කූඹියෙක් කකුල කෑවාම කාටත් තරහා යනවා....
ඊට පස්සේ කව්රුත් කරන්නේ ඌව චප්ප කරන එක.
එහෙම පව් වැඩ නොකර....කකුල කෑවට හොද පාඩමක් උගන්වන්න පුළුහන් වෙන ක්‍රමයක් තියෙනවා.

කරන්න තියෙන්නේ මෙච්චරයි...

කූඹියා කකුල කනකන් කොහොමහරි කාගෙන ඉන්න.‍
කාලා ඉවර වෙලා ඌ බිමට බැහැලා යනකොට තනියම අරගෙන යන්න බැරි කෑමක් උගේ ලගින් තියන්න.
එතකොට ඌ දෙපාරක් තුන්පාරක් ඒකට ඇනලා කෙලින්ම දුවනවා ගුලට කට්ටිය එක්කගෙන එන්න.
අත්දැකීමෙන් කියන්නේ...තත් 10ක් ඇතුලත 300ක විතර සෙට් එකක් බහිනවා 300ම එන්නේ එක ලයින් එකට...ඉස්සරහින්ම එන්නේ කකුල කාපු එකා (මොකද ඌ තමයි පාර දන්නේ...)
එන ගමන් අනිවා...ඌ අනිත් සෙටි එකට thousand ටෝක්ස් දෙනවා කෑම ගැන.....
ඊට පස්සේ කරන්න තියෙන්නේ උන් ලන් වෙනකන් ඉදලා...අර දාපු කෑම ටික ශේප් එකේ අයින් කරන එක....
කට්ටියම ෆුල් ‍හෝප්ස් තියාගෙන ආවට අන්තිමට මොන බම්බුවක්වත් නෑ..
පොර ටෝක්ස් දීලා...පට්ට දුරක් 300ක සෙට් එකක් එක්කගෙන ආපු අර කකුල කාපු එකා එතැන් පටන් රැලේ චාටර්ම ඩයල් එක..
කව්රුවත් ඌ කියන ඒවා සත පනහකට ගණන් ගන්නේ නෑ.....හැමවෙලේම බයිට් වේවී චාටර් වෙනවා....



ප.ලි. :

මේක හසියගේ හොදම යාළුවෙක් දුන්න ලිපියක තිබුණේ...ඉතිං හිතුනා අපේ කෂ්ටියත් එක්ක මේක බෙදාගන්න...

හැබැයි ඉතිං කූඹියෙක් කෑවයි කියලා ඔය වැඩේ කරන්න යන්න එපා...මොකද වෛරයෙන් වෛරය නොසනිසිදේ කියලා කෂ්ටිය දන්නවා ඇතිනේ..අනිත් එක කූඹියා කකුල කන්නේ උගේ ආරක්ෂාවට.සමහරවිට ආහාරයක් බවට පත්කරගන්නත් වෙන්න පුළුහන්.

කූඹි වගේම පොඩි ‍පොඩි කෘමීන්ගේ වැඩ කිඩ ජීවිතය ගැන දැනගන්න ආසා කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ ඇනිමේෂන් ෆිල්ම්ස් ටික අනිවා බලන්න‍‍...

Fly Me to the Moon (2008)
Bee Movie (2007)
The Ant Bully (2006)
A Bug's Life (1998)
Antz (1998)

කූඹියෙක් කනකොට පොඩ්ඩක් ඉවසන් ඉන්න.එතකොට අනිත් අයටත් මේ වගේම වේදනාවක් දැනෙනවා ඇති කියලවත් අපිට තෙරෙයිනේ.‍අනිත් එක පුංචිම පුංචි සතෙක් භය නැතිව ඒවගේ වීරකමක් කලානම් අපිට මොනවගේ දෙවල් අපේ හැකියාවෙන් කරන්න පුළුහන්ද කියලත් පොඩ්ඩක් හිතලා බලන්න.හැබැයි ඉතිං ඒ කරනදේ සමාජයටත් තමන්ටත් යහපත් වැඩදායී දෙයක් වෙන්න ඕනි...ඒතකොට තමයි සැබෑ වීරත්වය පිළිබිඹු වෙන්නේ...


ඕන් කිව්වා මේන් වාෂ්ප වුනා.....

