපල පනත යටතේ මට නඩු දාන්න එපා !

ජයවේවා !!

November 18, 2010 at 12:06 PM  

එළ කොල්ලො.මේ වගේ වැදගත් දෙයක් නම් කොච්චර හොදද?හසියට මගේ සුභ පැතුම්...!

November 18, 2010 at 12:51 PM  

:e :e උපරිමෙනුත් තව ටිකකු වැඩියෙනුත් නියමම නියමයි අයියා......
ම්ම්ම්ම් බලමුකෝ ඕකවත් හදාගන්න.......
වැඩේනම් මල් 7යි ගෙඩි 5යි කොළ ගොඩා.............යි..... ඒ කිව්වේ පර්ෆෙක්ට්......... :t :t :t :t

November 18, 2010 at 1:34 PM  

එල මචෝ.......අපිට මෙහෙම එව්ව තව කියපන්.....ජය වේවා!!!!!

November 18, 2010 at 2:13 PM  

මරු මරු.... මාත් හදාගන්න ඕනි.. ගෙදරදී මගේ ෆෝන් එක හොයන එක තමා අමාරුම වැඩේ..

November 18, 2010 at 2:54 PM  

සුදු අයියේ උම තමා මෙච්චර කාලෙකට මට ඕනෙකරපු දෙයක් දුන්න එකම එකා... දැන් ඉතිං ෆෝන් එක අමතක වෙනවා බොරු. thnax lot.

November 18, 2010 at 5:03 PM  

වෙලාවට මට පෝං එකක් නැත්තෙ :බ්
නියම වැඩක් හසියෝ...මමත් කියන්න ගියෙ "හැබැයි ඉතිං ෆෝන් හොල්ඩර් එක එකම තැන තියන්න" කියන එකට හෝල්ඩරේ එක තැනක ඇලෙව්වනං අර බෝන්ඩ් එකම දාල ආයෙ හොයන්න ඕනෙ නෑ :c

November 18, 2010 at 6:32 PM  

නියම‍‍යි.. මමත් හදන්න ඕන

(දැන් බාන් බඩී ගහන්නෑ නේද?

November 18, 2010 at 8:02 PM  

@හිස් අහස
තැන්කූ මචෝ.... :c
අනේ මචෝ කිසිම අවුලක් නෑ....අහන්නත් සන්තෝසයි මගෙන් දෙයක් මම වැඩියෙන්ම හිතන අය වෙනුවෙන් දෙන්න පුළුහන්නම්....අහන්න ඕනී නෑ බං...ඒ පොඩ්ඩන්ට ගිහින් දෙන්න.... :t

ඔබටත් ජය වේවා...!!!

November 18, 2010 at 9:22 PM  

@S.Madurange
තැන්කූ තැන්කූ සහෝ... :c
උත්සහාකරලා බලන්න....ටිකක් කරන් යනකොට තව තව අදහස් එයි හිතට.... :b

November 18, 2010 at 9:39 PM  

@හා පැටික්කි (MS)
අහ් තැන්කූ තැන්කූ.... :i
කොහෙන්ද මේ ජංජාලෙ පැන්නේ...මේ පැත්ත පාළු වෙලා නෙවැ තිබුනේ පුළුන් නැට්ටි නැතිව... :p :q

November 18, 2010 at 9:42 PM  

@අඳුරෙන් එළියට
තැන්කූ තැන්කූ සහෝ.... :c
අනිවා දෙන්නම් සහෝ... :e
රැදී සිටින්න හසියාගේ නවාතැන් සමගම...මීළගට .......... හික්ස් :q

November 18, 2010 at 9:43 PM  

@ළමයා
හේ හේ අයියෝ සිම්පල් නේ...හදාගත්තන්ම වැඩේ ගොඩ... :b
හැබෑටම පොඩි ළමයි ෆෝන් පාවිච්චි කොරනවද? :j

November 18, 2010 at 9:50 PM  

@prasanna86k
ඒ උඹ කොමද බං මම සුදුයි කිව්වේ...මම කළුයි නේ බං.... :p
හේහේහේ අහන්නත් සංතෝසයි...කෙනෙක්ව සතුටු කරන්න කෙනෙක්ගේ හොද අවශ්‍යතාවයක් සපුරාලන්න හැකිවීම ගැන.... :b
යූ ආ වෙල්කම් බ්රෝ... :c

November 18, 2010 at 9:52 PM  

@සසීන්ද්‍ර වීරසිංහ
හේහේහේ මේ දැන් ඉපදුන එකා ලඟත් ෆොන් එකක් තියේ... :p
ඔයිට වඩා නරකද ෆෝන් හෝල්ඩර් එකත් අලවලා මේසයක් උඩ,ෆෝන් එකත් අලවනවා ෆෝන් ‍හොල්ඩර් එකටම....:r

November 18, 2010 at 10:07 PM  

@අරුණ
එල එල හදන්න හදන්න... :t
මොකෝ බං එකපාරට බීබී මතක් වුනේ...දැන් නම් නෑ තමා බං....:c

November 18, 2010 at 10:08 PM  

මම නම් වැඩිපුරම කැමති හසියාගේ ප්‍රසන්ටේශන් එකට. බැක්ග්‍රවුන්ඩ් මියුසික් එහෙමත් තියෙනවනේ....
මෙදා පාර නං ට්‍රයිපෝඩ් එකක් හම්බවෙලා වගේ නේද? අත් දෙකෙන්ම වැඩ!

November 19, 2010 at 8:39 PM  

@බුද්ධි
හේහේහේ තැන්කූ සහෝ... :i
හේ හේ ඇත්තම කියනවනම් ඒක සෙල්ෆ් මේඩ් ට්‍රයිපොඩ් එකක්....:q හික්ස් :d

November 19, 2010 at 8:53 PM  

මේ කොළුවා ලංකාවේ නෙමෙයි ජපානේ වගේ ඉන්න තිබ්බේ.............

November 20, 2010 at 12:24 PM  

@Hasitha
හේහේහේ ඒ මොකෝ බං...උඹල අකමැතිද මං අපේ රටේ ඉන්නවට....?
:s

November 20, 2010 at 7:37 PM  

හසියා... එළම කිරි!! වෙන මොනව කියන්නද? තව ඔයවගේ වැඩ කරන්න. ඇත්තටම බලං හිටියේ හරිම ආසාවෙන්.. එදා වගේම අදත් ප්‍රසන්ටේෂන් පට්ට.. ජයවේවා.. (මේ පැත්තට ආවොත් මන්තරේ කිව්වෙ නැත්තං යන්න වෙන්නෑනේ..) ඒස්වඃ පුඃ
-කාංචන

November 24, 2010 at 9:51 AM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails