෴ ඒකක පරිවර්තනය තාමත් අවුල්ද? ෴



ඔන්න අද හසියා දෙන්න හදන්නේ ඔය ඉස්කොලේ එහෙම නොගිහින් ඉදලා ඒ කිව්වේ මේ ඉස්කෝලේ යන්නේ නැතිව කැලේ පැනලා හිටපු අයට වැදගත් වෙන දෙයක්....(මොකෝ ඔහොම හසියා දිහා බලන්නේ කෂ්ටිය....හිතුවද හසියත් කට්ටි පැන්නා කියලා.මෙන්න හසියා ඉස්කෝලේ ගිහින් කරපු වැඩ..දැක්කේ නැතිනම් ගිහින් බලන එකයි ඇත්තේ ඕන්...."෴ අනාගත බලාපොරොත්තුව ෴","෴ ඔළුවට පීල්ල අල්ලලා. නෑ..නෑ.. පීල්ලට ඔළුව අල්ලලා ෴") අපෝ දවස් දෙකද ඉස්කෝලේ ගියේ කියලා කියන්න එන්න එපා ඕන්....තාම හරියට කියන්න කොරන්න හම්බවුණේ නෑනේ...

හරි හරි දැන් පම්පෝරි ගහලා දෙන්න හදන්නෙ මොකක්ද කියලා දන්නවද කෂ්ටිය? කෂ්ටියට ඒකක පරිවර්තනයට කියාපු සොෆ්ට්වෙයාර් කෑල්ලක්...(ඉතිං ආයෙත් කෑල්ලක් ගැන කියනවා....
) දැන් කෂ්ටිය අහන්න එපා ඇයි ඉස්කොලේ ගිය අයට මේක නරකද කියලා.නෑ නෑ කිසි ගින්නක් නැතිව ඕනි කෙනෙක්ට මේකෙන් වැඩ ගන්න පුළුහන් ඇති තරම්...

සොෆ්ට්වෙයාර් කෑල්ලේ නම තමයි "Das Unit Converter".
මොකක් දාසට එච්චර වැඩකුත් පුළුහන්ද? නෑ නෑ ඒක මේ සොෆ්ට්වෙයාර් එකේ නම විතරයි අනේ.මේකේ තියෙනවා ඒකක කැටගරීස් අසුවකටත් වැඩි ප්‍රමාණයක්.ඊටත් වඩා මේකේ අපි නොහිතන ඒත් අපිට වැදගත් පුංචි පුංචි ගැජට් ටිකකුත් තියේ.ඒ කිවවේ දැන් හදිස්සියේ ඒකක පරිවර්තනයකදි එකතු කිරීමක් අඩු කරිමක් කරන්න ඕනි වුනා කියමුකෝ.ඉතිං ඕකට කැල් එක තියෙන්නේ කෙම්පුටරේම.ඇත්ත තියෙනවා තමා ඒත් ඉතිං ඕක ගන්න ටයිප් කරන්න එහෙම වෙනවනේ‍.ඒත් මේකේ තියෙන එක බටොන් එකකින් අපේ කෙම්පුටරේ තියනෙ කැල් එක ඉක්මණට වගේම පහසුවෙන් ගන්න පුළුහන්.තව අපි හිතමුකෝ අපිට හදිස්සියේ දෙයක් සටහන් කොරගන්න ඕනි වුනා කියලා.හොයපන්කෝ කොල පෑන් පැන්සල්....එහෙම නැතිනම් ඉතිං නෝට්පෑඩ්...ඒකත් ඉතිං පොඩ්ඩක් ගන්න කරදරයි නෙවැ.ඒකටත් තියේ ඔන්න පුංචි ගැජට් එකක්.

ඔය වගේ තවත් ගොඩක් වැදගත් වෙන දේවල් මේ සොෆ්ට්වෙයාර් එකේ ෆීචර්ස් විදිහට තියෙනවා.ඉතිං ඔන්න කෂ්ටිය බාගෙන බලන්නකෝ...හසියා ඔන්න කෂ්ටියට මේ සොෆ්ට්වෙයාර් කෑල්ලේ පොර්ටබල් එකත් දාලා තියේ...
කැමති එකක් බැරි නම් දෙකම වුනත් බාගෙන බලන්න.ඔන්න ඉතිං ඊට පස්සේ ඒකක පරිවර්තන අවුල් කරන් දගලන්න එපා හො‍දේ....


~Das Unit Convertor V-6.25~
(Mediafire Link / 5MB)

~Das Unit Convertor V-6.25 (Portable)~
(Mediafire Link / 8.5MB)


කොහොමද අද දුන්න සොෆ්ට්වෙයාර් කෑල්ල? ඕන්න ඉතිං බාගෙන බලලා අදහසක් දාලා යන්න අමතක කොරන්න එපා ඕන්....



එහෙනම් ඔන්න අදත් හසියා වාෂ්ප වෙන්නයි යන්නේ....කට්ටිය වැඳගත්තනම්....


ඕන් කෂ්ටියගේ ජර මර ලටපට නඩුහඹ මදිවට ගුටිකෙලි තරහමරහා පරණකෝන්තර තුෂ්ණින් භුත්....

ඒස්වඃ පුඃ







.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

7 comments:

හසියටයි දාසටයි දෙන්නටම තැන්කූ කරන්න වටිනව මේකට.

November 29, 2010 at 8:57 AM  

අයියා මමත් මේකෙන් වැඩ කොරනවා, සිරා භාන්ඩේ...

November 29, 2010 at 9:04 AM  

වැඩේ හොඳයි..කොල්ලා science ද මන්දා කරේ........

November 29, 2010 at 10:09 AM  

ඕවා ටිකක් කලින් දුන්නනම්...... දැන් මොනවා කන්වර්ට් කොලන්නෙයි මම....... :k :k

November 29, 2010 at 1:21 PM  

ස්තුතියි මලයො...

November 29, 2010 at 3:13 PM  

මේක ගැන ඇහුවෙත් අද .. අරං බලමු හසියනේ දෙන්නේ !

ඔන්න තෑන්කුයි කීවා ..

. ජයවේවා !!

November 30, 2010 at 1:28 AM  

හසි අයියා ගාවත් තියෙන ජාති තමා ජාති

November 30, 2010 at 9:59 AM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails