ඔන්න ඉතිං හසියටත් මතක් වුනා හසියගේ පංතියේ කොල්ලෙක්ගේ ගන වැඩක් අපේ මේ පිස්සා අයියා දාපු "බන්ටි.. ඩෙල්ටා.. එඩ්නා රැලි... මතකද මන්ද ...?? එක්ක කොල්ලෙක් ගෙ ජීවිතේ" කියන පිස්සු පොස්ට් එකේ තිබ්බ ගන පත්තර කතාව දැකලා....බය වෙන්න එපා මේක ගන පෝස්ට් එකක් වුනාට පවුලේ සැමට නැරඹිය හැකි එකක් ඕන්.....
ඔන්න ඉතිං අද අපේ කතා නායකයා නොහොත් ගන නායකයා...කෙලින්ම නමෙන් කිව්වොත් "ඇම්බැට්ටයා".මේකට ඇම්බැට්ටයා කියන්නේ ඉස්සර 6 7 8 පංතිවල සිංහල සාහිත්‍ය සමිතියේදී ඕකා කියන්නෙම ඇම්බැට්ටයගේ කතාවක්මයි..."ඔන්න එකෝමත් එක කාලෙක ඇම්බැට්ටයා කියලා ළමයෙක් හිටියා...බ්ලා...බ්ලා....." කියලා පටන් ගත්තාම අමු කෙප්ප ටිකක් ඇද බාල තමා නතර කතාව කරන්නේ...ඉතිං ඔය හේතුව නිසාම මේකට ඇම්බැට්ටයා කියලා නම රෙජිස්ටර් වෙන්න වැඩි දවසක් ගියේ නෑ.ඒ නම කොච්චර ප්‍රසිද්ධද කියනවනම් දැන් වුනත් ඇත්ත නමින් කතා කලාට එකෙක් වත් දන්නේ නැ කවුද කියලා.අනිත් එක දැක්ක තැන "ආ ඇම්බැට්ටයෝ...." කිව්වහම තමයි උටත් පොඩි කික් එකක් එන්නේ...
ඉතිං දැන් හසියා එහෙම 10 වසරේ ඉන්නැද්දි...හසියා නෙවැ පංති නායක නොහොත් ක්ලාස් මොනිටර්.(LCD මෙනිටර් වගේම තමා ඕන්....) ඔය දවස් වල ගන සීන් කොන් මාරෙට නැගලා ගියා ඕන්..හසියා නම් ඉතිං ඇන්ටි ගන තමා.....(එතකොට අංකල් ගන කියන්නේ මොකක්ද?) මොකද පන්තියේ හිටිය සුවච කීකරු ශිෂ්‍යයෙකෙනේ මේ දැං වගේම...
ඉතිං ඔය ඇම්බැට්ටයා තමා ක්ලාස් එකට ගන ස්ටෆ්ස් සප්ලයි කලේ.හැමදාම කෙහෙන් හරි ගන පත්තර...ඩේක් පීස් බ්ලා බ්ලා...උස්සන් එනවා.(හසියලා 10 ඉන්නැද්දි ඔය සීඩී ඩීවීඩි වැඩිය නෙමේ ඇත්තේම නෑ වගේනේ...ඉතිං වි.එච්.එස් එහෙමත් නැතිනම් ඩෙක් පීස් තමා තිබ්බේ...)
ඉතිං ඔන්න මේ ඇම්බැට්ටයා පංතියේ එවුන්ව ගෙදර එක්කන් ගිහින් එහෙමත් ගන බැලුවා.ඒ තරම්ම මිනිහා බැහැල වැඩ කලා ගන ප්‍රොමෝට් කරන්න.....
ඔන්න ඉතිං දවසක් මේ ඇම්බැට්ටයා පංතියේ යාළුවෝ කීපදෙනෙක් එක්ක කලින් ඉස්කෝලෙන් පැනලා ගෙදර ගියා.කන්න බොන්න නෙමේ අනේ ගනයක් බලන්න...ඉතිං දැන් කෂ්ටිය කට ඇරන් බලනවලු.(ලු කියන්නේ හසියා ඔතන හිටපු නැති නිසා ඕන්...) ඉතිං ඔහොම බලන අතරේ ඇම්බැට්ටයගේ අම්මා කොහෙද ගිහින් ගෙදර ඇවිත්.කරුමෙට ඇම්බැට්ටයට ගෙදර ඉස්සරහා දොර වහන්න අමතක වෙලාලු...ඉතිං මුන් එකෙක් වත් දන්නේ නැතිලු ඇම්බැට්ටයගේ අම්මා එනවා.මුංටත් ඉතිං කොහෙද සිහියක්..