ඒස්වඃ පුඃ







.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

33 comments:

හසි අයියේ තාම හිනා අප්පා ඔයාගේ කතාවට. එතකොට ඌ රැලෙ චාටර්ම කූඹියා. නරක නෑ අදහස, කරලා බලන්න ඕනේ. මේ ඔය තියරිය පත්තෑයෝ, කූඩැල්ලෝ වගේ එවුන්ට හරි යන්නේ නෑ නේද?

November 17, 2010 at 8:54 AM  

හික්ස් මරු කථාව.... :q :q :q :p

November 17, 2010 at 9:00 AM  

මේක මම දවස් කීපයකට කලින් මූණු පොතේ තියනව දැක්කා. කවුරු හදුවා වුනත් මරුම කතාව ලොල් :b

November 17, 2010 at 9:04 AM  

මේක අර Sri Lanka Force - Animation එක හදපු පුබුදු , මුදිත දෙන්නගෙන් මුදිත ලියපු එකක්.

November 17, 2010 at 9:21 AM  

@prasanna86k
හෆ්ෆේ කොල්ලෝ මේ මගේ කතාවක් නෙවේ.... :n
මේක මට දුන්නෙත් යාළුවෙක්.... :d
කරලම තමයි බලන්න වෙන්නේ උන්ටත් හරියනවද කියලා.....:r

November 17, 2010 at 9:23 AM  

@හසී
හා හා ඔහොම හිනාවෙලා පනයයි..... :p :p :p

November 17, 2010 at 9:24 AM  

@පූසා
අහ් එහෙමද....ඔව් මොනාවුනත් පට්ට කතාව.... :q

November 17, 2010 at 9:24 AM  

@තර්ඩ් මෑන් (SIDATH)
ආහා....එහෙමද....තැන්කූ සහෝ ලියපු කෙනා කිවට...ඇත්තටම ලස්සනයි...හිනාකාලා මැරෙන හන්ද තමයි මමත් දැම්මේ....
මටත් මේක යාළුවෙක් දුන්නේ.....
ස්තූතියි සහෝ....

November 17, 2010 at 9:28 AM  

ඇත්තටම ම0 ඒ කථාවට ආසයි...

November 17, 2010 at 9:36 AM  

හි..හි.. හසි අයියේ.. මම ඔයාගේ posts හැමදම කියෙව්වා.. ලියන්න කොම්මෙන්ට් එකක් කල්පනාවට ආවේ නැති නිසා වාෂ්ප වුණා... :n
මේ කතාව නම් එළ.. ඊට වඩා ඔයා පහලින් ලියලා තියෙන "දැක්ම" එළ.. ඇත්තමයි හිතට ගන්න පුලුවන් දෙයක් ඒ විදිහට ලියලා තියනවා...

November 17, 2010 at 9:41 AM  

නියමයි සහෝ! පණ යන්න හිනා යනවා.හික් හික්!!

November 17, 2010 at 9:59 AM  

මේවට තමයි දරුවනේ කියන්නේ මානසික අල්ලස් කියල.....

කළු කූඹියෝ පේලියයි
තෙල් කූඹියෝ පේලියයි

කියන කවිය 2 පන්තියේදි ඉගෙන ගත්ත දවසෙ ඉදල මම නම් කූඹීන්ට ආදරෙයි ...

November 17, 2010 at 10:08 AM  

කොහොමද මුලින් එන එකා කකුල කාපු එකාමද කියල දැනගන්නෙ.

November 17, 2010 at 10:22 AM  

ෆනී කතාවක්.හැබැයි අවසානයේ ලියපු කතාවේ මෝරල් එක වටිනවා සෑහෙන්න.

November 17, 2010 at 10:24 AM  

@ප්‍රාර්ථනා
හැබෑද...ඒ කියන්නේ මගේ ලිපිවල කිසි අර්ථයක් නැතිද? අඩු පාඩු කියලා දුන්නනම් හොද නැතොයි නංගියෝ....
ලියපු කෙනාගේ හොද තමයි.දැන් තමයි මාත් දැනගත්තේ කෙනා කවුද කියලා.මිනිහා කොහොමත් වැඩ්ඩෙක් තමා‍‍....