ඉතිං ඇම්බැට්ටයගේ අම්මා ඇවිත්...
"පුතා මේ මොනවද බලන්නේ ආ...අද මොකද ඉස්කෝලෙන් කලින් ආවේ..?" කියලා...
දැන් එකෙක්වත් මීක් නැතිලු...නෝ හෙල්ලුම් පොල් මැල්ලුම්.ඇම්බැට්ටයා ටීවී එක ඕෆ් කරගත්තලු ෆුල් ට්‍රයි එකක් දීලා...
දැන් ඇම්බැට්ටයගේ අම්මගේ කටේ සැර වැඩි වෙන්න ගත්තලු...
ඔන්න ඉතිං ඔය ගැන්ග් එකේ හිටපු එකෙක් ගොත ගහ ගහා කිව්වලු "ඇ...ඇන්ටි. අ..අපිට මෙ..මෙයා ත..තම..මයි ෆි..ල්ම් එක..ක් බ..බලන්න එ..එන්න කිව්වේ..." කියලා.
කෙලපන්කෝ හැලප අමුවෙන්....ඇම්බැට්ටයට ෆුල් මලලු දැන්....කොරගන්න දෙයක් නැතිලු.....
ඇම්බැට්ටයගේ අම්මට අසුහාරදාහට පොඩ්ඩක් එහාට තදවෙලාලු....ඇම්බැට්ටයා ළගට ඇවිත් ඇම්බැට්ටයගේ කනෙන් අල්ලලා ඇහුවලු....
"ඇත්තද මේ කියන්නේ...?" කියලා....
එතකොටම ඇම්බැට්ටයා ගත් කටටම කිව්වලු "නෑ නෑ අම්මේ අපි ඇර ඇර බැලුවේ" කියලා....
පංතියේ එවුන්ට ඉන්නේ කොහෙද නැතිව හිනාලු....ඇම්බැට්ටයගේ අම්මත් හිනාව අමාරුවෙන්ලු තදකරගත්තලු.....
කොහොමහරි එදා සෙට් එකට ඇම්බැට්ටයගේ අම්මා හොද දේශනාවක් දුන්නලු.ඇම්බැට්ටයගේ අම්මට වැදලත් සමාවගත්තලු කෂ්ටියම.හැබැයි ඇම්බැට්ටයට යාළුවෝ ගෙදර එක්කන් ඒම සම්පුර්ණයෙන්ම තහනම් කලාලු ගොඩ දවසක් යනකන්......
පහුවෙනිදා ඉදං තමයි හොදම සීන් කෝන් එක...ඇම්බැට්ටයා තමා හොදම බයිට් එක හැමෝගෙම.....ඔය කේස් එක මුළු ඉස්කෝලෙම පැතිරෙන්න වැඩි වෙලාවක් යන්න ඕනි නෑ කියලා ඉස්කෝලේ ගිය ඈයෝ දන්නවා ඇතිනේ ඉතිං....
"ඒ ඇම්බැට්ටයෝ....ඇර ඇරද බං බැලුවේ...?" කියලා අහපුවහම හොදටම ඇති ඇම්බැට්ටයා ඉන්න අවට වාතලය දුෂණය වෙන්න....
මොනාවුනත් ඇම්බැට්ටයා තමන් කොරන්ගිය ගන සප්ලයි එකනම් නැවැත්තුවේම නෑ.....අදටත් ඌ ළග හොද ගන කොලෙක්ෂන් එකක් තියෙනවුලු.....
ඔන්න ඔහොමයි ඇම්බැට්ටයා ඇර ඇර ගන බැලුවේ...
කෝකටත් හසියට දවස් දෙක තුනක් යනකන් අන්නෝන් නම්බර්ස් වලට ආන්සර් නොකර ඉන්න එක හොදයි වගේ....
එහෙනම් ඔන්න අදත් හසියා වාෂ්ප වෙන්නයි යන්නේ....කට්ටිය වැඳගත්තනම්....
ඕන් රුහුණු කැම්පස් එම්.ඒස්.සී. වීක්එන්ඩ් එක්සෑම්ස් දෙසැ.19න් තුෂ්ණින් භුත්....
(ඔහොම කිව්වේ ලොකු හේතුවක් ඇතිව....පස්සේ කියන්නම්කෝ....)
ඒස්වඃ පුඃ
.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... : |
13 comments:
ඔහොම ඇම්බැට්ටයො කොතෙකුත් හිටී ද?
November 30, 2010 at 11:26 AMමොනවද ඇර ඇර බැලුවෙ...:c
November 30, 2010 at 2:39 PMඇම්බැට්ටයාට යාළුවෝ ගියාම අම්මාගෙන් කොහොම දේසනාවක් ලැබෙන්නැත්ද...... :a :a
November 30, 2010 at 7:12 PMඒක නෙමෙයි මොකක්ද අයියා අර අභාග කතාව????? බැයිද අභාග තුෂ්ණිම්භූත කරනවා වගේම මගේ........ :g :g
පට්ට කතාව ..මතක තියාගන්න ඕන අපේ කස්ටිය සෙට් වෙච්ච වෙලාවට කියන්න..නියම සෙට් එකක්නේ හසියට ඉඳලා තියෙන්නේ .මේක හසියට වෙච්ච වැඩක් නෙවෙයි නේද ?
November 30, 2010 at 7:53 PMනියමයි මාසෙටම ඇතිවෙන්න හිනා උනා
ජයවේවා !!
niyamai macho! :b:b:b
November 30, 2010 at 9:12 PMහරි හසි මලේ මට මෙ ටික කියහංකෝ..මොකද මම කාටවත් කියන එකක්යෑ...
November 30, 2010 at 10:50 PMඅර යාළුවෝ ගියාට පස්සේ..උඹ අර ඇර ඇර බලපු ටික ආයෙත් බැළුවෙම නැද්ද..?
අනුන්ගෙ කතාවක් වගේ ලස්සනට කියලා දාලා තියෙන්නෙ හසියගෙ කතාවක්දා මන්දා කියලත් නොහිතෙනවා නෙවෙයි..... හසියා ඇන්ටි ඝන කියන එක තමයි ටිකක් පිළිගන්න අමාරු... මොකද හසියත් කොල්ලෙක්නෙ... නේද මල්ලී......?
December 1, 2010 at 8:42 AMඇර ඇර නේ? කතාව ඇරලා සීන් එක වෙන්න ඇති බලන්න ඇත්තේ.. අනේ අනේ...
December 1, 2010 at 9:41 AMහසියා ඇන්ටි ගණ නම් වෙන්න බෑ....
පිස්සා 10 වසරෙ ඉද්දි පත්තර තමා තිබ්බේ... වී එච් එස් එහෙමටම කියල තිබ්බේ නැහ... හික් හික්.
December 1, 2010 at 5:58 PMපිස්සා ඇතුලු සෙට් එකත් කලින් පැනල එනවා ගන බලන්න නම් නෙමෙයි... ඒත් අවසානයේ ගනයක් බැලීම තමා කල් මැරීමට කොරන්නේ.. ඇයි ඉතින් ස්කෝලෙ ඇරෙන වෙලාව වෙනකල් ඉන්නත් එපැයි...
ඈ බන් මලේ ඉතින් උබ ඊට පස්සෙ ඇර ඇර බැලුවෙ නැද්ද මොකුත්.... අහ් මේ උබ නෙමෙයි ලු නේ... හික් හික්
අනේ අනේ..... ඇර ඇර බැලුවේ ....
December 2, 2010 at 12:15 PMඔය ඇම්බැට්ටයා කියන කෙනා දැන් ඉන්නෙ මොන වගේ තත්ත්වයකද කියලා කියන්න පුළුවන්ද? මොකද කියනවනම් සාහිත්‍ය සමිතියේ හැමදාම කථා කරනවා කියන්නෙ සුළු කොට තකන්න පුළුවන් දෙයක්ද?
අනේ රටක් වටින රත්තරන් පුතෙක් නේ ඇර ඇර නේ බලලා තියෙන්නේ............. :))
December 5, 2010 at 11:04 PMඔයා බ්ලොග් එක ඉවර කරන විදිහ හරිම ලස්සනයි! ස්තුතියි සතුටු කලාට!
December 6, 2010 at 3:35 PMSorry for being a tube light. But I didn't get anything. Sorry for commenting in English but I have a trob in my uni converter.
December 22, 2010 at 4:07 PMPost a Comment
ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....