ඒ වුනාට අපේ මිනිස්සු හිතට ගන්නේ නැත්තෙම ඕකනේ....

November 17, 2010 at 10:42 AM  

@blog gadol
හිනාවුනාට කමක් නෑ...පණ යවාගන්න එපා...කවුද එතකොට බ්ලොග් ගඩොල් වලට ලිපි දාන්නේ....

November 17, 2010 at 10:44 AM  

@wath
හැබෑව හැබෑව....
හම්...මාත් ආසයි උන්ට....ඉස්සර මාත් උන්ට කෑම දාල තියේ...දැන් දාන්න ගියොත් ගෙදර අය හිතයි මට පිස්සු කියලා...

November 17, 2010 at 10:45 AM  

@Praසන්ன
පාර හරියටම දන්නේ ඌනේ...අනිත් එක ඔය වගේ වෙලාවට නඩෙන් හොද ක්‍රෙඩිට්ස් ටිකක් ගන්න පුළුහන්නේ....ඉතිං අනිවා ඌ එන්නේ ඉස්සෙල්ලම තමයි පොර වගේ....

November 17, 2010 at 10:49 AM  

@Naදී
හැබෑව හැබෑව....
තැන්කූ අක්කියෝ.....

November 17, 2010 at 10:54 AM  

අඩේ කූඹියාට එච්චර බලු වැඩක් කරන්න හොඳ නෑ.
ඌට හතර විලි ලැජ්ජාව. ඒ කූඹියාගේ අනාගතයම ඉවරයිනේ ! කිසිම දවසක ආයේ සමාජයට මුහුනදෙන්න බැරිව යනවා ! එහෙම කරන්න එපා

පට්ට කතාව එල !

ජයවේවා !!

November 17, 2010 at 1:57 PM  

එළ පොස්ට් එක..

කකුල් දෙක හොදල පිරිසිදුවට තියා ගනින් එතකොට කූඹි එක ලෙවකන්න ඇවිත් කලබල වෙලා හපල දුවන්නෙ නැ..ඊට පස්සෙ චාටර් එක ඉවසන්න බැරි තැන කූඹියා සිය දිවි හානි කර ගන්න ලදී කියල මට තණකොළ පෙත්තෙක් කිව්ව,,.....

November 17, 2010 at 9:40 PM  

අළුත් අළුත් දෑ නොසිතන ජාතිය ලොව නොනඟී කිව්වලුනේ.

November 20, 2010 at 12:15 PM  

@හිස් අහස
හ්ම්ම්ම්ම් ඔව් නේද ඒකත් ඇත්ත තමා....

හේ හේ තැන්කූ හොදේ...

ඔබටත් ජය වේවා...!!!

November 20, 2010 at 7:31 PM  

@පැන්da
හැබෑට...ඒ කවද්ද පැන්ඩෝ අවසාන කටයුතු..? ගියේ නැත්නම් හරි නෑ වගේනේ....
:s

November 20, 2010 at 7:33 PM  

@Hasitha
සහතික ඇත්ත මගේ මලයෝ....
:t

November 20, 2010 at 7:34 PM  

ඕන්න සමනලී දැනුයි මේක දැක්කේ... හී හී හරිම ෂෝයිනේ අනේ ඒක.. සමනලීත් වෙලාවක ඕක කරලා බලන්න ඕනා. :e අයිතාකාරයාටත් කියන්නම්. මොකද එයා කූඹින්ට වැඩිය ආසා නෑ... :d

November 21, 2010 at 2:22 PM  

@punchisamanalee
පව්නේ අප්පා ඉතිං කුඹියා...සමනල සමනලියෝ හරිම අහිංසකයි කියලයි මන් හිතන් උන්නේ...හැබෑටම ඇයි ඔච්චර නපුරු....? :j

November 21, 2010 at 9:52 PM  

හසියෝ...උබනම් නියම පොරක්..මම අද මේ බ්ලොග් එක දෑක්කෙ අහම්බෙන්...මාරම මාර අදහස් තියෙන පොරක් උබනම්.අද සමජෙට ඔන මරන්නේ මේ වගෙ කොල්ලො තමඉ.. :e
මේ කතාවෙන් නියම පනිවිඩයක් අපේ කස්ටියට දෙන්නේ..එල එල.

February 9, 2011 at 3:22 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails